20/02/2024
විශේෂයෙන්ම
දැන් ගුරුවරු කියාගන්න උදවිය..
හරියට බණ කියනවා..
මොකද..
ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක..
මාර්කට් එක..
ඒක හොඳයි..
ගුරුවරු පහුගිය දශක කීපයේදීම
බණ නොකිව්ව නිසයි අද
කුඩ්ඩො,අයිස්කාරයො,එපාකරපු අසම ජ්ජාති බෝවෙලා ඉන්නෙ..
මුතුගල සර්ල කරන දේ ඉතා හොඳයි..
අපි BC ඉගෙනගත්ත සර් පවා..
අපිට අමු කුණුහරුප ඉගැන්නුවා..
සුන්දරී දූෂණය කරපු එක රඟපාලා පෙන්නුවා..
පිස්සු පටාචාරාව දුවනකොට
දෙතන හෙල්ලෙන හැටි රඟපෑවා..
ඇත්ත සිද්ධි ඒවා..
එහෙම මිනිස්සු අතරේ..
මුතුගලට මල් තියලා වැන්දත් පවක් නෑ..
මොකද දරුවන් ධර්මයෙන් දමනය කරන නිසා..
දැන් බලමු..
ගිරා පෝතකයා ගැන..
ගිරා පෝතකයා ත්‍රිපිටකය සැකයි කියන්නෙ..
ග්‍රන්තාරූඪ වුණේ බුද්ධ පරිණිර්වාණයෙන්
අවුරුදු 450කට පසුව වීම නිසා..
ඒකෙන් පේනවා
ගිරා පෝතකයා බුදු දහම ගැන මෙලෝක මගුලක්
දන්නෙ නෑ..
ඌ ඇහින්දාස් විද්වතෙක්..
අඩුම තරමේ
බුදු දහම ගැන විධිමත් තියා..
අවිධිමත් අධ්‍යාපනයක් හෝ නැහැ..
දැන් මේ ඇහින්දාස් ගිරා පෝතකයා
පරිණාමවාදය හරිය කියන්න
පරිණාමය සනාත කරන්න පුලුවන් විද්‍යාත්මක ක්‍රමවේද
ලිස්ට් එකක්ම කියාගෙන යනවා..
හැබැයි..
ඔය එකකින්වත්..
උත්තර නැති..
නමුත් ඔය කිව්ව ලිස්ට් එකේ තිබ්බ..
කාල නිර්ණය ක්‍රමවේද ඔස්සේම කාල නිර්ණය කරපු
කාරණා 04ක් මං පෝස්ට් එකේ
ෆොටෝ එකට දාල ඇති..
01.. අවුරුදු මිලියන 100කට කලින්,
ඩයිනෝසෝරයෙකුට පෑගිච්ච මිනිහෙක්ගෙ අඩි සටහනක්..
02.. අවුරුදු මිලියන 140කට කලින් මිටියක්,
03.. අවුරුදු මිලියන 300කට කලින්, සෙරෙප්පුවක් නිසා වෙච්ච අඩි සටහනක්..
04.. අවුරුදු මිලියන 110කට කලින් තිබ්බ අත් සටහනක්..
ඇහින්දාස්ගෙ ක්‍රමවේදයට අනුව..
මානවයා පරිණාමය වෙලා
උපරිම කාලය අවුරුදු 100,000 (ලක්ෂයයි)..
පෙනවනෙ සීන් එක..
එතකොට ඇහින්දාස්ගෙ, හුටාස් ගාලා හුලං යනවා...
අපේ බෞද්ධයො මේ කතාව නිසා බයවෙලා..
මේ ඇහින්දාස් ගිරා පෝතකයා කිව්ව විදිහට
විද්‍යාත්මකව ඩයිනෝසෝරයෝ එහෙම සනත කරන නිසා..
බුදු දහම බොරුද කියලා හිතනවා..
ජාතක වල දැක්වෙන්නෙ
කල්ප ගානකට කලින් සිද්දි නිසා..
අවුරුදු ලක්ෂෙකට කලින්
මිනිහා පරිණාමය ආරම්භ වුණා නම්,
කල්ප ගානකට කලින් මිනිස්සු හිටියෙ කොහොමද..
දැං උත්තරේ හම්බුනානෙ..
ඒකත් ඇහින්දාස් ගිරා පෝතකයගෙ විද්‍යාවෙන්ම
හොයාගත්ත ඒවනේද..?
මේ පරිණාමවාදය
ඇත්ත වුණත්..
බොරු වුණත්..
බැබලෙන්නෙ බුදු දහමමයි.
ඒ මෙහෙමයි..
පරිණාමවාදය ඇත්ත නම්..
01.. හේතුපල දහම සත්‍යක් වෙනවා..
සත්තවයා හටගැනීම ඉඳන්ම පරිණාමය සිද්ධ වෙන්නෙ අනිවාර්‍යය හේතු යටතේ නිසා..
