Department of Cinnamon Development

Department of Cinnamon Development Official page of the Department of Cinnamon Development, Sri Lanka

කුරුඳු කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් තවත් සාර්ථක පියවරක්! 🌿2026.07.31 වන දින කුරුවිට ප්‍රාදේශීය ල...
04/08/2026

කුරුඳු කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් තවත් සාර්ථක පියවරක්! 🌿

2026.07.31 වන දින කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුස්සැල්ල ග්‍රාම නිලධාරී වසමේ එක්දින කුරුඳු තැලුම් පුහුණු වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන තුළින් කුරුඳු තැලුම් ශිල්පීය ක්‍රම, ගුණාත්මක නිෂ්පාදනය සහ නිවැරදි ක්‍රියාපටිපාටි පිළිබඳව ප්‍රතිලාභීන් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුන් කුරුඳු සංවර්ධන නිලධාරී H. P. රත්නසිරි මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.

එක්ව ශක්තිමත් කරමු ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයේ අනාගතය! 🌱🇱🇰

GAP (Good Agricultural Practices) සහතිකකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි28.07.2026 දින වැලිගම ප්‍රාද...
31/07/2026

GAP (Good Agricultural Practices) සහතිකකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි

28.07.2026 දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, කුරුදු වගාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් GAP සහතිකකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 180 දෙනෙකු සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත් දායකත්වය ලබාදෙමින් වටිනා දැනුම හා මඟපෙන්වීම ලබාදුන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන සුදාරක ද සොයිසා මහතා සහ කසුන් ඩී. පතිරණ මහතා වෙත අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු.

එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ මාතර දිස්ත්‍රික් කුරුඳු සංවර්ධන නිලධාරීන් සියලු දෙනාටද අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.

ගුණාත්මකභාවයෙන් යුත් ශ්‍රී ලාංකීය කුරුඳු නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තිරසාර කුරුදු කර්මාන්තයක් ගොඩනැගීම වෙනුවෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව අඛණ්ඩව කැපවී සිටී.

#කුරුඳුසංවර්ධනදෙපාර්තමේන්තුව #මාතර #වැලිගම #ගොවිසංවර්ධනය

කුරුදු වගා පුහුණුව හා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන – රත්නපුර දිස්ත්‍රික්කයකුරුදු වගාවට නවක ගොවීන් එක් කරගැනීම සහ දැනට ක...
31/07/2026

කුරුදු වගා පුහුණුව හා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන – රත්නපුර දිස්ත්‍රික්කය

කුරුදු වගාවට නවක ගොවීන් එක් කරගැනීම සහ දැනට කුරුදු වගාවේ නිරත ගොවීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් කුරුදු වගා පුහුණුව හා දැනුවත් කිරීමේ වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සාංඝිකාරම විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

මෙහිදී කුරුදු වගාවේ නිවැරදි වගා හා කළමනාකරණ ක්‍රමවේද, ගුණාත්මක නිෂ්පාදනය, සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ගොවීන් සඳහා ලබාදෙන තාක්ෂණික සේවා, පුහුණු වැඩසටහන් හා අනෙකුත් සහන පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

📍 ස්ථානය: කිරිඇල්ල සාංඝිකාරම විහාරස්ථානය
📍 දිස්ත්‍රික්කය: රත්නපුර
👥 සහභාගී වූ නිලධාරීන්: 06
🌱 ප්‍රතිලාභීන්: 24

කුරුදු වගාවේ තිරසාර සංවර්ධනය හා ගොවීන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

#කුරුඳුසංවර්ධනදෙපාර්තමේන්තුව #රත්නපුර #කුරුදුවගාව #ගොවිසංවර්ධනය #තිරසාරකෘෂිකර්මය

🌎 ශ්‍රී ලංකාවේ සැබෑ කුරුඳු සුවඳ ලොව පුරා ප්‍රචලිත කිරීමේ තවත් පියවරක්!රුමේනියාවේ විශ්වවිද්‍යාලයක කීර්තිමත් මහාචාර්යවරුන්...
28/07/2026

🌎 ශ්‍රී ලංකාවේ සැබෑ කුරුඳු සුවඳ ලොව පුරා ප්‍රචලිත කිරීමේ තවත් පියවරක්!

රුමේනියාවේ විශ්වවිද්‍යාලයක කීර්තිමත් මහාචාර්යවරුන් සිව් දෙනෙකුගෙන් (4) සමන්විත දූත පිරිසක් 2026/07/11 දින අපගේ කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයේ (Cinnamon factory) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ලොව හොඳම කුරුඳු (Ceylon Cinnamon) නිපදවීමට යොදා ගන්නා සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම පිළිබඳව ඔවුන් එහිදී ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළහ.

