Divisional Secretariat Panduwasnuwara West

Divisional Secretariat Panduwasnuwara West Divisional Secretariat Panduwasnuwara West

03/06/2026
2026 වර්ෂයේ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමඟාමීව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය...
03/06/2026

2026 වර්ෂයේ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමඟාමීව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිරාතලාන 2 කලාපයේ දොළහමුණ ප්‍රජාමූල සංවිධානය මඟින් කොඩි අලෙවිය සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රාදේශීය ලේකම්තුමාට සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියට කොඩි පැළඳවීම 2026/06/03 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.

2026 ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිද...
03/06/2026

2026 ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි කාර්යාලයේ පරිසර අංශය මගින් සංවිධානය කරන ලද *"දේශගුණික විපර්යාස වලට එරෙහිව ක්‍රියාත්මක වෙමු"* යන මැයින් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කුලි/ කඩවලගෙදර මහා විද්‍යාලයේදී පඬුවස්නුවර බටහිර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් විදුහලේ දී සිදු කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවැත්වූ අතර එහි ජයග්‍රාහකයන් සඳහා සමරු තිළිණ ප්‍රදානය කෙරිණි. එසේම පාසලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය පාසල වෙත ලබාදීමක් ද සිදු කෙරිණි.

ප්‍රජා ශක්ති "ගම් දහසක වැඩ දහසක්" ව්‍යාපෘතියෙහි පඬුවස්නුවර බටහිර කොට්ඨාසයේ  සමාරම්භක උත්සවය 2026.06.03 දින ගිරාතලාන ගම්ම...
02/06/2026

ප්‍රජා ශක්ති "ගම් දහසක වැඩ දහසක්" ව්‍යාපෘතියෙහි පඬුවස්නුවර බටහිර කොට්ඨාසයේ සමාරම්භක උත්සවය
2026.06.03 දින ගිරාතලාන ගම්මානයේදී පැවැත්විණි. මෙහිදී බීජ වේලන යන්ත්‍රාගාරයක් ගිරාතලාන ග්‍රාමයේ ස්ථාපිත කිරීම සඳහා මුල්ගල තැබිණි. එමෙන්ම මීට සමගාමීව රත්මලේ වසමේ ගැටඋලාව වැවෙහි පාසි ⁣ඉවත් කර වාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරිම සහ තිඹිරිගස්කොටුව වඩු පාසල අසලින් දිවෙන කෘෂි මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ අරම්භ කිරීම අද දින සිදු කෙරිණි. දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ගම්වැසියන් මෙම අවස්ථාව සඳහා ඒකරාශි විය.

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ “වෙසක් සිත් රූ” AI තාක්ෂණය භාවිතයෙන් වෙසක් සුබ පැතුම්පත් නි...
02/06/2026

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ “වෙසක් සිත් රූ” AI තාක්ෂණය භාවිතයෙන් වෙසක් සුබ පැතුම්පත් නිර්මාණ තරගාවලිය ජයග්‍රහණය කළ ඔබට අපගේ සුබ පැතුම්.
මේ සඳහා තරඟ විනිශ්චයෙන් දායක වූ දේවමැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පඬුවස්නුවර ශාසනාරක්ෂක බල මණ්ඩල දෙවන කලාපයේ ප්‍රධාන සභාපති පූජ්‍ය වහන්තරේ සිද්ධාර්ථ හිමිපාණන් ඇතුළු විනිශ්චය මණ්ඩලයට අපගේ ගෞරවණීය ප්‍රණාමය!
ජයග්‍රාහී ඔබට හිමි සහතික පත් නුදුරු දිනකදීම ප්‍රදානය කිරීමට කටයුතු සකසා ඇති බව සතුටින් දැනුම්දෙමු.

ජීවිතය විනිවිද දකිමින් කවිය සමඟ ඒකාත්මික වන්නට ඔබ සැමට ආරධනා!
02/06/2026

ජීවිතය විනිවිද දකිමින් කවිය සමඟ ඒකාත්මික වන්නට ඔබ සැමට ආරධනා!

"ඉටු කරමු යුතුකම්,රැක ගනිමු හිමිකම්"2026.06.01 වන දින නාගොල්ලාගොඩ විදුහලේ නව යොවුන් වියේ දරැවන් සදහා වන යොවුන් සෞඛ්‍ය  ද...
01/06/2026

"ඉටු කරමු යුතුකම්,රැක ගනිමු හිමිකම්"

2026.06.01 වන දින නාගොල්ලාගොඩ විදුහලේ නව යොවුන් වියේ දරැවන් සදහා වන යොවුන් සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීමෙන් සාර්ථකව පවත්වන ලදි..

2026 වෙසක් පොහොයට  සමගාමීව වැඩිහිටියන් හට අධ්‍යාත්මික හා මානසික සුවතාවය ලබා ගැනීම නිමිති කොට ගෙන  පඬුවස්නුවර බටහිර ප්‍රා...
01/06/2026

2026 වෙසක් පොහොයට සමගාමීව වැඩිහිටියන් හට අධ්‍යාත්මික හා මානසික සුවතාවය ලබා ගැනීම නිමිති කොට ගෙන පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබු හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරි පුජ්‍යපාද දෙමටළුවේ සෝරත ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලැබු සද්ධර්ම දේශනාව 2026.05.26 දින කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සාර්ථක ව නිමා කරන ලදී.

📢 විශේෂ නිවේදනයයි: ඊශ්‍රායලයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු! 🇮🇱💼​ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඊශ්...
01/06/2026

📢 විශේෂ නිවේදනයයි: ඊශ්‍රායලයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු! 🇮🇱💼

​ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඊශ්‍රායලයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා අයදුම්පත් කැඳවීමට නියමිතයි.

(මෙය පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි.)

​යාවත්කාලීන කරන ලද සුදුසුකම් මත ලියාපදිංචි වීම සඳහා වන ඊශ්‍රායල් රැකියා වෙබ් ද්වාරය (Israel Web Portal) ඉතා ඉක්මනින් විවෘත වේ.

​📅 වෙබ් ද්වාරය විවෘත වන දිනය: 2026.06.02
​🌐 නිල වෙබ් අඩවිය: www.slbfe.lk

​⚠️ විශේෂ සටහන:
මෙම වෙබ් ද්වාරය විවෘතව පවතින්නේ අයදුම්කරුවන් 6,000ක් සඳහා පමණක් වන බැවින්, බලාපොරොත්තු වන අයදුම්කරුවන් එදිනට සූදානමින් සිටින්න.

🩸 ලේ දන්දීමේ කඳවුර 🩸❤️ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානය හා ප්‍රජාමූල බැංකු සමිතිය...
01/06/2026

🩸 ලේ දන්දීමේ කඳවුර 🩸

❤️ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානය හා ප්‍රජාමූල බැංකු සමිතිය එක්ව සංවිධානය කරන විශේෂ සමාජ සත්කාර වැඩසටහන ❤️

📅 2026 ජූනි 05
🕣 පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා
📍 තෝරගල්ල ශ්‍රී මේධංකර බෞද්ධ මධ්‍යස්ථානයේදී...

පිං කැමති ඔබ සැමට ආරාධනා ....🙏🙏

ඔබේ එක් ලේ බිඳුවක් තවත් ජීවිතයක් බේරාගැනීමට ශක්තියක් වේ.❣️

Address

Hettipola
Hettipola

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:29
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

0372291038

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Panduwasnuwara West posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share