Department of Fisheries & Aquatic Resources , Sri Lanka

Department of Fisheries & Aquatic Resources , Sri Lanka Responsible fisheries industry in compliance with international conventions, laws and rules.

30/03/2026
30/03/2026
මඩකලපුව දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන්. ශ්‍රීරංජන් මහතාගේ ප්‍රධානත්වයෙන් නීති ආධාර කො...
29/03/2026

මඩකලපුව දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන්. ශ්‍රීරංජන් මහතාගේ ප්‍රධානත්වයෙන් නීති ආධාර කොමිෂන් සභාවේ භාර නිලධාරී සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මඩකලපුව ප්‍රාදේශීය නීති ආධාර කොමිෂන් සභාව විසින් ධීවරයින් සඳහා ධීවර නීතිය සහ සාමාන්‍ය නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ධීවරයින් 60 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

மட்டக்களப்பு பிராந்திய சட்ட உதவி ஆணைக்குழுவின் ஏற்பாட்டில் மீனவர்களுக்கான கடற்றொழில் சட்டம் சம்பந்தமானவும் பொதுச் சட்டம் சம்பந்தமான விழிப்புணர்வு செயலமர்வு மட்டக்களப்பு மாவட்ட கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தில் உதவிப்பணிப்பாளர் திரு. N. ஶ்ரீரஞ்சன் தலைமையில் சட்ட உதவி ஆணைக்குழு பொறுப்பதிகாரி , உத்தியோகத்தர் பங்கேற்புடன் இடம்பெற்றது.
இந்நிகழ்வில் 60 ற்கும் மேற்பட்ட மீனவர்கள் கலந்து கொண்டனர்.

*සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ...
27/03/2026

*සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි*

චීන මහජන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව, මාර්තු 25 සිට 27 දක්වා බීජිං නුවර පැවැති ‘ZGC 2026 Forum Annual Conference’ ජාත්‍යන්තර සමුළුවට ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහභාගී විය. ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුව AI තාක්ෂණය සහ සමුද්‍රීය පාරිසරික සංරක්ෂණය යන තේමාවන් යටතේ සංවිධානය කර තිබිණි.

මෙහිදී සමාරම්භක දේශනය පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කළේ, ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය සාගරය මත බෙහෙවින් රඳා පවතින බවයි. එබැවින් සාගර කළමනාකරණය සඳහා චීනය වැනි දියුණු රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව එතුමා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම විද්‍යාත්මක දත්ත මත පදනම් වූ සාගර ප්‍රතිපත්ති සැකසීම, නවීන ධීවර යාත්‍රා තාක්ෂණය හඳුන්වා දීම, චන්ද්‍රිකා තාක්ෂණය මගින් සාගර සම්පත් නිරීක්ෂණය සහ ගැඹුරු මුහුදු ගවේෂණ කටයුතු සඳහා චීනයේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. දේශගුණික විපර්යාස හමුවේ සාගර සම්පත් තිරසාර ලෙස පරිහරණය කිරීමට දෙරටේ පර්යේෂණ ආයතන අතර ශිෂ්‍ය හා තාක්ෂණික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.කේ. ජයන්ත මහතා සහ නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා ද සහභාගී වූ අතර, ඔවුහු ද සමුළුව අමතමින් සිය අදහස් ඉදිරිපත් කළහ.
*கடல்சார் தொழில்நுட்பப் பரிமாற்றம் மற்றும் நிலையான கடல் அபிவிருத்திக்காக இலங்கைக்கும் சீனாவுக்கும் இடையிலான ஒத்துழைப்பை வலுப்படுத்த நடவடிக்கை - பிரதி அமைச்சர் ரத்ன கமகே*

சீன மக்கள் குடியரசின் அறிவியல் மற்றும் தொழில்நுட்ப அமைச்சின் அழைப்பிற்கு இணங்க, மார்ச் 25 முதல் 27 வரை பெய்ஜிங்கில் நடைபெற்ற ‘ZGC 2026 Forum Annual Conference’ சர்வதேச மாநாட்டில் கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் பிரதி அமைச்சர் ரத்ன கமகே கலந்துகொண்டார். அவுஸ்திரேலியா மற்றும் ஜேர்மனி உள்ளிட்ட பல நாடுகளின் பிரதிநிதிகள் பங்கேற்ற இம்மாநாடு, செயற்கை நுண்ணறிவு (AI) தொழில்நுட்பம் மற்றும் கடல்சார் சுற்றுச்சூழல் பாதுகாப்பு ஆகிய விசேட தலைப்புகளின் கீழ் ஏற்பாடு செய்யப்பட்டிருந்தது.

