NPP-HaliEla - ஹாலிஎல

NPP-HaliEla - ஹாலிஎல ජාතික ජන බලවේගය | தேசிய மக்கள் சக்தி | NPP - Haliela - හාලිඇල - ஹாலிஎல

27/03/2026

හාලිඇල - කැටවල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙයි! 🛣️

පසුගිය කාලසීමාවේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ හාලිඇල සිට කැටවල දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 25 වන දින උත්සවාකාරයෙන් ආරම්භ විය.
රුපියල් බිලියන 27ක දැවැන්ත පිරිවැයක් යටතේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් දික්වැල්ල, ජගුල්ල සහ තල්පිටිගල යන ප්‍රදේශවල හානියට පත් වූ ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට නියමිතය.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වර්ෂමාන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ වූ අතර, මෙමගින් ප්‍රදේශවාසී ඔබ සැමට වඩාත් සුරක්ෂිත සහ පහසු ගමනාගමන සේවාවක් සැලසීම අපගේ අරමුණයි.

බෝගහමඩිත්ත කොට්ඨාසයේ කාන්තා සභාව පිහිටුවීම මාර්තු 21 වන දින උදෑසන බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ සාර්ථකව පැවැත්...
23/03/2026

බෝගහමඩිත්ත කොට්ඨාසයේ කාන්තා සභාව පිහිටුවීම මාර්තු 21 වන දින උදෑසන බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ සාර්ථකව පැවැත්විණි.
මේ සඳහා

- පාර්ලිමේන්තු මන්ත්‍රීණී අම්බිකා සැමුවෙල් සහෝදරිය.

- හාලිඇල ප්‍රා,දේ සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන සහෝදරයා.

- දිස්ත්‍රික් හා කොට්ඨාස කාන්තා විධායක සහෝදරියන් හා ගම්මානයේ කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

2026/03/21 දින හාලිඇල උණගොල්ල කාන්තා සභාව, හාලිඇල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත වර්ෂමාන සහෝදරයාගේත්, ප්‍රාදේශීය සභා මන...
22/03/2026

2026/03/21 දින හාලිඇල උණගොල්ල කාන්තා සභාව, හාලිඇල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත වර්ෂමාන සහෝදරයාගේත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහෝදරියන් වන අනූපමා සහෝදරියගේත් හා ශ්‍රිමාලි සහෝදරියගේත් ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. 🌸

මෙම අවස්ථාව කාන්තා එකමුතු බව, නායකත්වය හා සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ලැබූ වටිනා අවස්ථාවක් විය. 💪✨

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සිදෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

“කාන්තා ශක්තියෙන් ශක්තිමත් සමාජයක්” 🌿

19/03/2026

සුබ පණිවිඩයක්! හැලිඇල ජනතාවට අලුත් අත්දැකීමක්! 🌟

සී/ස හැලිඇල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් තිළිණ කරන Co-Op City - හැලිඇල නව ශාඛාව, 2026 මාර්තු 19 වන දින පෙ.ව. 09.25 ට යෙදෙන සුබ මොහොතින් ජනතා අයිතියට පත් කෙරේ. 🎊

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" තේමාව පෙරදැරිව, ප්‍රදේශයේ ඔබ සැමගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අප දැන් සූදානම්!

✅ අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්:

🔹 වෙළඳපොළේ අඩුම මිලට උසස්ම තත්ත්වයේ භාණ්ඩ.

🔹 විශ්වාසනීය සහ සුහදශීලී කඩිනම් සේවාව.

🔹 ඔබගේ රථවාහන නැවැත්වීම සඳහා ඉඩකඩ සහිත පහසුකම්.

🔹 නිවසේ සිටම WhatsApp හරහා ඇණවුම් කර භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව.

නිරෝගී, ගුණාත්මක සහ සහනදායී අනාගතයකට අපත් සමඟ එක්වන්න. එන්න, වෙනස අත්විඳින්න! 🛒✨

📍 ස්ථානය: Co-Op City, හැලිඇල.

18/03/2026
අපදාවෙන් බලපැමට ලක්ව ඇණහිට ඇති තනි සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරිමට,සුදුසු තත්වයට පත් කිරිම සදහා එක්වරක් පමන ...
19/02/2026

අපදාවෙන් බලපැමට ලක්ව ඇණහිට ඇති තනි සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරිමට,සුදුසු තත්වයට පත් කිරිම සදහා එක්වරක් පමන ගෙවනු ලබන දිමනාව හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි 2026.02.18 දින හාලිඇල සහකාර ප්‍රාදේශීය ලේකම් අශානි මහත්මිය සහා හාලිඇල
ප්‍රාදේශීය සභාවෙව් උපසභාපති කමල් රත්නජිව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන්නට වුහ.

