09/09/2026
මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව ,රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික් රැකියා පොළ 2026.09.08 දින ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය, පෞද්ගලික ආයතන හා විදේශ රැකියා සපයන ආයතන විස්සකට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් සඳහා NITA, කාර්මික විද්‍යාලය, බටංගල විශ්ව විද්‍යාලය වැනි පුහුණු ආයතන සහභාගී විය. මෙම වැඩසටහන සඳහා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 700 ක් පමණ සහභාගී විය.