Sri Yasodara Maha Vidyalaya

Sri Yasodara Maha Vidyalaya Sri Yasodara Maha Vidyalaya, Malabe An Overview about Yasodara M.V

Sri Yasodara Maha Vidyalaya is located near Malabe town in Sri Jayawardanapura Zone.

It belongs to Kaduwela Division. As per the Education Ministry classification Y.M.V. is 1C category school. Ther are classes from Grade 1 upto Grade 13. It has Advance Level streams in Commerce and Arts. As at 2012, Y.M.V. has over 750 students and 40 teachers.The Principal manages the entire school with assistace from the one deputy principal and 1 Assistant Principal. Facility of Y.M.V.are with

a computer laboratory,2 science laboratories and also seperate rooms for each and every Aeasthetic subjects and sports. Aiming at the vision the Principal and the staff guide the pupils to be perfect citizens and produce virtous people to the wor

30/05/2026

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!

26/05/2026

අද පැවැත්වුණු සීල සමාදාන වැඩසටහන

අද පැවැති කලාප මට්ටමේ නර්තන තරගාවලියෙන් අප විද්‍යාලයේ දූ දරුවන් කණඩායම් තරග 2ක් හා  ඒකල බෙර වාදනයක ප්‍රථම ස්ථානය අත්කරගෙ...
23/05/2026

අද පැවැති කලාප මට්ටමේ නර්තන තරගාවලියෙන් අප විද්‍යාලයේ දූ දරුවන් කණඩායම් තරග 2ක් හා ඒකල බෙර වාදනයක ප්‍රථම ස්ථානය අත්කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු! 🥳🥇
තරග වැදුනු සියලුම දූ දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 👏❤️
මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ නිශාන්ති අරෝෂණී ගුරු මහත්මිය, ගංගා ගුරු මහත්මිය,පංච මධුරි ගුරු මහත්මිය,රුමේෂා ගුරු මහත්මිය ඇතුලු සහාය වූ ගුරුභවතුන් සැමටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.💐💐💐
එමෙන්ම දරුවන්ට සෙවනැල්ලක් වූ සියලුම දෙමාපියන්ටද විද්‍යාලයේ හෘදයාංගම ස්තූතිය! 💐

22/05/2026

ඊයේ දිනයේදී අප පාසලට ලැබුණු පරිත්‍යාගය.මේ වෙනුවෙන් දායක වූ සැමට විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය පුද කරමු…💐💐💐

මාස දෙකක් එක දිගට, එකම එක දවසක්වත් නිවාඩු නොගෙන පාසල් එනවා කියන්නේ පුංචි දරුවෙකුට මොන තරම් ලොකු අභියෝගයක්ද? කැස්ස, හෙම්බ...
20/05/2026

මාස දෙකක් එක දිගට, එකම එක දවසක්වත් නිවාඩු නොගෙන පාසල් එනවා කියන්නේ පුංචි දරුවෙකුට මොන තරම් ලොකු අභියෝගයක්ද? කැස්ස, හෙම්බිරිස්සාව වගේ පුංචි අසනීප මඟහැරලා, උදෑසන කම්මැලිකම පරද්දලා අපේ පාසල් උයනේ පුංචි සමනලුන් 25 දෙනෙක් මාස 2ක් පුරා, එකම එක දවසක්වත් මඟ නොහැර, අකුරු සොයා පියඹා ඇවිත් තියෙනවා.ඒක ලේසි පහසු හපන්කමක් නෙවෙයි. ඔවුන් මේ ආවේ හුදෙක් පාසලට විතරක් නෙවෙයි.අපේ ගුරුවරුන් ආදරයෙන් තැනූ ප්‍රියජනක පන්ති කාමරයටයි. ඉතින් මේ පුංචි වීරයන්ව මුළු පාසලක් ඉදිරියේ හිස් මුදුනින් අගය කළ යුතුමයි.❤️💐🥇

ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2026.
07/05/2026

ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2026.

🔅කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මළල ක්‍රීඩා තරගාවලියේ... 🏃🏻🏃🏻‍♀️🟥 ( 16න් පහළ බාලක )✴️දුර පැනීම - තෙවන ස්ථානය ✴️තුන් පිම...
03/05/2026

🔅කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මළල ක්‍රීඩා තරගාවලියේ... 🏃🏻🏃🏻‍♀️

🟥 ( 16න් පහළ බාලක )

✴️දුර පැනීම - තෙවන ස්ථානය

✴️තුන් පිම්ම - තෙවන ස්ථානය

✴️400×4M සහාය තරඟ - දෙවන ස්ථානය

✴️100×4M සහාය තරඟ - තෙවන ස්ථානය

🟪 (14න් පහළ බාලිකා )

✳️100×4M සහාය තරඟ - තෙවන ස්ථානය

ලබා ගැනීමට අප විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු...🏆💐

02/05/2026
මැන්ඩියට  හුරු  කළා එදා පොඩි  පාදඅද ඔවුන්  දිනා ලොව නගයි ජය නාදනිහඬවම  මේ බිත්ති  බලා සිටියාට නින්නාද වී  ඇසේ නැගූ බෙර න...
01/05/2026

මැන්ඩියට හුරු කළා එදා පොඩි පාද
අද ඔවුන් දිනා ලොව නගයි ජය නාද
නිහඬවම මේ බිත්ති බලා සිටියාට
නින්නාද වී ඇසේ නැගූ බෙර නාද

කරලියේ පෑ සරඹ අපේ හද බන්දා
පා ගිගිරි නෙත් කැලුම් මුවේ හස රන්දා
මල් පිපෙන වසන්තය ගෙවී යන හින්දා
ඔබ ඉතින් විරාමය ලබයි අප හැරදා

පෙරහැරක් සිරි බිමක් ලෙස එකලු කරමින්
පරපුරක් අත නොපා රැකෙයි ඔබෙ පහනින්
පතිනි දෙවි රැකවරණ ලැබි ලැබී නිතියෙන්
නිරෝගි සුව ලබා ඉඳිනු මැන සතුටින්..!

ගීතා පනාගොඩ ගුරු මෑණියනි, යසෝදරාව වෙනුවෙන් කළ අමිල මෙහෙයට පුද දෙමු ගුරු ප්‍රණාම මෙලෙසින්…🙏💐❤️

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Yasodara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Yasodara Maha Vidyalaya:

Share