28/02/2023
රටේ තාරුන්‍යය වර්තමානය වන විට යම් දේශපාලන කියවීමක ඇත..ඒ නිසා සක්‍රීයව දේශපාලන යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන තරුණයා ... පාලක පැලැන්තියට මහා හිසරදයකී.
ජල - කදුලු ගෑස් , පහරදීම් එක දිගට වෙඩි වරූසා මෙන් ඇද හැලුණි.
නමුත් තරුණයා නතර නොවීය..
Ballet එක ඉල්ලු තරුණයා ට Bullet දුන්නේ අතීතයේදීය.
තරුණ්‍ය මට්ටු කරනවා යැයි සිතා සිටින "අට වන" ජනාධිපතිවරයා
දැන් Ballet වෙනුවට Bulto දෙන්නට සුදානම් වෙයි
ඒ රටේ ජාතික මැතිවරණයකට මුදල් නොමැති යැයි කියන ලද අවස්ථාවක හදිසියේ රජයට ද මුදල් ලැබී..
සානුකම්පාවක් රටේ තරුණ්‍ය කෙරෙහි ඇති වී..
රැපියල් මිලියන 30 ආසන්න මුදලක් වැය කර..
තරුණ පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට මේ වනවිට ලක ලෑස්ති වෙමින් පවතී..
තරුණ පාර්ලිමේන්තුව යනු රටේ අනාගත තරුණ නායකයින් නායකත්වය සදහා සුදානම කරවීමට ගොඩ නගන ලද සංකල්පයකි.නමුත් එය ඇත්තටම එවැන්නක් නොවේ..නිසි පණතිකින් එය සැදී නොමැත..එය සදහා මුදල් ප්‍රතිපාදන වෙන් වන්නේ නොමැත..හුදෙක් එය මුලිමනින්ම තරුණ සේවා සභාවේ හුදු චක්‍ර ලේකනයක් මත ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්ව ඇත.
මෙවැනි තත්වයක් තුළ 5 තරුණ පාර්ලිමේන්තුව සම්මත කල ,තරුණ පාර්ලිමේන්තුවට නිසි වගකීම් සහිත ව්‍යාවස්ථාපිත ආයතනයක් බවට පත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කර ඇති අවස්ථාවක.
රටේ තරුණයාට පාලන ක්‍රමයට තම අදහස් සන්නිවේදනය කල හැකි නිසි යාන්ත්‍රණයක් ගොඩනගනවා වෙනුවට
මේ වනතෙක් එකදු මන්ත්‍රීවරයකුටවත් පත්වීම් ලිපිය පවා ලබා නොදුන් තාරුන්‍යය හෑල්ලුවට ලක් කල ,
අවම වශයෙන් විසුරුවාහැරීම පවා නිල වශයෙන් දැනුම් නොදී, තරුණ පාර්ලිමේන්තුව නම් Bulto ටොෆිය රටේ තරුණයා ජන්දයක් ඉල්ලා සිටින අවස්ථාවක, රටේ තරුණයා නොමැග යැවීමට ජනාධිපතිවරයා , ඇතුලු නිලධාරීන් දරණ මෙම උත්සාහය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
- ජනිත වැලිකලගේ
නියොජ්‍ය කතානායක 5 වන තරුණ පාර්ලිමේන්තුව
Ranil Wickremesinghe
National Youth Services Council-NYSC