අධිෂ්ඨානයේ මෙහෙයුම – 2026/01/17අධිෂ්ඨානය, එකමුතුව සහ කැපවීම එක්ව සාර්ථකව අවසන් කළඅධිෂ්ඨානයේ මෙහෙයුම 💪🌱🔹 සම්පූර්ණයෙන් කැඩ...
18/01/2026

අධිෂ්ඨානයේ මෙහෙයුම – 2026/01/17
අධිෂ්ඨානය, එකමුතුව සහ කැපවීම එක්ව සාර්ථකව අවසන් කළ
අධිෂ්ඨානයේ මෙහෙයුම 💪🌱

🔹 සම්පූර්ණයෙන් කැඩී තිබූ ඇල මාර්ගය වෙනුවට
➡️ මීටර 35ක් දිග තාවකාලික ඇල මාර්ගයක් ඉදි කරමින්,
🔹 පස් කොට්ට 200කින් ශක්තිමත් බැම්මක් සකස් කරමින්,
🔹 සම්පූර්ණයෙන් අවහිර වී තිබූ අමුණේ
➡️ ගස් ඉවත් කර, කාණු කපා,
➡️ නල මාර්ගයක් හරහා ජලය
කුඹුරු අක්කර 38කට නැවත ලබාදීමට හැකි විය. 🌾💧

🔹 මෙම කාර්යය සාර්ථක කර ගැනීමට
දෙහිවින්න කෝරළයෙන් ශ්‍රම දායකත්වය ලබාදුන් පිරිස 26ක් මහත් කැපවීමකින් එක්වූහ. 🙏
එක්ව ක්‍රියා කළ විට –
අසීරු දේවල් පවා ජය ගන්න පුළුවන් බවට මෙය හොඳම උදාහරණයක්. ❤️
#අධිෂ්ඨානයේමෙහෙයුම
#එකමුතුව
#ශ්‍රමදායකත්වය
#ගොවියාශක්තිමත්කරමු
#සංවර්ධනය

දිට්වා" පරදනධෛර්යයේ මහා වාරි මෙහෙයුමඅධිෂ්ඨානයෙ මහිමබදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ...
15/12/2025

දිට්වා" පරදන
ධෛර්යයේ මහා වාරි මෙහෙයුම
අධිෂ්ඨානයෙ මහිම

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ හානි වූ අමුණු ප්‍රතිසංස්කරණ කිරිම

"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම  අධිෂ්ඨානයේ මහිමෙන් ජනතාවට ජීවය ලැබේ...බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශයට පත් වූ ව...
15/12/2025

"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම
අධිෂ්ඨානයේ මහිමෙන් ජනතාවට ජීවය ලැබේ...

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශයට පත් වූ වාරි පද්ධති මහ කන්නයට දියවරණය ලබාදීමේ අරමුණින් ආරම්භක වූ මේ මහා ශ්‍රමදාන මෙහෙයුමට, මාතර අතුරලියේ උපරිම සහයෝගය දැක්වූ අවස්ථාවක් වශයෙන්, හාලිඇල බුලත්වත්ත ගම්මානයේ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරිණි. .

🙏 මෙහෙයුමට දායක වූ හැමදෙනාටම අපගේ හදපිරි ස්තුතිය!

සහන සේවාවට එක්වූ උතුම් හදවතින්ට ස්තුතියිහාලිඇල ආසනයේ ඇටැමිපිටියෙ දෙහිවින්ත ග්‍රාම නිළධාරී වසමේ මේ මොහොතේ සිදු වන සහන සේව...
15/12/2025

සහන සේවාවට එක්වූ උතුම් හදවතින්ට ස්තුතියි

හාලිඇල ආසනයේ ඇටැමිපිටියෙ දෙහිවින්ත ග්‍රාම නිළධාරී වසමේ මේ මොහොතේ සිදු වන සහන සේවා කටයුතු සඳහා, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ "ස්නෙහ යාත්‍රා" ශ්‍රම බලකාය දැක්වූ පිරිසිදු සහයෝගය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරමු.

ජාතියේ ව්‍යසනයක මැද, මිනිස්කම මිනිස් බවට මුණගැසෙන අපූරු අවස්ථාවක් මේ.

09/12/2025

වාරි මෙහෙයුම

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වැව් අමුණු ඇල මාර්ග 1020 ක් ප්‍රතිසංස්කරණය කරණය කරන මහා මෙහෙයුම

Address

Hali Ela

Alerts

Be the first to know and let us send you an email when NPP-HaliEla - ஹாலிஎல posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share