06/04/2021
-- බඩ ඉරිඟු --
හැඳින්වීම
උතුරු ඇමෙරිකාවේ (මෙක්සිකෝවේ) සම්භවය වී ඇත.
දේශගුණික අවශ්‍යතා
හොඳින් පැතිරී ගිය වර්ෂාපතනයක් අවශ්‍යයි. සාර්ථක වර්ධනයට අවශ්‍ය උෂ්ණත්වය 25 - 30 °C වේ. බඩ ඉරිඟු බෝගයට ඔරොත්තු දිය හැකි අවම උෂ්ණත්වය 8 - 10 °C වේ.
පස
අධික ලෙස ආම්ලික හෝ භාෂ්මික නොවන ගැඹුරු ලෝම පසක් උචිතය. පී.එච්. අගය 5.8 සිට 7.0 අතර පැවතීම සුදුසුය. කුඹුරු ඉඩම් මා චූර්ණමය නොවන දුඹුරු පස් තිබෙන ස්ථාන වල වගාව සිදු කරන විට ජල වහනය දියුණු කළ යුතුය.
වගා කළ යුතු කාලය
වර්ෂා ජලය යටතේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මූල බීජ සිටුවීම ද, යල කන්නයේ අප්‍රේල් මුල ද, වියළි හා අතරමැදි කලාපවල උස්බිම්වල මාස්කන්නයේ වර්ෂාපෝෂිතවද, ජල සම්පාදනය යටතේ නියමිත කාලයකින් තොරව (කිරි කරල් හා බේබි කෝන් සඳහා) ද සාර්ථක බඩ වගා කළ හැක.
නිර්දේශිත ප්‍රභේද
විවෘත පරාගික ප්‍රභේද
අරුණ*
බීජ කහ පැහැති වේ. කරල කෝණාකාර වේ. අස්වනු නෙළීමේ කාලය දින 90 - 100 පමණ වේ. ශාක මිටි බැවින් ගස් ඇද වැටීමට ඔරොත්තු දේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 4.0
භද්‍රා*
බීජ තැඹිලි පැහැති වේ. කරල කෝණාකාර ය. ගස උසට වැඩේ. අස්වනු නෙලීමේ කාලය දින 105 - 110අතර වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටෝන් 4.0
රුවන්*
බීජ කහ පැහැති වේ. කරල කෝණාකාර ය. ගස උසට වැඩේ. අස්වනු නෙලීමට දින 105 - 110 පමණ ගත වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 4.0 ගස් උස නිසා ආලෝකය ලබාගැනීමට නිවැරදි පරතරයට සිටුවිය යුතුය.
මුතු*
බීජ සුදු පැහැති වේ. අස්වනු නෙලීමට දින 110 -115 පමණ ගත් වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 4.0
දෙමුහුම් ප්‍රභේද
සම්පත්*
බීජ තැඹිලි පැහැති වේ. කරල කෝණාකාර ය. අස්වනු නෙලීමට දිනෙක 105 - 110 පමණ ගත වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 5.5 ( විභව අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 7.0 )
එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 01,
බීජ තැඹිලි පැහැයක් ගනී. කෝණාකාර කරල දිගින් වැඩිය. (19cm - 21cm) ප්‍රෝටීන ගුණාත්මය වැඩිය. ලයිසින් හා ට්‍රිප්ටොපැන් යන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ප්‍රමාණය සාමාන්‍ය බඩ ඉරිඟු වලට වඩා දෙගුණයකින් වැඩිය. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 5.5 - 6.5 ( විභව අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 8.0
එම්.අයි.මේස්. හයිබ්‍රිඩ් 02,
බීජ කහ පාට හුරු තැඹිලි පැහැයක් ගනී. කරලේ අග දක්වා බිජ හොදින් පිරේ. කරල සිලින්ඩරාකාරය. මධ්‍යස්ථ උසස් සහිත ශාකයකි. දින 105 - 110 ක ප්‍රභේදයකි. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 5.0 - 6.5 ( විභව අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 8.0 )
(* මෙම ප්‍රභේද බීජ නිෂ්පාදනය සිදු නොකරයි )
බීජ අවශ්‍යතාවය
# විවෘත පරාගික ප්‍රභේද වල බීජ හෙක්ටයාරකට 20Kg ( හෙක්ටයාර් එකකට පැල 55,000 පමණ )
# දෙමුහුන් බීජ හෙක්ටයාරයකට 12Kg -15Kg
ක්ෂේත්‍රයේ සිටුවීමේ පරතරය
පැළ අතර 60cm පේළීය තුළ 30cm ( වර්ෂා පෝෂිත තත්ව යටතේ එක තැනක පැල එක බැගින් )
පැළ අතර 60cm, පේළිය තුළ 60cm,
පැළ අතර 45cm, පේළිය තුළ 30cm ( ජල සම්පාදනය යටතේ එක තැනක පැල එක බැගින් )
ක්ෂේත්‍රය සකස් කිරීම හා සිටුවීම
අවම වශයෙන් 15cm - 20cm ගැඹුරට පස පෙරලීමක් කළ යුතුය. සියුම්ව සකසා සමතලා කර ගත් බිමක බීජ සිටුටීමට යෝග්‍ය වේ. බීජ සිටුවීමෙන් පසු සන්හෙම්ප් බීජ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 50 වනසේ ක්ෂේත්‍රයේ වපුරන්න. සති 3 කින් එම පැල උදළු ගා වසුනක් ලෙස යොදන්න.
