Vidyālaṅkāra yāthrā

Vidyālaṅkāra yāthrā Welcome to the official page of Vidyalankara Yathra, the dynamic youth wing of Peliyagoda Vidyalankara Pirivena. Join us on this noble journey!

Guided by Buddhist principles, we enrich our community through impactful social projects. අර්ධ ශතවර්ෂත්‍රයාධික කාලපරිච්ඡේදයක් තුළ පෑලියගොඩ විද්‍යාලඞ්කාර පිරුවන මෙරට ජාතික ආගමික ශාසනික දේශපාලනික හා භාෂාශාස්ත්‍රාදියෙහි ප්‍රගමනය උදෙසා සිදුකළ සේවය අතිශයින්ම ප්‍රශංසාර්හය.

එකී සද්කාර්යයන් වඩ වඩාත් සක්‍රීයව සවිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමටත් ජාතියේත් ආගමේත් ශාසනයේත් අනාගත උන්නතියට අවැසි නිසි මාර්ගෝපදේශකත්

වය ලබාදීම අරමුණු කරගනිමින් වර්තමාන විද්‍යාලඞ්කාරික මහසඟරුවනේ ආශීර්වාදය හා මඟපෙන්වීම පෙරදැරිව

'විද්‍යාලඞ්කාර යාත්‍රා'
සමාරම්භය සනිටුහන් කළ වගයි.

විද්‍යාලඞ්කාර යාත්‍රා

ව්‍යවහාර වර්ෂ 1875 නොවැම්බර් මස 01වෙනිදා බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ තත් ශිෂ්‍ය සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම ස්වාමීන්ද්‍රයන්වහන්සේ එක්ව ආරම්භ කළ විද්‍යාලඞ්කාර ශාස්ත්‍ර ශාලාව යුගයෙන් යුගය දැනුම කේන්ද්‍රගතව ගුණයෙන් නැණයෙන් යුතු මහාශාස්ත්‍රඥයන් රට දැය සමයට බිහිකරවීමේ උත්තුංග සත්කාර්යට ප්‍රාණවායුව ලබාදෙමින් වර්තමානය දක්වාම පවත්වාගෙන එනු ලබයි.

එකී විද්‍යාලඞ්කාරය අතීතයේත් වර්තමානයේත් සමාජ අවශ්‍යතාවන් මනාව හඳුනා ගනිමින් ක්‍රියා කිරීම විද්‍යාලඞ්කාරය කෙරෙන් දැකිය හැකි විශේෂත්වයකි. විද්‍යාලඞ්කාර ගමන් මඟ විමසන්නෙකුට එය මනාව පසක් වෙයි.

විද්‍යාලඞ්කාරයේ වර්තමාන භූමිකාව කෙසේ සකස් විය යුතුද යන කාරණයේදී වර්තමාන සමාජයට අවැසි නිසි තරුණ නායකත්වය ලබාදීම මූලික අවශ්‍යතාව බව අවබෝධ කරගත් විද්‍යාලඞ්කාර පාරිවේණික මහාසඞ්ඝරත්නය, විද්‍යාලඞ්කාර යාත්‍රා නමින් සඞ්ගමයක් ආරම්භ කොට එම සත්කාර්යයට නායකත්වය ලබාදීම අතිශයින්ම ප්‍රශංසාර්හය.

ගමන් කිරීමෙහි හෝ යාත්‍රා කිරීමෙහි අවසානය යමක් වෙත සමීප වීමයි. එය ගමන් කරන හෝ යාත්‍රා කරන අරමුණ හා බද්ධ වෙයි. ජීවන ගමන, මරණය වෙත සමීප වන අතර, මතු ගමන මරණයෙන් එහා ජීවිතය හා බද්ධ වෙයි.

යාත්‍රා යනු යා ධාතුවෙන් නිපන් ෂ්ට්‍රන් ප්‍රත්‍යය හා එක්ව ගමන, යෑම, යෑමට කැමති යන අර්ථය දනවන්නකි. එහෙයින් විද්‍යාලඞ්කාර යාත්‍රා යනු විද්‍යාලඞ්කාරයේ ගමන් මඟයි නැතහොත් විද්‍යාලඞ්කාරය යෑමට කැමති තැනයි.

