Helps _ උදව්

Helps _ උදව් එන්න හැමෝම එක්වන්න. අසරණයින්ට පිහිට වන්න. අපි කවුරුත් මැරෙන මිනිස්සු.
නේද? ඒ ගැන හිතලා රටට සමාජයට මනුෂ්‍යයාගේ යහපතට , පැවැත්මට හැකි සේවයක් කරමු. 🙏 😊💝💗

11/02/2026

💍🦛 ලස්සනම මොහොතකට ආපු අමුතු අමුත්තා

සින්සිනාටි සත්වෝද්‍යානයේ (Cincinnati Zoo) තමන්ගේ විවාහ ගිවිසගැනීමේ පින්තූර ගන්න ලෑස්ති වුණු ජෝඩුවකට බලාපොරොත්තු නොවූ පුදුමයක් ලැබුණා. ඒ තමයි ඔවුන් පින්තූරවලට පෙනී සිටිද්දී ෆියෝනා (Fiona) කියන පුංචි පැටවා නිකම්ම ඒ පින්තූරවල පසුබිමට ඇවිත් හිටපු එක.

ඔවුන් ඉතාම ආදරණීය විදිහට පින්තූර ගන්න හදනකොටම, ෆියෝනා හරිම හුරතල් විදිහට ඒ පින්තූර අතරට මතු වුණා. ආදරණීය මතකයක් වෙන්න තිබුණු ඒ අවස්ථාව, ෆියෝනා නිසා මුළු ලෝකයම කතා කරන ඉතාම විනෝදජනක මතකයක් බවට පත් වුණා.

මේ පින්තූර අන්තර්ජාලය පුරා වේගයෙන් ප්‍රචාරය වුණු අතර, ෆියෝනා කොතැන හිටියත් ඇය තමයි හැමෝගෙම අවධානය දිනාගන්නා ප්‍රධාන චරිතය කියලා නැවත වතාවක් ඔප්පු කළා. 🦛✨

11/02/2026
11/02/2026

මේ ආබාධිත දරුවා වෙනුවෙන් රෝදපුටුවක් දෙන්න පුලුවන්නම් කියන්න බොහොම පින් විස්තර දෙන්න පුලුවන්. මේ දරුවා මාතලේ

11/02/2026

■ යාලුවනේ මෙ ඉන්නේ 642 A රබාවැව වසමෙ පදින්චි චුටි දුවක්.😢

පිලිකාවක් නිසා ඔලුව ඔපරේශන් කරලා කොලබ ඉස්පිරිතාලෙ ඉන්නේ.😢
එත් එයාගේ කකුල් දෙක පන නැ.

රුපියල් ලක්ශ දෙක හමරක් යනවා බෙහෙත් එකට ප්‍රයිවට් අරන් විදින්න ඕන කියනවා.
මෙ දරුවගෙ ලොකු අම්මගෙ නම්බ එක උදවු කරන්න කැමති පින්වත් අය කතා කරලා විස්තර දැන ගන්න
☎️ 0768865759

හැකිතාක් කරලා 🙏
එකක් දෙන්න..❤️🙏
උදව් කරන්න මේ වෙලාවේ
හැකියාවක් නැතත්
මෙය තවත් කෙනෙක්ට දකින්න #බෙදා හරින එකම ලොකු උදව්වක්
වගේම ලොකු පිනක් 🥺🙏❤️

💓ආදරණීය ජීවිතයක් වෙනුවෙන් එකතු වෙමු එකල සීදුව සකුරා සංගීත කණ්ඩායමේ සහ වර්තමානයේ සකුරා ලෙජන්ඩ්ස් සංගීත කණ්ඩායමේ බේස් ගිටා...
29/01/2026

💓ආදරණීය ජීවිතයක් වෙනුවෙන් එකතු වෙමු

එකල සීදුව සකුරා සංගීත කණ්ඩායමේ සහ වර්තමානයේ සකුරා ලෙජන්ඩ්ස් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියා ලෙස කටයුතු කරන Sudath Fernando අපේ ආදරණිය සහෝදරයාගේ ඉතාමත් ඉක්මනින් සිදු කල යුතු සැත්කම වෙනුවෙන් තවත් විශාල මුදලක් එකතු විය යුතුව ඇත.