இங்கு ஆரம்ப உரையை நிகழ்த்திய பிரதி அமைச்சர் ரத்ன கமகே, இந்தியப் பெருங்கடலில் மூலோபாய முக்கியத்துவம் வாய்ந்த அமைவிடத்தைக் கொண்டுள்ள ஒரு தீவு நாடாக இலங்கை விளங்குவதால், நாட்டின் உணவுப் பாதுகாப்பு மற்றும் பொருளாதார மேம்பாடு ஆகியன சமுத்திர வளங்களையே பிரதான ஆதாரமாகக் கொண்டுள்ளதாக அவர் இதன்போது வலியுறுத்தினார். எனவே, கடல் வள முகாமைத்துவத்திற்காக சீனா போன்ற தொழில்நுட்பத்தில் முன்னேறிய நாடுகளுடன் சர்வதேச ரீதியாக இணைந்து செயற்படுவது காலத்தின் கட்டாயமாகும் என அவர் சுட்டிக்காட்டினார்.

குறிப்பாக, அறிவியல் தரவுகளின் அடிப்படையிலான கடல்சார் கொள்கைகளை வகுத்தல், நவீன மீன்பிடிக் கலன் தொழில்நுட்பங்களை அறிமுகப்படுத்துதல், செய்மதித் தொழில்நுட்பம் மூலம் கடல் வளங்களைக் கண்காணித்தல் மற்றும் ஆழ்கடல் ஆய்வுகளுக்கு சீனாவின் ஒத்துழைப்பை இலங்கை எதிர்பார்ப்பதாக அவர் குறிப்பிட்டார். காலநிலை மாற்றங்களுக்கு மத்தியில் கடல் வளங்களை நிலையான முறையில் பயன்படுத்துவதற்கு இரு நாட்டு ஆய்வு நிறுவனங்களுக்கு இடையே மாணவர் மற்றும் தொழில்நுட்பப் பரிமாற்றத் திட்டங்களை வலுப்படுத்துவதன் முக்கியத்துவத்தையும் அவர் விரிவாக விளக்கினார்.
இந்த உத்தியோகபூர்வ பயணத்தில் இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தி கலந்துகொண்ட ருகுணு பல்கலைக்கழகத்தின் துணைவேந்தர் பேராசிரியர் பி.கே. ஜயந்த மற்றும் நாரா (NARA) நிறுவனத்தின் தலைவர் பேராசிரியர் சனத் ஹெட்டியாரச்சி ஆகியோரும் மாநாட்டில் உரையாற்றி தமது கருத்துக்களைப் பகிர்ந்து கொண்டனர்.

*දස වසරකට ආසන්න කාලයකට පසු ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු පිරවෙයි: නව නිලධාරීන් 10 දෙනෙකුට අමාත්‍ය රාමලිං...
24/03/2026

*දස වසරකට ආසන්න කාලයකට පසු ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු පිරවෙයි: නව නිලධාරීන් 10 දෙනෙකුට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් පත්වීම් පිරිනැමේ*

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පවතින සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු සම්පූර්ණ කරමින්, අභිනවයෙන් බඳවා ගත් නිලධාරීන් 10 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි.

විවෘත ධාරාව යටතේ නිලධාරීන් දෙදෙනෙකු සහ සීමිත ධාරාව යටතේ නිලධාරීන් අට දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පිහිටවූ බඳවා ගැනීම් අනුමත කිරීමේ කමිටුවේ විශේෂ අනුමැතිය මත, විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ තරඟ විභාගයකින් මෙම පිරිස තෝරාගෙන ඇත.

මෙහිදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කළ විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ:
"දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුණු පරිපාලනමය බාධාවන් ඉවත් කරමින් ඔබ අද නීත්‍යනුකූල බලතල සහිතව රාජකාරි අරඹනවා. අපි රාජ්‍ය නිලධාරීන්ගෙන් රජය අපේක්ෂා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති උපරිම කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා ඔබගෙන් අපි අපේක්ෂා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දීමයි."

