02/06/2026
වත්මන් රජයේ *පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්* ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන *ප්‍රජාශක්ති ව්‍යාපාරයේ* ගම් දහසක - වැඩ දහසක් තේමාවට අනුව යමින් කරුවලගස්වැව සමාරම්භක වැඩසටහන් 2026.06.02 දින කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එගොඩපිටිය, පහරිය සහ කුඹුක්වැව යන වසම්හිදී අද දින සාර්ථකව ආරම්භ කිරීම සිදුවිය.
මෙම අවස්ථාවන් සඳහා කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම්තුමිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමිය, කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්, උප සභාපතිතුමන්, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමන්ගේ ලේකම්තුමන්, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, රජාශක්ති සභාපතවරුන් හා වසම්හි ප්‍රජාවගේ සහභාගීත්වයද මේ සඳහා සිදුවිය!!!