18/02/2026
ළමා මළල ක්‍රීඩා උළෙල –2026 🌟
ආදරණීය දුවේ පුතේ,
අපගේ ළමා මළල ක්‍රීඩා උළෙල අති සාර්ථක අන්දමින් පවත්වා අවසන් කිරීමට හැකි විය. එහි සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් ඔබයි.
ඔබගේ අසමසම ධෛර්යය, කැපවීම සහ සියලු බාධක මැඩගෙන ඉදිරියට ගමන් කළ ආකාරය අපට මහත් ගෞරවයක් ගෙන දුන්නා. ඔබ අභියෝග වලට මුහුණ දීමට සූදානම්, ශක්තිමත් දරු පරපුරක් බව මෙම අවස්ථාවෙන් පැහැදිලි විය.
එදින ඔබ ඔබේ ජීවිතයට අමතක නොවන අත්දැකීම් රැසක් එකතු කර ගත් බව අපි විශ්වාස කරනවා.
ගිනිගත්තේන ප්‍රාථමික විද්‍යාලයේ ගෞරවය හා අභිමානය රැකගනිමින් කටයුතු කළ ඔබ සියලු දෙනාට අපගේ ආදරණීය ස්තුතිය පුද කරමි.
මතු දින ලොව ජයගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආත්ම විශ්වාසය නිබඳවම තිබෙන බව අපට හොඳින්ම විශ්වාසයි.
🌸 ඔබට ජය!