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වංචාව සහ දූෂණය පිටුදැකීමේ අවශ්‍යතාව මෙන්ම මහජන සේවයේ වගකීම මෙසේ අවධාරණය කළේය:
"වංචාව සහ දූෂණය යනු ජාතියක් විනාශ කරන පිළිකාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අතිරික්ත වරප්‍රසාද සහ වැටුප් පවා ප්‍රතික්ෂේප කරමින් වත්මන් රජය පූර්වාදර්ශ සපයන බවත්, එම පවිත්‍ර දේශපාලන සංස්කෘතිය රාජ්‍ය පාලන යන්ත්‍රණය තුළ ස්ථාපිත කිරීමේ වගකීම නව නිලධාරීන් සතු බවත් පැවසීය. විශේෂයෙන්ම ‘Ditwa’ වැනි ස්වභාවික ව්‍යසනයන් සහ ගෝලීය අභියෝග හමුවේ පීඩාවට පත් ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීමේ වගකීම අවධාරණය කළ අමාත්‍යවරයා, අමාත්‍යාංශය තුළ කිසිදු වංචාවකට හෝ දූෂණයකට ඉඩ නොතබා පිරිසිදු රාජ්‍ය සේවාවක් ලබාදීමට අදිටන් කරගත යුතු බවද පැවසීය."

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

*பத்தாண்டுகளுக்குப் பின்னர் கடற்றொழில் திணைக்களத்தின் உதவிப் பணிப்பாளர் வெற்றிடங்கள் நிரப்பப்பட்டன: 10 புதிய அதிகாரிகளுக்கு அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் நியமனக் கடிதங்களை வழங்கினார்*

கடற்றொழில் மற்றும் நீரியல் வளத் திணைக்களத்தில் சுமார் பத்தாண்டுகளாக நிலவி வந்த உதவிப் பணிப்பாளர் வெற்றிடங்களை நிரப்பும் வகையில், புதிதாக ஆட்சேர்ப்பு செய்யப்பட்ட 10 அதிகாரிகளுக்கான நியமனக் கடிதங்களை வழங்கும் நிகழ்வு கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் அவர்களின் தலைமையில் நேற்று (24) அமைச்சகத்தில் நடைபெற்றது.

திறந்த மட்டத்தின் (Open Stream) கீழ் இரு அதிகாரிகளும், வரையறுக்கப்பட்ட மட்டத்தின் (Limited Stream) கீழ் எட்டு அதிகாரிகளும் இவ்வாறு நியமனங்களைப் பெற்றுக்கொண்டனர். தற்போதைய அரசாங்கம் பதவியேற்றதன் பின்னர், பிரதமர் அலுவலகத்தின் கீழ் நிறுவப்பட்ட ஆட்சேர்ப்பு அனுமதி வழங்கும் குழுவின் விசேட அனுமதியின் பேரில், பரீட்சைத் திணைக்களத்தினால் நடத்தப்பட்ட போட்டிப் பரீட்சையின் பெறுபேறுகளின் அடிப்படையிலேயே இவர்கள் தெரிவு செய்யப்பட்டுள்ளனர்.

இந்நிகழ்வில் உரையாற்றிய அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் அவர்கள் ஆற்றிய விசேட உரை வருமாறு:
"சுமார் பத்து ஆண்டுகளாக நிலவிய நிர்வாக ரீதியான தடைகளை நீக்கி, இன்று நீங்கள் சட்டபூர்வமான அதிகாரங்களுடன் உங்களது கடமைகளை ஆரம்பிக்கிறீர்கள். அரசாங்கத்தின் கொள்கைகளை மிக வினைத்திறனாக அமுல்படுத்துவதையே நாம் அரச அதிகாரிகளிடமிருந்து எதிர்பார்க்கிறோம். எனவே, அரசாங்கத்தின் இலக்குகளை அடைந்துகொள்வதற்கு அரச கொள்கைகளைச் சரியாக நடைமுறைப்படுத்தி உங்களது முழுமையான ஒத்துழைப்பை வழங்குமாறு எதிர்பார்க்கிறேன்."

மோசடி மற்றும் ஊழலை ஒழிப்பதன் அவசியத்தை வலியுறுத்தி அமைச்சர் மேலும் கருத்து தெரிவிக்கையில்:
"மோசடி மற்றும் ஊழல் என்பது ஒரு தேசத்தை அழிக்கும் கொடிய புற்றுநோய் எனச் சுட்டிக்காட்டிய அமைச்சர், மேலதிக சலுகைகள் மற்றும் சம்பளங்களைக் கூட நிராகரித்து தற்போதைய அரசாங்கம் ஒரு முன்மாதிரியான அரசியல் கலாசாரத்தை அரச நிர்வாகக் கட்டமைப்பிற்குள் நிலைநாட்டி வருவதாகவும், அந்தத் தூய்மையான சேவையை முன்னெடுத்துச் செல்லும் பொறுப்பு புதிய அதிகாரிகளுக்கு இருப்பதாகவும் தெரிவித்தார். குறிப்பாக ‘Ditwa’ போன்ற இயற்கை அனர்த்தங்கள் மற்றும் உலகளாவிய சவால்களுக்கு மத்தியில் பாதிக்கப்பட்டுள்ள கடற்றொழில் சமூகத்தைப் பாதுகாக்கும் பொறுப்பை வலியுறுத்திய அவர், அமைச்சிற்குள் எந்தவொரு மோசடிக்கோ அல்லது ஊழலுக்கோ இடமளிக்காமல் தூய்மையான அரச சேவையை வழங்குவதற்கு உறுதிபூணுமாறும் அறிவுறுத்தினார்."