අප දැනුවත් කල දිනයේ සිට, දෙස් විදෙස් හි ජීවත් වෙන අපේ ආදරණීයන් තමන්ට හැකි අයුරින් මෙ සඳහා දායක වෙමින් පවතී. 🙏

රුපියල් 100 සිට රුපියල් ලක්ෂය දක්වා මේ වෙනුවෙන් දායක වන සියලු ආදරණීයන් හට ගොඩාක් ස්තූතියි , ගොඩාක් පින්🙏 සුදත් වෙනුවෙන් අප, ඔබ හැමෝම ගොඩාක් ආදරයෙන් සිහිපත් කරනව 🙏

💓ඉතින් තවත් විශාල මුදලක් අවශ්‍ය බැවින් ඔබට හැකි අයුරකින් පහත ගිණුම් අංකයට මුදල් බැර කරමින් මේ සඳහා දායක වන ලෙස ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

සකුරා ලෙජන්ඩ්ස්

ගිණුම් තොරතුරු....

M D NISHANI FERNANDO.
A/C NO =8130016165 ,
COMMERCIAL BANK NEGOMBO
NEGOMBO BRANCH,

077 2030633. (SUDATH)
070 2425318 , (NISHANI)
070 568 4007 (SUMITH)

゚viralシalシ #උදව් #අසරණ

03/12/2025

මිනිස්සු තවම කොටුවෙලා ඉන්නෙ ගම්පොල (දොලොස්බාගෙ පාරෙ) අලුගොල්ල , ගිරාඋල්ල, කොහොවල ගම්මාන වල. එයාලට මුකුත් ලැබිලා නෑලු මේ වෙනතුරු දවස් ගානක්. අද message එක ආවේ. එතනට යාගන්න විදිහක් නෑ ඒ ගම දෙපැත්තෙන් අක්කර ගනන් නාය ගිහින්. ගිරාඋල්ල, කොහොවල , අලුගොල්ල ගම්වලට කිසිම දෙයක් නැහැ මේ වෙනතුරු. වතුර තියනවලු උල්පත් ඒත් කන්න මුකුත්ම දවස් ගානක් නැහැ කිව්වා.. තවම ග්‍රාමනිලධාරි කෙනෙක් වත් කිසි කෙනෙක් එහෙට ඇවිත් නෑ එන්න බැරි නිසා. අනේ කොහොමද මොනවහරි යවන්නේ එයාලට.. ගඩොල් බෝක්කුව ළඟට උඩින් හරි කොහොම හරි ඒ හරියට මොනවහරි දුන්නොත් ගන්න පුලුවන් ලු. පවුල් 20 ක විතර ප්‍රමාණයක් පොඩි ළමයිත් ඉන්නවා ගොඩක් කියල පණිවිඩේ ලැබුණෙ.
එයාලව contact කරගන්න : 0768518653 / 0718286321

#ආධාර #සත්කාර #උපකාර #සෙනෙහස #අසරණසරණ #මනුසත්කම #ආපදා #ගංවතුර

03/12/2025

" ආහාර , ජලය ‍, වියළි ද්‍රව්‍ය , සනීපාරක්ෂක ද්‍රව්‍ය ,බෙහෙත්.. "

" ගලහා පාර , හල්ඔය (මහනුවර) "

150 th 200 අතර පිරිසක් ඉන්නව
අවතැන් වූ පිරිස් පවුල් පනහක් පමණ පන්සලේ වාසය කරනවා දැන්
ගමේ අනිත් අයට කෑම බීම බෙහෙත් මුකුත් නෑ. 😐

📞 ‪+94 76 031 8647

☝ මෙම අංකයෙන් සම්බන්ධ කරගන්න 🙏🌹

#මහනුවර #ගලහා #ආපදා #ආධාර #මනුසත්කම #මිනිස්සු #උදව් #මිනිසාසුවඳයිමලසේ #අසරණසරණ #සහන

