Grama Niladhari - 94 A Pinikahana

Grama Niladhari - 94 A  Pinikahana පිණිකහන ග්‍රාම නිළධාරී කාර්යාලයේ නිවේදන සදහා

12/01/2026
09/01/2026

2026 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඇල්පිටිය සියලුම පාඨමාලා සඳහා ගෙවීම් කටයුතු NGO ආයතනයක් මගින් සිදු කරන බැවින් දරුවන්ට
නොමිලේ පාඨමාලා හැදෑරීමට අවස්ථාවන් 2026 වර්ෂයේදී ලැබී ඇත.
ඒ සඳහා දැනට පුරප්පාඩු වශයෙන්
විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව
වැල්ඩින් පාඨමාලාව
ලේත් මැෂින් පාඨමාලාව
ජංගම දුරකථන පාඨමාලාව ,
ජල නළ ශිල්පී පාඨමාලාව
සඳහා බඳවා ගැනීමට අවස්ථාව පවතී.
මීට අමතරව
වෑල්ඩින් ශිල්පීන් සිය දෙනකු සඳහාද පුරප්පාඩු පවතී. ඒ සඳහා ඇල්පිටිය කොට්ඨාශය පුරා කැමති දරුවන් 2026 /01/15 පෙර යොමු කිරීම් සිදු කල හැක.

මේ සදහා සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ගේ (දැනට ප්‍රතිලාභ ගන්නා සහ අභියාචනා ලබා දී ඇති) තොරතුරු යාවත්කාලීන කල යුතුය. QR කේත...
24/11/2025

මේ සදහා සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ගේ (දැනට ප්‍රතිලාභ ගන්නා සහ අභියාචනා ලබා දී ඇති) තොරතුරු යාවත්කාලීන කල යුතුය. QR කේතය හෝ පෙර ලබාදුන් දුරකතන අංකය නොමැති අයදුම්කරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අස්වැසුම අංශයෙන් විමසන්න.

21/11/2025

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති
ඊ - ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට නිකුත් කරන්නා වූ නව උප්පැන්න සහතිකය

කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී මේ වන විට සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක වෙයි.

දැනට මෙම ජාතික උප්පැන්නය 2021 ජනවාරි මස 01 සිට මේ දක්වා උපන් දරුවන්ට ලබා ගැනීමට හැකියාව පවතී.
ඔබේ දරුවා උපන් ස්ථානයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය හා සම්බන්ධ වීමෙන් මෙම සහතිකය ලබා ගත හැක
අප හා සම්බන්ධ වී දරුවා හට ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා ගැනීමට ඔබත් කටයුතු කරන්න.

වැඩි විස්තර පළමු කමෙන්ටුවේ...

20/08/2025

ලියාපදිංචිවීමට සහ වැඩි විස්තර සඳහා මෙම ලින්ක්එක ඔස්සේ පිවිසෙන්න - https://services.slbfe.lk/Israel/WebPortal_Home

23/06/2025

🌟 SED MINI FAIR 🌟

අලෙවි පොළ හා ප්‍රදර්ශනය 🛍️🌼

අතේ ඇති මුදලට හිතේ හැටියට බඩු ගන්න එන්න !

🗓️ ජූනි 30
🕣 පෙ.ව. 8.30 සිට
📍 ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ...

ඔබ සැමට ආරාධනා !

#අලෙවිපොළ

23/06/2025

📊 ගිණුම් පොත් තබා ගැනීමේ පුහුණු වැඩසටහන 💼

ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් නිවැරදිව දැනගෙන ව්‍යාපාරික ලෝකය සාර්ථක කරගන්න...
අපත් සමග එකතු වෙන්න...

🗓️ ජූනි 25
🕘 පෙ.ව. 9.00 සිට
📍 ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී..

ඔබ සැමට ආරාධනා ! 🤝

#ගිණුම්පුහුණු_වැඩසටහන #පුහුණුකිරීම්

Address

Pinikahana
Kahaduwa
80460

Opening Hours

Tuesday 09:00 - 16:15
Thursday 09:00 - 16:15
Saturday 09:00 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Grama Niladhari - 94 A Pinikahana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share