இந்நிகழ்வில் கடற்றொழில் மற்றும் நீரியல் வளத் திணைக்களத்தின் பணிப்பாளர் நாயகம் சுசந்த கஹவத்த உள்ளிட்ட அமைச்சின் உயர் அதிகாரிகள் பலரும் கலந்துகொண்டனர்.

It was a pleasure to welcome representatives from the Australian High Commission and Australian Border Force to Sri Lank...
21/03/2026

It was a pleasure to welcome representatives from the Australian High Commission and Australian Border Force to Sri Lanka VMS facility.

Mr. Paul Edwards (First Secretary, Australian Border Force) and Ms. Sharini McEwen (First Secretary – Maritime Security) visited to observe the operations and functionality of the Vessel Monitoring System (VMS), a project funded by the Australian Government.

The visit was attended by Director General Mr. Susantha Kahawaththa (DFAR), Assistant Director – IT (VMS Unit) T. P. Nawagamuwa, along with Monitoring Officers and VMS Unit staff. The discussion provided valuable insights into system performance, operational effectiveness, and opportunities for further strengthening maritime monitoring capabilities.

We sincerely appreciate the continued support of the Australian Government towards enhancing Sri Lanka’s fisheries monitoring and maritime security systems.

*ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට විධිමත් වැඩපිළිවෙළක්*ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ ...
18/03/2026

*ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට විධිමත් වැඩපිළිවෙළක්*

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ අනුව, පවතින තත්ත්වය හමුවේ ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.

ඒ අනුව, බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායන් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර, "යාත්‍රා අධීක්ෂණ පද්ධතිය" (VMS) හරහා අදාළ යාත්‍රාවන්හි ගමන් තොරතුරු තහවුරු කරගනිමින් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය විධිමත්ව කළමනාකරණය කිරීමට පියවර ගැනේ.

එක්දින සහ කුඩා පන්න යාත්‍රා සඳහා මීට පෙර පැවති ක්‍රමවේදයටම ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් හරහා ධීවර නිලධාරීන්ගේ නිර්දේශය මත ඉන්ධන ලබා දීමට තීරණය කර ඇත. දෛනිකව ක්‍රියාත්මක වන මෙවැනි යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින් දින 5කට වරක් ඉන්ධන නිකුත් කෙරේ. ඩෙල්ෆ් දූපත හා බත්තලංගුණ්ඩුව වැනි ප්‍රදේශවල ධීවරයින්ට අවශ්‍ය සහය ලබා දීමටද විශේෂ අවධානය යොමු කර ඇත.

තවද, මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා හා ගොවිපොළවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සමඟ ඇති කරගන්නා ගිවිසුම් ප්‍රකාරව ලබාගත හැකි බව ලේකම්වරයා සඳහන් කළේය. රජයේ පොදු තීරණ අනුව බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස සලකා, අවම සේවක සංඛ්‍යාවක් යටතේ අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ඇත.

*மீனவ சமூகத்தின் எரிபொருள் தேவையை பூர்த்தி செய்ய முறையான வேலைத்திட்டம்*

ஜனாதிபதியின் தலைமையில் நடைபெற்ற கலந்துரையாடலில் எடுக்கப்பட்ட தீர்மானங்களுக்கு அமைய, தற்போதைய சூழ்நிலையில் மீன்பிடித் துறையின் செயற்பாடுகளைத் தடையின்றி முன்னெடுத்துச் செல்வதை உறுதிப்படுத்தும் பொருட்டு புதிய எரிபொருள் முகாமைத்துவத் திட்டமொன்று நடைமுறைப்படுத்தப்படுவதாக கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சின் செயலாளர் கலாநிதி பி.கே. கோலித கமல் ஜினதாச தெரிவித்தார்.