විද්‍යාලඞ්කාරය ගමන් මඟ නම් ජාතික ආගමික සාමාජික දේශපාලනික ශාසනික හා භාෂාශාස්ත්‍රාදිය ප්‍රධාන කරගත් සෑම ක්‍ෂේත්‍රයකම දියුණුවයි. අභිවෘද්ධියයි.

උඩගලදෙණියේ ධම්මවිමල
2023 ජුනි මස 11වෙනිදා ඉරිදා
පෑලියගොඩ විද්‍යාලඞ්කාර පරිවේණස්ථානයේදීය...


අර්ධ ශතවර්ෂත්‍රයාධික කාලපරිච්ඡේදයක් තුළ පෑලියගොඩ විද්‍යාලඞ්කාර පිරුවන
මෙරට ජාතික ආගමික ශාසනික දේශපාලනික හා භාෂාශාස්ත්‍රාදියෙහි ප්‍රගමනය උදෙසා සිදුකළ සේවය අතිශයින්ම ප්‍රශංසාර්හය.

එකී සද්කාර්යයන් වඩ වඩාත් සක්‍රීයව සවිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමටත්
ජාතියේත් ආගමේත් ශාසනයේත් අනාගත උන්නතියට අවැසි නිසි මාර්ගෝපදේශකත්වය ලබාදීම අරමුණු කරගනිමින් වර්තමාන විද්‍යාලඞ්කාරික මහසඟරුවනේ ආශීර්වාදය හා මඟපෙන්වීම පෙරදැරිව 'විද්‍යාලඞ්කාර යාත්‍රා'
සමාරම්භය සනිටුහන් කළ වගයි.

අරමුණ

අර්ධ ශතවර්ෂත්‍රායාධික කාලපරිච්ඡේදයක් තුළ පෑලියගොඩ විද්‍යාලඞ්කාර පිරුවන මෙරට ජාතික ආගමික ශාසනික දේශපාලනික හා භාෂාශාස්ත්‍රාදියෙහි ප්‍රගමනය උදෙසා සිදුකල සේවය අතිශයින්ම ප්‍රශංසාර්භය. එකී සද්කාර්යයන් වඩ වඩාත් සක්‍රීයව සවිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමටත් ජාතියේත් ආගමේත් ශාසනයේත් අනාගත උන්නතියට අවැසි නිසි මාර්ගෝපදේශකත්වය ලබාදීම.

පරමාර්ථ

1. නිර්මල ථෙරවාදී බුදුදහමින් සුපෝෂිත වූ ශ්‍රී ලාංකේය ජන සංස්කෘතිය ආරක්ෂා කරමින්, එහි සුපෝෂණය සුසංවර්ධනය කිරීමට ඇපකැපව ක්‍රියා කිරීම.

2. රටට ජාතියට ආගම දහමට භාෂා ශාස්ත්‍රාදියට එල්ලවන ඕනෑම අභියෝගයකදී පෙරමුණගෙන එහි ආරක්ෂාව වෙනුවෙන් අවැසි මාර්ගෝපදේශකත්වය ලබාදීම.

3. රටට අවශ්‍ය තරුණ නායකත්වය නිර්මාණය කිරීමෙහිලා අවැසි මාර්ගදර්ශකයන් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීම.

4. විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති ශ්‍රී ලාංකේය සහෝදර පිරිස් වෙත අවැසි දායකත්වයන් සැපයීම.

5. පොදු අරමුණක් කෙරෙහි ජාති ආගම් කුලමල පක්ෂ පාට නොබලා එක් ධජයක් කෙරෙහි ජනමතය ගොඩනැංවීමෙහිලා පුරෝගාමීත්වය ගැනීම.

6. දේශදේශාන්තර වශයෙන් රටේ භෞමික අඛණ්ඩවය හා සෛවරීභාවය උදෙසා අවැසි නායකත්වයන් නිර්මාණය කිරීම.