ජල සම්පාදනය
බීජ සිටුවා දින 85 - 90ක් ගතවූ පසු ජල සම්පාදනය නතර කළ හැක.
පොහොර නිර්දේශය
වර්ෂා ජලය යටතේ ( හෙක්ටයාර් එකට )
මුලික පොහොර - යුරියා 75kg , ත්‍රිත්ව සුපර් පොස්පේට් 100kg, මියුරියේට් ඔෆ් පොටෑෂ් 50Kg
මතුපිට පොහොර ( සති 4 - 5 දී ) - යුරීයා 240
ජල සම්පාදනය යටතේ
මුලික පොහොර - යුරියා 75kg , ත්‍රිත්ව සුපර් පොස්පේට් 100kg, මියුරියේට් ඔෆ් පොටෑෂ් 50Kg
මතුපිට පොහොර ( සති 4 - 5 දී ) - යුරීයා 350
සටහන් 01. - පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.
සටහන් 02. - බඩ ඉරිඟු සිටුවීමට මාස එකහමාරකට පමණ පෙර එළවළු, කව්පි සිටුවා දින 45 දී අස්වැන්න නෙළා ගන්න. ඉන් පසුව සී සා එම පැල පසට එකතු කොට ඉන් අනතුරුව බඩ ඉරිඟු සිටුවන්න. යූරියා නිර්දේශිත ප්‍රභේදයට වඩා 25% ක් අඩු කර යොදන්න.
වල් පැල මර්දනය
මුල් සති 3 - 4 කාලය තුළ වල් පැළෑටි වලින් තොරව කේෂ්ත්‍රය පවත්වා ගත යුතුය. බීජ සිටුවා දින 10 - 15 අතර පහත සඳහාන් පශ්චිම නිර්ගමන වල් නාශකයක් නිවැරදි ආකාරයට යෙදීමෙන් වල්පැල පාලනය කර ගත හැක. ටොප්රොටසෝන් 336 ග්‍රෑම්/ලීටරයට ඒස්.සී.මේ සඳහා හෙක්ටයාරයට මී.ලී. 100 යෙදීම. නිකොසැල්ෆියුරොන් 40 ග්‍රෑම්/ලීටරයට ඕ.ඩී. හෙක්ටයාරයට මී.ලී. 1250 යෙදීම.
රෝග හා පළිබෝධ
රෝග
කොපු අංගමාරය, කොළ පාළුව, බැක්ටීරියා කඳ කුණුවීමේ රෝගය, දුඹුරු පුල්ලි රෝගය, මලකඩ රෝගය, හෙල්මින්තස්පෝරියම් පත්‍ර පුල්ලි රෝගය, නොදර්න් පත්‍ර අංගමාරය
පළිබෝධ
කුඩිත්තා, කරල් විදින දළඹුවා, බඩ ඉඟුරු ගූල්ලා, පුරුක් පණුවා, සේන දළබුවා
අස්වනු නෙලීම හා සැකසීම
කරල් කෙළවරින් පිටතට විහිදුණු කෙඳි දුඹුරු සිට කළු පැහැ වීමෙන් පසු ( බීජ පැලවී දින 70 - 75 ) කාලයකින් අමු කරල් නෙලාගත හැකිය. කරල වේළුණු පසු අස්වනු නෙලා ගැනීමට දින 110 ක් ගත වේ. නෙළාගත් කරල් කොළපු සමග දින 2 - 3 ක් අව්වේ වියලා ගන්න. ඉන්පසු කොළපු ඉවත් කර තවදුරටත් බීජ වියළා වෙන් කර ගන්න. එය වියළි බිමක අසුරා තබා තබන්න.