அதன்படி, பலநாள் மீன்பிடிக் கலன்களுக்கு மீன்பிடித் துறைமுகங்கள் ஊடாக எரிபொருள் விநியோகிக்கப்படும் அதேவேளை, "கலன் கண்காணிப்பு முறைமை" (Vessel Monitoring System - VMS) ஊடாக அந்த கலன்களின் பயணத் தகவல்களை உறுதிப்படுத்தி, தேவையான எரிபொருள் அளவை முறையாக நிர்வகிக்க நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது.

ஒருநாள் மற்றும் சிறிய ரக மீன்பிடிப் படகுகளுக்கு முன்னர் காணப்பட்ட நடைமுறைக்கு அமைய, கடற்றொழில் திணைக்களத்தில் பதிவு செய்யப்பட்ட சுமார் 100 எரிபொருள் நிரப்பு நிலையங்கள் ஊடாக கடற்றொழில் அதிகாரிகளின் பரிந்துரையின் கீழ் எரிபொருள் வழங்க தீர்மானிக்கப்பட்டுள்ளது. நாளாந்தம் இயங்கும் இத்தகைய படகுகள் சுமார் 30,000 காணப்படுவதுடன், ஒரு படகுக்கு ஒரு நாளைக்கு 25 லீட்டர் வீதம் 5 நாட்களுக்கு ஒருமுறை எரிபொருள் விநியோகிக்கப்படும். நெடுந்தீவு மற்றும் பத்தலங்குண்டுவ போன்ற தொலைதூரப் பிரதேச மீனவர்களுக்குத் தேவையான உதவிகளை வழங்கவும் விசேட கவனம் செலுத்தப்பட்டுள்ளது.

மேலும், மீன் பதப்படுத்தும் தொழிற்சாலைகள் மற்றும் பண்ணைகளில் உள்ள மின்பிறப்பாக்கிகளுக்கு (Generators) தேவையான எரிபொருளை, இலங்கை கனிம எண்ணெய் கூட்டுத்தாபனத்துடன் (Ceypetco) எட்டப்படும் ஒப்பந்தங்களின் அடிப்படையில் பெற்றுக்கொள்ள முடியும் என செயலாளர் குறிப்பிட்டார். அரசாங்கத்தின் பொதுவான தீர்மானங்களுக்கு அமைய, புதன்கிழமை விடுமுறை தினமாக அறிவிக்கப்பட்டுள்ள நிலையில், குறைந்தபட்ச ஊழியர்களைக் கொண்டு அமைச்சின் அத்தியாவசிய சேவைகள் முன்னெடுக்கப்படும்.

රජයේ නිවාඩු මැදත් ධීවර සේවා අඛණ්ඩව! ඉන්ධන අර්බුදය හේතුවෙන් සෑම බදාදා දිනකම රජයේ නිවාඩු ලබා දුන්නද, මෙරට ධීවර කර්මාන්තයේ ...
18/03/2026

රජයේ නිවාඩු මැදත් ධීවර සේවා අඛණ්ඩව!
ඉන්ධන අර්බුදය හේතුවෙන් සෑම බදාදා දිනකම රජයේ නිවාඩු ලබා දුන්නද, මෙරට ධීවර කර්මාන්තයේ සුරක්ෂිතතාව සහ අඛණ්ඩතාව උදෙසා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සියලුම අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ.
✅ කටුනායක ගුවන් තොටුපළ තත්ත්ව පාලන ඒකකය, සියලුම වරාය කාර්යාල සහ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන සුපුරුදු පරිදි විවෘතයි.
✅ යාත්‍රා නිරීක්ෂණ සහ මත්ස්‍ය අපනයන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම්
✅ නිවාඩු දිනවලදී පවා ධීවර කර්මාන්තයට බාධාවක් නොවී සහය ලබා දීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1234-2026-03-18-07-40-32

*යාපනය බෝට්ටු අනතුර: කඩිනම් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් නියෝග*යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට...
06/03/2026

*යාපනය බෝට්ටු අනතුර: කඩිනම් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් නියෝග*

යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිකුත් කළ ප්‍රධාන උපදෙස් සහ ක්‍රියාමාර්ග මෙසේය:

• ශෝකය පළ කිරීම සහ ආධාර ලබා දීම: අනතුරෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත අමාත්‍යවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

• විධිමත් පරීක්ෂණ: අනතුරට ලක් වූ බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව, මගීන් සංඛ්‍යාව නියමිත සීමාවන් ඉක්මවා තිබුණේද යන්න සහ මුහුදු ගමන් සඳහා වන ආරක්ෂිත ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය කළේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇත.