විද්‍යාලංකාර යාත්‍රා සංගමය මගින් සංවිධානය කළ ''යාත්‍රා අවුරුදු උළෙල"  2026 අප්‍රේල් මස 04වෙනිදා විද්‍යාලංකාර පිරිවෙනේ දී...
10/04/2026

විද්‍යාලංකාර යාත්‍රා සංගමය මගින් සංවිධානය කළ ''යාත්‍රා අවුරුදු උළෙල" 2026 අප්‍රේල් මස 04වෙනිදා විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි.

02/03/2026
22/02/2026
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අනුශාසකත්වයෙන්, විද්‍යාලංකාර යාත්‍රා සංගමයේ සංවිධායකත්වයෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ''...
05/01/2026

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අනුශාසකත්වයෙන්, විද්‍යාලංකාර යාත්‍රා සංගමයේ සංවිධායකත්වයෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ''නැණ සවිය" ව්‍යාපෘතිය යටතේ මෙවර වයඹ පළාතේ පොල්පිතිගම ප්‍රදේශයේ බඹරගලයාය විද්‍යාලයේ හා හක්කටුනාඔය ජනපද විද්‍යාලයේ දරුවන් වෙත නව වසරට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම 2026. 01. 04 වෙනිදා සිදුකළෙමු.

විද්‍යාලඞ්කාර සහන යාත්‍රා
29/11/2025

විද්‍යාලඞ්කාර සහන යාත්‍රා

07/10/2025
විදුලකර යෙළසිය අබිමන්පින්කම් හා උත්සව මාලාව2025 ඔක්තෝබර් මස 27වෙනිදා සිට2025 නොවැම්බර් මස 02වෙනිදා දක්වාපෑලියගොඩ විද්‍යා...
01/10/2025

විදුලකර යෙළසිය අබිමන්
පින්කම් හා උත්සව මාලාව

2025 ඔක්තෝබර් මස 27වෙනිදා සිට
2025 නොවැම්බර් මස 02වෙනිදා දක්වා

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී

''රාග" 'සොඳුරු ගීයක ආදරණීය මිහිරියාව සොයා' ගීත රසවින්දන වැඩසටහන 2025. 08. 06 වෙනිදා ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. විද්‍යාලං...
07/08/2025

''රාග" 'සොඳුරු ගීයක ආදරණීය මිහිරියාව සොයා' ගීත රසවින්දන වැඩසටහන 2025. 08. 06 වෙනිදා ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. විද්‍යාලංකාර ආචාර්ය මණ්ඩලයේ, ශිෂ්‍ය පිරිසගේ, කාර්ය මණ්ඩලයේ මෙන්ම විද්‍යාලංකාර යාත්‍රා සංගමයේ සංවිධායකත්වයෙන් මෙය පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් ගීත රසවින්දනය සිදුකළ අතර, මහාසංඝරත්නය විශාල ප්‍රමාණයක් මෙන්ම, ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, ජ්‍යෙෂ්ඨ ගායිකා රංජනී පෙරේරා, ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න ඇතුළු කලාකරුවන් මෙන්ම සම්භාවනීය පිරිසක්ද සහභාගි වූ අතර, විශාල ජන සහභාගිත්වයක්ද තිබුණි.

"රාග" සොඳුරු ගීයක ආදරණීය මිහිරියාව සොයා. 2025 අගෝස්තු මස 06වෙනිදා බදාදා ප.ව. 6.00ට විද්‍යාලඞ්කාර පිරිවෙන් ශාලාවේදී.
07/07/2025

"රාග" සොඳුරු ගීයක ආදරණීය මිහිරියාව සොයා.
2025 අගෝස්තු මස 06වෙනිදා බදාදා ප.ව. 6.00ට විද්‍යාලඞ්කාර පිරිවෙන් ශාලාවේදී.

විද්‍යාලංකාර යාත්‍රා සංගමය මගින් සංවිධානය කළ ලේ දන් දීමේ පින්කම - 2025. 06. 29
01/07/2025

විද්‍යාලංකාර යාත්‍රා සංගමය මගින් සංවිධානය කළ
ලේ දන් දීමේ පින්කම - 2025. 06. 29

Address

Peliyagoda Vidyalankara Pirivena
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Vidyālaṅkāra yāthrā posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vidyālaṅkāra yāthrā:

Share

Category