හේතුපල දහම වලාකුලු නැති අහසේ..
දහවල් සූර්‍යාවගේ බබලනවා..
02.. හැමෝම බයකරපු අග්ගඥ්ඥ සූත්‍රයත් ඇත්ත වෙනවා..
සමහරු නම් මේ
අග්ගඥ්ඥ සූත්‍රය නිසාම බය වෙනවා..
ඒත් ඒක නෙවෙයි..
අග්ගඥ්ඥ සූත්‍රය බැබලෙනවා..
බුදුන් වහන්සේ ඒකෙදි කියන්නෙ
සත්ව පරිණාමය නෙවෙයි..
මනුෂ්‍ය පරිණාමය ගැන..
මනුෂ්‍යයා එන්න එන්නම පිරිහිලා..
සමාජීය,ආකල්ප,කායික ආදී හැම දෙයින්ම..
නමුත් කාර්මික දියුණුවක් ලබලා..
පරිණාමවාදයට අනුවත් එහෙමයි...
ඒකට අනුව වඳුරා මිනිහෙක් වෙද්දි..
කලගුණ අමතක වෙලා,
අද වෙද්දි තමන්ගෙම මව් ලෝකය වනසනවා..
ආකල්ප පිරිහිලා..
දියුණු වෙන්න වෙන්න
වඳුරා ගල් යුගයෙන් පස්සෙ..
කුඩා පවුල් ඒකක බවට පත්වෙලා..
ඒකම අග්ගඥ්ඥ සූත්‍රයෙත් කියනවා..
කායික හැකියාවන් දුර්වල වෙලා..
ලෙඩරෝග වලට නිරාවරණය වෙන්න අමාරුයි..
ස්වභාවික පරිසරයට
නිරුවත් වීමේ හැකියාව මොටවෙලා..
අග්ගඥ්ඥ සූත්‍රයේ ඒකත් කියනවා....
ගල් යුගය ආදිය පහුකරගෙන ඇවිල්ලා..
තාක්ෂණයෙන් දියුණුවෙලා..
අග්ගඥ්ඥ සූත්‍රයෙත් ඒක කියනවා..
අදටත් ලෝකෙ..
ඔය පරිණාමවාදයේ 100%ක් පිලිගන්න විද්‍යාඥයො නෑ..
ඔවුන් තර්ක කරනවා..
අවුරුදු ලක්ෂයක් ඇතුලේ වඳුරෙක් මිනිහෙක් උනානම්..
අනිත් සත්තු පරිණාමය වෙලා
මනුෂයාට සමගාමී
වෙනත් සත්ත්ව ප්‍රජාවක් බිහි නොවුනෙ ඇයි කියලා..
ඒකට විද්‍යාවෙ උත්තර නෑ..
ඔන්න ඔය නිසාමයි..
බටහිර විද්‍යාව ඔලුව උඩ තියාගෙන හිටියත්..
බටහිර උන්
දෙවියන්ගේ මැවීම අහක දාන්න අකමැති..
අර හිඩස මතුවෙන්න මතුවෙන්න ..
එක පුරවගන්න ඕනවට දෙවියන් ගෙනැවිල්ලා
ඒ හිඩසට ඔබනවා..
03.. පරිණාමියට හේතුවුණ සාධක නිසා
නැවතත් අග්ගඥ්ඥ සූත්‍රය බැබලෙනවා..
විද්‍යාඥයො කියනවා..
මුහුදේ බිහිවුණ සතා ගොමබෙට්ටක් වගේ එකතැන නොපැවතී..
ක්‍රමිකව පරිණාමය සිද්ධවුණේ..
දේශගුණය නිසා..
ආහාර රටාව නිසා..
ආහාර සැපයුම් මාර්ග නිසා..
ආරක්ෂාව නිසා...
ඒ කියන්නෙ..
සමස්ත පරිණාමයම ඔන්න ඕවා නිසා පදනම් වුනා..
ඕවා නොවුනා නම් අදත් පරිණාමයක් නෑ..
විද්‍යාව කියන විදිහට අපිත් නෑ..
අග්ගඥ්ඥ සූත්‍රය ඕකම කියනවා..
ආහාර නිසා මනුෂ්‍යයා කායිකව වෙනස් වුණා කියලා..
ආහාරයේ ස්වභාවය පවා බලපෑව බව..
විද්‍යාවට අනුරූපවම පේනවා..
(මේඋදාහරණ ටිකයි..
ලිපිය දිගවෙන නිසා කරුණු 03 බැගින් දෙන්නම්)
ඉතිං පරිණාමය ඇත්තනම්..
බුද්ධ වචනය බබලනවා...
පරිණාමය බොරුනම් මොකද වෙන්නෙ.
පරිණාමය බොරුවක්..
අවුරුදු ලක්ෂයකට මෙහා මිනිහා බිහිවුණා නම්..
අර මිටිය හැදුවෙ කවුද..