• ගලවා ගැනීමේ මෙහෙයුම්: මුහුදේ අතරමං වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව, පවතින සියලු සම්පත් භාවිත කරමින් දැඩි කරන ලෙස පොලිසියට සහ නාවික හමුදාවට උපදෙස් දී තිබේ.

• වෛද්‍ය ප්‍රතිකාර: අනතුරෙන් පීඩාවට පත්ව රෝහල්ගත කර සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ගෙන් විමසා බලා ඇති අතර, ඔවුන්ට අවශ්‍ය උපරිම වෛද්‍ය පහසුකම් සපයන ලෙසද දන්වා ඇත.

ජී. ක්‍රිෂාන්තන්
මාධ්‍ය ලේකම්,
ධීවර ,ජලජ හා සාගර සම්පත් ඇමතිතුමාගේ.

*யாழ். படகு விபத்துக்கான முழுமையான காரணங்களை கண்டறிவதற்குரிய அவசர விசாரணை முன்னெடுக்குமாறு கடற்படையினரும், சம்பந்தப்பட்ட அனைத்து தரப்பினர்களுக்கும் பணிப்புரை - அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர்*

யாழ். படகு விபத்துக்கான முழமையான காரணங்களை கண்டறிவதற்குரிய அவசர விசாரணை முன்னெடுக்குமாறு கடற்படையினரும், சம்பந்தப்பட்ட அனைத்து தரப்பினர்களுக்கும் பணிப்புரை விடுக்கப்பட்டுள்ளது.

கடற்றொழில், நீரியல் மற்றும் கடல்வளங்கள் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகரால் இது தொடர்பான அறிவுறுத்தல் விடுக்கப்பட்டுள்ளது.

படகு விபத்தில் உயிரிழந்தவர்களின் குடும்பத்தாருக்கு அமைச்சர் தனது ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்துள்ளார்.

துயரத்தில் இருக்கும் குடும்பங்களுக்கு அரசாங்கம் சார்பில் தேவையான அனைத்து உதவிகளும் வழங்கப்படும் எனவும் அவர் கூறியுள்ளார்.

விபத்துக்குள்ளான படகு பயணத்திற்கு பாதுகாப்பான நிலையில் இருந்ததா, பயணிகளின் எண்ணிக்கை விதிமுறைகளுக்கு உட்பட்டதா, கடல் பயணத்திற்கான பாதுகாப்பு நடைமுறைகள் முறையாக பின்பற்றப்பட்டனவா என்பன குறித்து விரிவாக ஆராய்ந்து அறிக்கை சமர்ப்பிக்குமாறும் அவர் அறிவுறுத்தியுள்ளார்.

இச்சம்பவம் தொடர்பாக யாழ். மாவட்ட கடற்றொழில் திணைக்கள அதிகாரிகளிடமும், பொலிஸார் மற்றும் கடற்படையினருடன் அமைச்சர் அவசர கலந்துரையாடலையும் மேற்கொண்டுள்ளார்.

கடலில் சிக்கியிருக்கக்கூடியவர்களை தேடும் மற்றும் மீட்கும் பணிகளை தீவிரப்படுத்துமாறு அவர் வலியுறுத்தியுள்ளார்.

மேலும், மீட்பு நடவடிக்கைகளில் எந்தவித தாமதமும் ஏற்படாத வகையில் அனைத்து வளங்களையும் பயன்படுத்துமாறும் அதிகாரிகளிடம் கோரிக்கை விடுத்துள்ளார்.

அதேவேளை, பாதிக்கப்பட்ட மக்கள் அனுமதிக்கப்பட்டுள்ள வைத்தியசாலை அதிகாரிகளுடனும் அமைச்சர் தொடர்புகொண்டு அவர்களின் உடல்நிலை குறித்து கேட்டறிந்துள்ளார்.

க.கிஷாந்தன்
ஊடக செயலாளர்
கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சரின்…

*Jaffna Boat Accident: Minister Orders Immediate Investigation*

The Minister of Fisheries, Aquatic and Ocean Resources, Ramaligam Chandrasekar, has instructed authorities to conduct an immediate investigation into the boat accident reported in Jaffna, with the involvement of the Sri Lanka Navy and all relevant agencies, in order to determine the root causes of the incident.

The Minister issued several key directives regarding the accident:

• Condolences and Assistance
The Minister expressed his deepest condolences to the families of those who lost their lives in the tragedy and assured that the government will provide all necessary relief and support to the affected families.

• Comprehensive Investigation
A detailed report has been requested on whether the boat involved in the accident was seaworthy, whether the number of passengers exceeded the permitted limit, and whether proper maritime safety procedures had been followed.