විද්‍යා පීඨයේ ආචාර්ය චන්දිමා මෙනවිය (Dr. Chandima) විසින් මෙම සම්බන්ධීකරණ කටයුතු ඉතා විශිෂ්ට ලෙස මෙහෙයවන ලදී. එමෙන්ම, කුරුඳු සංවර්ධන නිළධාරි ඩි.ඒම්. පී. ආර්. දොරගම මහතා විසින් සිදු කරන ලද සජීවී ආදර්ශනය (demonstration) විදේශීය අමුත්තන්ගේ ඉහළ ඇගයීමට ලක් විය. අප නිපදවන ප්‍රිමියම් ගුණාත්මක කුරුඳු පිළිබඳ ඉතා පැහැදුණි.

දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට ලැබීම ගැන අප නිහතමානීව ආඩම්බර වෙමු.

🌿 කුරුඳු නව වගා පුහුණු වැඩසටහන 🌿2026/07/21 දින දන්තුරෙ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කුරුඳු නව වගා පුහුණු වැඩසටහන සාර්ථකව පැව...
28/07/2026

🌿 කුරුඳු නව වගා පුහුණු වැඩසටහන 🌿

2026/07/21 දින දන්තුරෙ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කුරුඳු නව වගා පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්වුණි.

මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 54 දෙනෙකු සහභාගී වූ අතර, කුරුඳු නව වගා ස්ථාපනය, නිවැරදි වගා ක්‍රමවේද, වගා කළමනාකරණය සහ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික උපදෙස් ලබාදෙන ලදී.

කුරුඳු වගාවේ ඵලදායීතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම කුරුඳු වගාකරුවන්ගේ ආදායම් වර්ධනය සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කැපවී සිටී.

🌱 අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් කුරුඳු කර්මාන්තයක් ගොඩනඟමු.

# #𝖲𝗄𝗂𝗅𝗅𝖣𝖾𝗏𝖾𝗅𝗈𝗉𝗆𝖾𝗇𝗍

🌿 කුරුඳු තැලීම් පුහුණු වැඩසටහන – මරදගහමුල ගොවිජන කොට්ඨාසය 🌿2026.07.22, 23 හා 24 යන දිනවල දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට...
28/07/2026

🌿 කුරුඳු තැලීම් පුහුණු වැඩසටහන – මරදගහමුල ගොවිජන කොට්ඨාසය 🌿

2026.07.22, 23 හා 24 යන දිනවල දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගහමුල ගොවිජන කොට්ඨාසයේ කුරුඳු තැලීම් පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 22 දෙනෙකු සහභාගී වූ අතර, නිවැරදි කුරුඳු තැලීමේ ක්‍රමවේද, ගුණාත්මක නිෂ්පාදනය සහ වෙළඳපොළට ගැළපෙන ප්‍රමිතීන් පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදෙන ලදී.

කුරුඳු කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නංවා, නිෂ්පාදකයින්ගේ ආදායම් වර්ධනයට දායක වන මෙවැනි පුහුණු වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කැපවී සිටී.

🌱 කුරුඳු සංවර්ධනය තුළින් තිරසාර ආර්ථිකයකට එක්වෙමු.

අද දින, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන සමඟ එක්ව "සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන්" ප්‍රතිඥාව ලබාදීමේ වැඩසටහන කුරුඳු සංව...
27/07/2026

අද දින, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන සමඟ එක්ව "සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන්" ප්‍රතිඥාව ලබාදීමේ වැඩසටහන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේදී ද සාර්ථකව පැවැත්විණි.

පුරවැසියන්ට කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, වගකීමෙන් සහ අවංකභාවයෙන් පිරි රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා අපගේ කැපවීම නැවතත් තහවුරු කරමින්, සියලු නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

"යහපත් පාලනයට පදනම වන්නේ ගුණාත්මක හා වගකීම් සහගත රාජ්‍ය සේවාවයි."

🤝 කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතා සේවය වෙනුවෙන් සැමවිටම කැපවී සිටී.

#සුපිළිපන්_රාජ්‍ය_සේවයක්_වෙනුවෙන් #කුරුඳු_සංවර්ධන_දෙපාර්තමේන්තුව

අද දින කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල, කරන්දෙණිය බොරකන්ද ක්‍රීඩාංගණය අසල...
27/07/2026

අද දින කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල, කරන්දෙණිය බොරකන්ද ක්‍රීඩාංගණය අසලදී ඉතා සාර්ථකව පැවැත්විණි.

