30/05/2021
එදා සුන්දර බටහිර මුහුදු තීරය අද න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වූ බිමක් හා සමානය....😓
වෙරළ මෙහෙම නම් මහ මුහුදේ ජීවය බදු කොරල් පර වලට සිදුව ඇති හානිය කොච්චරක්ද කියලා අපිට තාම හිතා ගන්නවත් බෑ..
කොරල් පර ආශ්‍රිතව අති විශාල ජීවින් ප්‍රමාණයක් ජීවත් වෙනවා.ඔබ රූපවාහිනී තිර වල පමනක් දැකලා තියෙන කෙදිනකවත් දෑසින් දැක නොමැති අලංකාර මත්සයන් වර්ග එය තම නිවස කරගෙන ජීවත් වෙනවා.මේ ප්ලාස්ටික් කැට රසායනික ද්‍රව්‍ය ඒවට එකතු වෙලා නම් තිබ්බ කොරල් පර ටික මේ වෙද්දිත් අර ජීවින් එක්කම මැරෙන්න පටන් අරන් ඇති.
මොකද අපිට ගිහින් සවල් වලින් කොරල් පර වල තියෙන ප්ලාස්ටික් අයින් කරන්න බෑ.එහෙම නම් ඇටෙන් ඇටේ අතින් අයින් කරන්න වෙනවා.ටොන් ගානක් ඇට අයින් කරන්න නම් පරම්පරා 2ක් වත් යාවි.
මහ මුහුද මරා දාන්න පුළුවන් නයිට්‍රික් අම්ලය ටොන් ගාණක් නැවෙන් මුහුදට එකතු වෙලා තියෙනවා.ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ලොකු ප්‍රමණයක් වාතයට එකතු වෙලා තියෙනවා.ඒ නිසා රට අභ්‍යන්තරයට අම්ල වැසි වැටෙන්න ගත්තොත් බොන වතුර වල PH අගය පවා වෙනස් වෙලා භාවිතයට නුසුදුසු වෙන්න පුළුවන්
සමුද්‍රීය පරිසරයට දැවැන්ත හානි ගේන්න පුළුවන් රසායනික ටොන් සිය ගාණක් අරන් ගිය Xpress pearl නැව ජාත්‍යන්තර නියමයන් අනුගමනය කරේ නෑ කියන එක දැන් හොදටම පැහැදිලියි.හරි නම් මේ වෙද්දිත් නාවික කාර්‍ය මණ්ඩලය සිරභාරයට අරගන්න ඕනි.මේක මරන දඩුවම දෙන්න තරම් බරපතළ විනාසයක්.
බිලියන සියගාණක වන්දියක් ගෙවලා වත් මේ විනාසය ඇස්තමේන්තු කර ගන්න බැරි වේවි.හැබැයි නාවික සමාගම් දන්නවා අදාල රටවල් අන්දලා බිලියන 5,6ක් ගෙවලා ශේප් වෙන විදිය.ඒ නිසා ඔවුන් ලංකාව වගේ රටවල් වලින් එන ප්‍රෙශර් එක ගැන හිතන් නෑ.ඒ නිසාවත් රජය මේකට විදේශ රටවල් වල සහය උපරිම අරන් ඇස්තමේන්තු සකස් කරන්න ඕනි
ඒ ලැබෙන ගාණ වාෂ්ප කරන් නැතුව ගිනි නිවන්න ගන්න High speed ship ටිකක් ගන්න,ඔයිල් ලීක් වලට ගන්න ඔයිල් බූම්ස් වගේ උපකරණ ටිකක් ගණ්නවත් වෙන් කරා නම් අනාගතේවත් මෙහෙම විනාස වෙන එක අවම කර ගන්න තිබ්බා.
මාස 2,3කින් මේ ටික ටිකක් සුද්ධ කරලා අපි හොදටම කරා කියලා නම් කවුරුවත් කියන්න ලැහැස්ති වෙන්න නම් එපා.මේක දිගුකාලීන ක්‍රියාවලියක්.තව අවුරුදු ගාණක් යයි මේකේ බලපෑම වේවි.
මාලු මැරෙන එක,වෙරළට ප්ලාස්ටික් කැටගහන් එන එකට වඩා විශාල විනාසයක් මේක අස්සේ තියෙනවා.අවුරුදු දෙක තුනකින් මේ කලාපයේ මුහුදේ යටට කිමිදිලා බලන්න.ඒක ඔයාලම දකීවි
සංජය ප්‍රදීප්
Green Project Api