• Rescue Operations
The Minister has instructed the Police and the Sri Lanka Navy to intensify search and rescue operations for those missing at sea, utilizing all available resources without delay.

• Medical Care for the Injured
The Minister has also inquired about the condition of those hospitalized following the accident and has directed health authorities to ensure that the victims receive the best possible medical treatment.

According to reports, the boat capsized shortly after departing from the Gurunagar area in Jaffna while travelling toward Palathivu Island, leaving at least two people dead while several others were rescued and hospitalized.

G. Krishanthan
Media Secretary
Ministry of Fisheries, Aquatic and Ocean Resources

05/03/2026

*ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් නැහැ - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව*

ගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවී තිබෙන යුධමය වාතාවරණය මුල්කරගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.

දැනට බහුදින ධීවර යාත්‍රා 2000ත් 2500ත් අතර ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) සහ ජාත්‍යන්තර මුහුද ඇතුළු ඉන්දියන් සාගරයේ දෛනිකව ධීවර රැකියාවේ නිරතව සිටිති. පවතින තත්ත්වය හේතුවෙන් මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ඒ මහතා තහවුරු කරයි. මෙම යුධමය ක්‍රියාකාරකම් නිශ්චිත ඉලක්ක පදනම් කරගෙන සිදුවන බැවින්, අපගේ ධීවර යාත්‍රාවලට ඉන් සෘජු තර්ජනයක් නොමැති බව දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයයි.

එසේ වුවද, ධීවර යාත්‍රා සහ කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් දැඩිව ඉල්ලා සිටියි:

* සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වීම.
* යුධමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට නොයාම.
* ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිතා කරන සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කිරීම.
* ධීවර රැකියාව නිමවූ වහාම නැවත ගොඩබිමට පැමිණීම.

ඕනෑම හදිසි තත්ත්වයකදී සහාය ලබා ගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගොඩබිම පවතින ගුවන්විදුලි මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතී. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ ක්‍රියාත්මක කරනු ලබන සමුද්‍රීය සෝදිසි සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය (Colombo MRCC) ද පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

Colombo MRCC මධ්‍යස්ථානය සමඟ පහත සඳහන් සංඛ්‍යාත (කිලෝහර්ට්ස් - kHz) ඔස්සේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර මඟින් ධීවරයින්ට සම්බන්ධ විය හැක:
* 6215.00 kHz
* 8291.00 kHz
* 4225.00 kHz

මෙම උපදෙස් තරයේ පිළිපදිමින් වඩාත් සැලකිලිමත්ව සිය වෘත්තියෙහි නිරත වන ලෙස සියලුම බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවර කාර්මිකයින්ගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

*சர்வதேச கடற்பரப்பில் கடற்றொழிலாளர்களின் பாதுகாப்பை உறுதி செய்வதற்கான விசேட வழிகாட்டுதல்கள் - கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம்*

வளைகுடா பகுதி மற்றும் அதனைச் சுற்றியுள்ள பகுதிகளில் ஏற்பட்டுள்ள போர்ச் சூழலை கருத்திற்கொண்டு, சர்வதேச கடற்பரப்பில் தொழிலில் ஈடுபடும் எமது நாட்டின் பலநாள் மீன்பிடிப் படகுகளின் பாதுகாப்புத் தொடர்பில் கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் விசேட கவனம் செலுத்தியுள்ளதாக அதன் பணிப்பாளர் நாயகம் திரு. சுசந்த கஹவத்த தெரிவித்தார்.

தற்போது 2000 முதல் 2500 வரையிலான பல நாள் மீன்பிடிக் கலன்கள், இலங்கைக்குச் சொந்தமான பிரத்தியேக பொருளாதார வலயம் (EEZ) மற்றும் சர்வதேசக் கடற்பரப்பு உள்ளிட்ட இந்தியப் பெருங்கடலில் நாளாந்தம் மீன்பிடி நடவடிக்கைகளில் ஈடுபட்டுள்ளன. தற்போதைய சூழ்நிலை காரணமாக இந்நாட்டின் எந்தவொரு மீன்பிடிக் கலனுக்கும் இதுவரை எவ்வித பாதிப்பும் ஏற்படவில்லை என அவர் உறுதிப்படுத்தினார். இந்த இராணுவ நடவடிக்கைகள் குறிப்பிட்ட இலக்குகளை அடிப்படையாகக் கொண்டு இடம்பெறுவதால், எமது மீன்பிடிக் கலன்களுக்கு அதனால் நேரடி அச்சுறுத்தல் இல்லை என்பதே திணைக்களத்தின் அவதானிப்பாகும்.

