නලින් සමඟ පුලතිසියේ අපි

නලින් සමඟ පුලතිසියේ අපි 2000-2018 දක්වා අධ්‍යයන වර්ෂවල ගුරු මානවක ම?

" ගුරුවරුන්ට උපදෙස් දෙන බහුතරයකගේ යෝජනාව ඇමරිකන්,ෆින්ලන්ඩ් අධ්‍යාපන ක්‍රම. හැබැයි වැටුප සෝමාලියන් වෙන්න ඕන. ඒවා මාර ලොජි...
29/06/2024

" ගුරුවරුන්ට උපදෙස් දෙන බහුතරයකගේ යෝජනාව ඇමරිකන්,ෆින්ලන්ඩ් අධ්‍යාපන ක්‍රම. හැබැයි වැටුප සෝමාලියන් වෙන්න ඕන. ඒවා මාර ලොජික්. 🤣"
Copied - බුකියෙන්
මේක ඇත්ත ,
පසල් ක්‍රමය දුර්වල කරන්නෙ සමහර දෙමව්පියෝ .... ඒවගේම ඔලුවෙ වට මනින ක්‍රමයක් ඇතුළෙ ඇතුළෙ තියන දේ බැලුවේ නෑ ......
ඒක්‍රමය හැදුවෙත් ගුරුවරු නෙමෙයි .......

මේ රටේ, තියන සියලුම අමාත්‍යාංශවල වැඩ කොටස් පන්ති කාමරේට දාලා ගුරුකම ඇරෙන්න අනිත් සියලු දේ ගුරුවරයටකරන්න වෙලා ...... ගුරුකම කෑලිමහන හෝ දවස අවසානෙ පැකින්
එකකින් අවසන් වන නිමැවුමක්දෙන වෘත්තියක් නෙමෙයි .........
දැනුම ,කුසලතා , ආකල්ප වලින් සමන්විත මානව බැඳීම් සමඟඉදිඑියට යන්නකි ..........
විවේචනයට පෙර සොයා බලන්නේ නම් යථාර්ථය දැකියහැක ..

අද සහ හෙටත්,පුංචි  පහේ මිලියනපති  සුදානම......... රාත්‍රි7-8දී ස්වර්ණවාහිනියෙන් ...........
23/03/2024

අද සහ හෙටත්,පුංචි පහේ මිලියනපති
සුදානම......... රාත්‍රි7-8
දී ස්වර්ණවාහිනියෙන් ...........

*College of Education Teaching Application(AL 2019 and 2020)*https://www.guruwaraya.lk/2022/07/college-of-education-appl...
21/07/2022

*College of Education Teaching Application(AL 2019 and 2020)*
https://www.guruwaraya.lk/2022/07/college-of-education-application-2022.html

*Closing Date 12 August 2022*

*2019,2020 උසස්පෙළ සිසුන් සදහා විද්‍යාපීඨ අයදුම්පත්*

*2019, 2020 உயர்தர மாணவர்களுக்கான தேசிய கல்வியியற் கல்லூரி அனுமதி விண்ணப்பம்*

Online Application - College of Education (2019, 2020 AL), College of Education Application 2022 (2019, 2020 AL)

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ R.M මහනාම රත්නායක ගුරුපියා  Covid -19 , රෝගයට ගොදුරු වීමෙන් අපෙන් සමුගෙන ඇත........
28/11/2021

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
R.M මහනාම රත්නායක ගුරුපියා
Covid -19 , රෝගයට ගොදුරු වීමෙන් අපෙන් සමුගෙන ඇත.....
ආදරනීය ගුරුතුමනි ,
ඔබට නිවන් සුව ලැබේවා ..!!

29/10/2021

අද ලස්සන දවසක්.....

අන්ධ පිරිමි ළමයෙක් පාර අයිනේ වාඩි වී සිටියා. ඔහු ඉදිරියෙන් පරණ තොප්පියක් තබා තිබුනු අතර ඒ තුල මිනිසුන් විසින් ආධාර ලෙස ලබා දුන් කාසි කීපයක් තිබුනා....

පසෙකින් වූවේ බෝඩ් ලෑල්ලක්. එහි මෙසේ සටහන් වී තිබුනා...

"මම අන්ධයි..මට උදව් කරන්න"

පාරේ ගමන් කල මිනිසෙක් ඒ අසල නැවතී කාසි කීපයකින් අන්ධ ළමයාට ආධාර කලා. ඉන්පසු බෝඩ් ලෑල්ල අතට ගත් ඔහු එහි අනෙක්පස වචන කීපයක් සටහන් කර පාරේ මගීන්ට පෙනෙන ලෙස යලිත් තැබුවා....

ආගන්තුක මිනිසා බෝඩ් ලෑල්ලේ යමක් සටහන් කල පසු ළමයාට වැඩි වැඩියෙන් ආධාර ලැබුනා.තොප්පිය මුදල් වලින් පිරී යෑමට පටන් ගත්තා. පාරේ ගමන් කල බොහෝ මගීන් කීයක් හෝ තොප්පියට දමා යාමට අමතක කලේ නෑ...

මද වේලාවකින් ආගන්තුක මිනිසා ඔහු කල වෙනසේ ප්‍රථිඵල බලන්න යලිත් පැමිනියා. ඔහුගේ අඩි ශබ්දයට අනූව අන්ධ පිරිමි ළමයා ඔහුව හදුනා ගත්තා...

"ඔබද මගේ බොඩ් ලෑල්ලේ යමක් සටහන් කලේ.....? ඒ මොහොතේ ඉදන් මට ගොඩක් ආධාර ලැබුනා , ඔබ සටහන් කලේ මොකද්ද...? " අන්ධ පිරිමි ළමයා ඇහුවා...

"මම ලිව්වේ ඔබ පිලිබද ඇත්ත...කලින් බෝඩ් එකේ ලියලා තිබුනු දේම මම වෙනත් විදියකින් ලිව්වා" මිනිසා පිලිතුරු දුන්නා....

මිනිසා බෝඩ් ලෑල්ලේ ලියා තිබුනේ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියාලයි....

කලින් ලියා තිබුනු දේ සහ පසුව ලියූ දේ අතර වෙනසක් ඔබ දකිනවාද....? පලමුව ලියා තිබූ "මම අන්ධයි..මට උදව් කරන්න" කියන දෙයින් කිව්වේ පිරිමි ළමයා අන්ධයි කියලා පමනයි....

නමුත් දෙවනුව ලියූ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියන දෙයින් අනෙක් මිනිසුන්ට ඔවුන් අන්ධ නොවන නිසා ඔවුන් කොපමන වාසනාවන්තදැයි පැවසුවා. ...ඉතින් ඔහුට ලැබුනු ආධාර දෙගුණ තෙගුණ වීමට පුදුම විය යුතුද....?

ඔබ සතු දේවල් අගය කරන්න...ඒවාට ස්තූතිවන්ත වන්න..නිර්මාණශීලී වන්න...යමක් දෙස හැම දෙනාම නොබලන අලුත් කෝණයකින් බැලීමට හුරු වන්න....
උපුටාගැනීමකි.

තෙරුවන් සරණයි !

Address

Gallella
Kaduruwela

Website

Alerts

Be the first to know and let us send you an email when නලින් සමඟ පුලතිසියේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category