සෙරෙප්පු දෙක කාගෙද..
අඩි සටහන, අත් සටහන කාගෙද..?
සියලු විද්‍යාත්මක හේතු එතනදි හුලං යනවා..
ඒකෙදි..
ඒකියන්නෙ පරිණාමය ගැන කිව්ව
අනිත් කරුණු බොරුවෙන නිසා..
අපිට ආයෙත් බුද්ධ වචනය බැබලෙනවා බලන්න පුලුවන්....
01.. ජාතක දෙශනාවල කියවෙන කල්ප ගනන් යුගවල සිටි මිනිස්සු කෝ...
අන්න අර මිටිය හදපු මිනිහා පේනවද...
සෙරෙප්පු දාපු මිනිහා පේනවද..
අඩි සටහන අත් සටහන තිබ්බ මිනිහා පේනවද..?
කෝ විද්‍යව...
02.. ජාතක දේශනාවල කියවෙන දියුණු සමාජය..
අන්න අවු. මිලියන 300ක් පරණ සෙරෙප්පු...
අවු. මිලියන 140 පරණ මිටිය..
03..මනුෂ්‍යයා ආවෙ කොහෙන්ද..?
අවුරුදු ලක්ෂයේ සීමාව පිලිගන්න බැරි නිසා..
දැන් දැන් පිටසක්වල සංක්‍රමණයක් ගැන කතාවෙනවා..
අන්න අග්ඟඥ්ඥ සූත්‍රය ආයෙත් මතුවෙනවා...
පරිණාමවාදය බොරුය කියන්න සාධක හමුවෙද්දී..
පරිණාමවාදය බොරුකරන ඒ සාධක
සත්‍ය සාධක බවට විද්‍යාවෙන්ම ඔප්පු වෙද්දි..
එතනදිත් බුදුදහම බබලනවා දැක්කද....
එනිසා..
පරිණාමවාදය ඇත්ත වුණත්..
බොරුවුණත්...
බබලන්නෙ දේවවාදය නෙවෙයි...
බුදුදහම විතරක්මයි..
දේවවාදය
අසූචි මල්ලක් වගේ ගඳ ගහද්දි..
බුදුදහම
සඳුන් හරයක් වගේ සුවඳ ගහනවා..
එනිසා..
මේක බොරුවක් ය
මේක ඇත්තක් ය කියන්න බෞද්ධ අපි
වෙහෙසෙන්න ඕන නෑ..
දේවවාදී බටහිර විද්‍යාවම ඒක කරලා දේවි...
අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉමු..
විශේෂයෙන්ම කියන්න ඕනේ..
විද්‍යාව කියන්නෙ නිතරම අප්ඩේට් වෙන එකක්..
කාලයක් ඩයිනෝසෝරයො ගැන හිතන් හිටිය විදිහ නෙවෙයි
දැන් කියන්නෙ..
මීට අවුරුදු ගානකට කලින් කිව්වා..
උන්ට පිහාටු තිබ්බ කියලා...
දැන් කියනවා උන්ට මවිලුත් තිබ්බලු..
කලින් කිව්වෙ උන් ඝර්මකලාපීය සත්තු කියලා..
දැං කියනවා හිමේ පවා හිටියලු..
අන්න ඒවගේ අප්ඩේට් වෙන නිසා..
විද්‍යාව කියන්නෙ ..
"මෝහමූලික" විෂයක්..
කිසිම ඉලක්කයක් නෑ..
අලුතින් ලැබෙන දත්ත අනුව..
අනිතරම ඉලක්කය දෝලනය වෙනවා..
මෝහය,
ඒ කියන්නෙ සැකය මතයි පදනම සැකසෙන්නෙ.
නමුත් බුද්ධ දේශනාව එහෙම නැහැ .නිෂ්චිත ඉලක්කයක් තියෙනවා..
ඒක අවුරුදු 2600ක් වෙලත්..
තවමත් නිෂ්චිතයි...
තවම නිෂ්චලයි..
ධර්මය
"ඉන්ද්‍රඛීල උපමාවෙන්" දක්වන්නෙ ඒකයි..
ඉතිං..
තථාගතයන් වහන්සේ සර්වඥ්ඥයි කියලා
විශ්වාසයක් නැතිතාක්..
මිනිස්සු..
දෙලොවම ඇන ගන්නවා..
නවීන විද්‍යාව හෝ මොනයම් දෙයක් හෝ
වැරදී කියන්න ඕනවට..
බුදුදහම ඇදලා ගන්න එපා..
විශේෂයෙන් තමන් කොහෙදි හෝ කියන
ධර්ම කරුණ ගැන
තමන් දක්වන දේ ගැනවත්
තමන් හරිහැටි දන්නෙ නැත්තම්...
තමන්ගෙ ගොංකම් පෙන්නලා..
දහම හෑල්ලු කරන්න එපා..
බුදුසරණයි ..