அவ்வாறாயினும், மீன்பிடிப் படகுகள் மற்றும் பணியாளர்களின் உச்சபட்ச பாதுகாப்பை உறுதி செய்வதற்காக பின்வரும் பாதுகாப்பு நடவடிக்கைகளைப் பின்பற்றுமாறு கடற்றொழில் சமூகத்தினரிடம் கடுமையாக வலியுறுத்திக் கேட்டுக்கொள்ளப்படுகிறது:

* எப்பொழுதும் பாரம்பரியமாக மீன்பிடியில் ஈடுபடும் கடற்பிரதேசங்களில் மாத்திரம் தொழிலில் ஈடுபடுதல்.
* இராணுவ நடவடிக்கைகளுடன் தொடர்புடையதாக சந்தேகிக்கப்படும் எந்தவொரு படகு அல்லது வேறு ஏதேனும் அந்நிய கப்பல்கள் அல்லது படகுகளின் அருகில் செல்லாதிருத்தல்.
* மீன்பிடித் தொழிலுக்காகச் செல்லும்போதும் திரும்பும்போதும் வழமையாகப் பயன்படுத்தும் பயணப் பாதைகளின் ஊடாக மாத்திரம் பயணித்தல்.
* மீன்பிடித் தொழில் முடிவடைந்தவுடன் உடனடியாக மீண்டும் கரைக்குத் திரும்புதல்.

எந்தவொரு அவசர நிலையிலும் உதவிகளைப் பெற்றுக்கொள்வதற்காக கடற்றொழில் திணைக்களத்தின் படகுகள் கண்காணிப்பு நிலையம் மற்றும் கரையிலுள்ள வானொலி நிலையங்கள் 24 மணிநேரமும் செயற்பாட்டில் உள்ளன. இதற்கு மேலதிகமாக, கொழும்பில் இயங்கும் இலங்கை கடற்படையினரின் கடல்சார் தேடுதல் மற்றும் மீட்பு ஒருங்கிணைப்பு நிலையமும் (Colombo MRCC) 24 மணிநேரமும் செயற்படுகின்றது.

கொழும்பு MRCC நிலையத்துடன் பின்வரும் அலைவரிசைகளின் (கிலோஹர்ட்ஸ் - kHz) ஊடாக வானொலி தகவல் பரிமாற்ற சாதனங்கள் மூலம் மீனவர்கள் தொடர்புகொள்ள முடியும்:
* 6215.00 kHz
* 8291.00 kHz
* 4225.00 kHz

இந்த அறிவுறுத்தல்களைக் கண்டிப்பாகப் பின்பற்றி, மிகவும் அவதானத்துடன் தமது தொழிலில் ஈடுபடுமாறு அனைத்து பலநாள் மீன்பிடிப் படகு உரிமையாளர்களிடமும் கடற்றொழிலாளர்களிடமும் கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் மேலும் கேட்டுக்கொள்கிறது.

💻 Strengthening IT Capacity – Head Office Officers - DFAROn 4th February 2026, the IT Division of the Department of Fish...
04/03/2026

💻 Strengthening IT Capacity – Head Office Officers - DFAR

On 4th February 2026, the IT Division of the Department of Fisheries conducted a specialized IT Training Programme for Head Office Officers with the objective of strengthening their IT knowledge and digital competencies.
This programme was organized to build the IT capacity of Head Office officers, enabling them to effectively utilize departmental digital systems while promoting secure and efficient digital practices within the organization.
The training covered several key areas, including:
🔹 Enhancing practical IT knowledge for day-to-day administrative and operational tasks
🔹 Strengthening cybersecurity awareness and understanding of emerging cyber threats
🔹 Improving the effective utilization of departmental digital platforms and systems
🔹 Promoting responsible handling and protection of institutional data
As public sector operations continue to evolve through digital transformation, strengthening the technological capabilities of officers at the Head Office level is essential to ensure efficient governance, improved service delivery, and strong cybersecurity practices.
This initiative reflects the Department’s ongoing commitment to capacity building, digital transformation, and fostering a strong cybersecurity culture within the fisheries administration.

Address

New Secretariat Building
Maligawatta
1000

Opening Hours

Monday 08:00 - 04:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 04:00
Thursday 08:00 - 04:00
Friday 08:00 - 04:00

Alerts

Be the first to know and let us send you an email when Department of Fisheries & Aquatic Resources , Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Fisheries & Aquatic Resources , Sri Lanka:

Share