02/12/2025

හලාවත - වාරියපොළ පාර මුගුණුවටවල ප්‍රදේශයේ ගම්වාසීන් ඉතා අසරණව ඇත. ඔවුන්ට ඔබේ උපකාරය අවශ්‍යයයි. 😌

02/12/2025

Social capital එක තියෙන සුන්දරම රට අපේ ශ්‍රීලංකාව..
සෙසු සෑම රටකටම ආදර්ශයක් අපේ රට. 💝

ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන නවතම කාලගුණ අනතුර: “දිට්වා” සුළි කුණාටුවේ අවදානම සහ ඉදිරි දින කිහිපයබෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්...
26/11/2025

ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන නවතම කාලගුණ අනතුර: “දිට්වා” සුළි කුණාටුවේ අවදානම සහ ඉදිරි දින කිහිපය

බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින නවතම කාලගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල වීමේ ලකුණු පහළ වී තිබේ. 2025 නොවැම්බර් 26 වන දින වන විට නිරිතදිග බෙංගාල බොක්කේ සමකයට ආසන්නව, එනම් ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වර්ධනය වී ඇති මෙම අඩු පීඩන කලාපය දිවයිනේ කාලගුණය සැළකිය යුතු ලෙස වෙනස් කිරීමට සමත් වී ඇත. මෙම පද්ධතියේ කේන්ද්‍රය මේ වන විට ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළ තීරයට ඉතා ආසන්නව පිහිටා ඇති අතර එහි පවතින දැඩි වායුගෝලීය ක්‍රියාකාරීත්වය නිසා ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට වැඩි ඉඩකඩක් පවතී.

මෙම කාලගුණ පද්ධතිය ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළ තීරය ඔස්සේ උතුරු දෙසට ගමන් කිරීමට නියමිත බැවින් දිවයිනේ වෙරළබඩ කලාප රැසකට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. මෙහි ආරම්භක බලපෑම ලෙස ඉදිරි පැය 24 තුළ අම්පාර, මඩකලපුව සහ වාලච්චේන වැනි දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇද හැලෙනු ඇත. අද සවස සහ රාත්‍රී කාලය වන විට ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතර වෙරළබඩ කලාපයේ වැසි තත්වය තවදුරටත් තීව්‍ර වනු ඇති අතර අඛණ්ඩව ඇද හැලෙන මහා වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වයන් නිර්මාණය වීමේ අවදානමක් ද පවතී.

කාලගුණ අනාවැකිවලට අනුව මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වෙමින් උතුරු දෙසට ගමන් කරනු ඇති අතර හෙට දින, එනම් නොවැම්බර් 27 වනදා සවස වන විට ත්‍රිකුණාමලය, මුලතිව් සහ ඒ අවට වෙරළබඩ ප්‍රදේශවලට වර්ෂාව පැතිර යනු ඇත. ඉන් අනතුරුව නොවැම්බර් 28 වනදා වන විට යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ද මෙහි දැඩි බලපෑම එල්ල වීමට නියමිතය. යම් හෙයකින් මෙම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුවහොත් එය ජාත්‍යන්තරව "දිට්වා" (Ditwah) යන නමින් හඳුන්වනු ලබන අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වේ.

මෙවර ඊසාන දිග මෝසම් කාලය ආරම්භයේදී මෙතෙක් දිවයිනට සාධාරණ වර්ෂාපතනයක් ලැබී නොතිබුණි. දීර්ඝ කාලයක් පැවති වියළි කාලගුණයෙන් පසුව මෙලෙස එකවර ලැබෙන අධික වර්ෂාපතනය නිසා පස බුරුල් වී නායයෑම් සහ ක්ෂණික ගංවතුර ඇතිවීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. එබැවින් විශේෂයෙන්ම පහත් බිම්වල සහ ගංගා ඇල දොළ අසල ජීවත් වන ජනතාව ජල මට්ටම ගැන නිරන්තරයෙන් විමසිලිමත් විය යුතු අතර අනතුරුදායක තත්වයක් දැනුනු වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට වගබලා ගත යුතුය. මේ මොහොතේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කර එකිනෙකාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වීම අප සැමගේ වගකීමකි.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Helps _ උදව් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Helps _ උදව්:

Share