සිනාසෙන මුහුණු අතරින් සතුට බෙදාගනිමින්, ප්‍රජාව සමඟ බැඳී සිටීමේ වටිනාකම තවදුරටත් තහවුරු කළ මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට කැප වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

🍦💚 එක්වෙමු... බෙදාගනිමු... සතුට ගොඩනඟමු...

🍂 දෙවිනුවර කුරුඳු ගොවි ජනතාව උදෙසා විශේෂ GAP දැනුවත් කිරීමේ වැඩසටහනක්! කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව (CDD) මගින් සංවිධාන...
22/07/2026

🍂 දෙවිනුවර කුරුඳු ගොවි ජනතාව උදෙසා විශේෂ GAP දැනුවත් කිරීමේ වැඩසටහනක්!

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව (CDD) මගින් සංවිධානය කරන ලද 'යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices - GAP)' පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ජූලි 22 වන දින දෙවිනුවර ප්‍රදේශයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු අස්වැන්නක් ලබා ගැනීම සහ අපනයන වෙළෙඳපොළ ජය ගැනීම සඳහා ගොවීන් නවීන GAP ක්‍රමවේදයන්ට හුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාව සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදාරක ද සොයිසා (Sudaraka de Soysa) මහතා සහ දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වූහ. ප්‍රදේශයේ කුරුඳු ගොවීන් විශාල පිරිසක් ඉතා උද්යෝගයෙන් මෙම වැඩසටහනට එක් වූහ.

සාර්ථක කුරුඳු වගාවක් තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වෙමු!

🌟 ශ්‍රි  ලංකාවේ කුරුඳු කර්මාන්තයේ දැවැන්ත පෙරළියක්: හරිත විප්ලවයකට මුලපිරෙයි! 🇱🇰✨දේශීය කුරුඳු කර්මාන්තය නව මානයකට ඔසවා ත...
16/07/2026

🌟 ශ්‍රි ලංකාවේ කුරුඳු කර්මාන්තයේ දැවැන්ත පෙරළියක්: හරිත විප්ලවයකට මුලපිරෙයි! 🇱🇰✨
දේශීය කුරුඳු කර්මාන්තය නව මානයකට ඔසවා තබමින්, රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිකර්ම පීඨ පරිශ්‍රය තුළ "මධ්‍යගත ශුන්‍ය අපද්‍රව්‍ය ජෛව ස්කන්ධ කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක්" (Centralized Zero-Waste Biomass Cinnamon Processing Centre) පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය නිල වශයෙන් හිමිවී ඇත!

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ රුහුණ විශ්වවිද්‍යාලය එක්ව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

විශේෂයෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සුළු පරිමාණ කුරුඳු වගාකරුවන් මුහුණ දෙන අධික සැකසුම් පිරිවැය, ජාත්‍යන්තර සනීපාරක්ෂක ප්‍රමිතීන් සපුරාලීමේ අපහසුතාවය සහ කුරුඳු අපද්‍රව්‍ය (Biomass) ප්‍රයෝජනයට නොගැනීම වැනි දිගුකාලීන ගැටලුවලට මෙමඟින් ස්ථිරසාර විසඳුම් ලැබෙනු ඇත.

මෙහි විශේෂත්වය කුමක්ද?
කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ රුහුණ විශ්වවිද්‍යාලය එක්ව නිර්මාණය කරන ලද මෙම නවීන, පරිසර හිතකාමී මධ්‍යස්ථානය මාස 27ක කාලසීමාවක් තුළ අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ හරහා:

දේශීය ගොවීන්ගේ සැකසුම් පිරිවැය අවම කිරීම.

අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම.

ශුන්‍ය අපද්‍රව්‍ය (Zero-Waste) සංකල්පය යටතේ කුරුඳු ඵලදාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම.

අපේ සාම්ප්‍රදායික කුරුඳු වගාකරුවන් ශක්තිමත් කරමින්, "ලංකා කුරුඳු" (Ceylon Cinnamon) සන්නාමය ලෝකයේ ඉහළටම ඔසවා තැබීමට තැබූ මෙම ඓතිහාසික පියවර පිළිබඳව අප අතිශයින්ම ආඩම්බර වෙමු! නවීන තාක්ෂණය මුසු වූ තිරසාර කෘෂිකාර්මික ගමනක තොරතුරු දැනගැනීමට අප සමඟ දිගටම රැඳී සිටින්න. 🍂💪

#ලංකාකුරුඳු #කුරුඳුකර්මාන්තය #කෘෂිකාර්මිකනවෝත්පාදන #තිරසාරකෘෂිකර්මය #රුහුණවිශ්වවිද්‍යාලය #ශ්‍රීලංකා

Address

Gunaratne Weerakoon Mawatha, Borakanda
Karandeniya
80360

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Department of Cinnamon Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share