29/09/2023
🌻 උතුම් වු බිනර පෝය වැදගත්කම..
භික්ෂුණී ශාසනය බිහිවීම ඇතුලූව ඉතාම වැදගත් සිදුවිීම් ගණනාවක් අදවන් බිනර පොහොය දිනයක සිදුවී ඇත.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමකොට අප්‍රමාන සත්වගට සෙත සැලසූ සේක. විශේෂයෙන්ම රාහුල පුතා මෙන්ම නන්ද නම් සිය සොහොයුරාද පැවිදිවියට ඇතුලත් වූ පසු මහා ප්‍රජාපතී ගෝතමියටද ගිහිජීවිතයේ සිටීම පිලිබද කිසිදු කැමැත්තක් නොවීය. සිය පණමෙන් බලාකියාගත් ලොකු පුතා මෙන්ම , සුද්ධෝදන නම් සිය ස්වාමියාද සසරින් එතෙර වූ මොහොතක, තම නන්ද පුතාද, රාහුල මුනුබුරාද පැවිදිවියට පත්වී සසර ගමන කෙළවර කරගත් මොහහොතක තමා මේ සංසාරයේ අතරමංවී දුක්විදින්නේ කුමකටදැයි ඕ තොමෝ කල්පනා කලාය.
බුදුපියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැද එකත්පසෙකව සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද ඉල්ලා සිටියාය.
බුදුපියාණන් වහන්සේ එහිදී බුදුපියාණන් වහන්සේ ” අලං ගෝතමී මා තෙ රුච්චි මාතුගම්මස්ස තථාගතප්ප වෙදිතෙ ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති ” අයුරින් ශාසනෙයෙහි කාන්තා පැවිද්ද තමන්වහන්සේට රුචි නොවන බැවින් එය අත්හරින්නයි වදාරමින් ප්‍රතික්ෂේප කල අතර මෙසේ තුන් වතාවක්ම ගෝතමී තොමෝ කල ඉල්ලීම බුදුපියාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කල සේක.
ඉක්බිති බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩිසේක. මේවනවිට බුදුහිමියන් රෝහිණී ගංතෙරේ සිය ශාක්‍ය කෝලිය නෑදෑයන් අතර අුැතිවන්නට ගිය මහා සටන සංසිදුවා දෙපසින්ම කුමාරවරු පන්සියය බැගින් දහසක් මහණකොටගෙන තිබූ සමය විය. ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුුද ගිහි ජීවිතය ගැන කලකිරී සිය සැමියන් මෙන් පැවිදි දිවියට ඇතුලත් වීමට සිත් පහලකරගෙන සිටි සමය විය. ප්‍රජාපතී තොමෝ ඒ කුමාරිකාවන් පන්සියය සමග කහවත් ඇද, හිසකෙස් කපා කිඹුල්වත් නුවරින් පිටත්ව යොදුන් පනස් එකක් දුර ගෙවා පා ගමනින්ම කූඨාගාර ශාලාව වෙත පැමිණියහ. කූඨාගාර ශාලාවෙහි දොරටුව වෙත පැමිණ පැවිද්ද අපේක්ෂාවෙන් බලා සිටියහ.
ගමන අවසන් කරත්ම ඒ සියල්ලෝම මැලවී ගිය රත්පියුම් වනයක් මෙන් විය. සියල්ලෝම දූවිලිවලින් වැසී ගිය, දහදියෙන් තෙත් වූ, ඉදිමුණු ඉදිමුණු දෙපතුල් ඇතිව පීඩා විදිමින් සිටියහ.
මේ අවස්ථාවේ ආනන්ද හිමියන් විසින් පිටත කළමණා වත් පිලිවෙත් මොනවාදැයි සොයමින් දොරටුව සමීපයට වැඩි මොහොතේ දුක්මුසු අයුරින් බලා සිටින ගෝතමී ඇතුලූ පන්සියයක් කුමාරිකාවන් දැක සොවින් තැවුනු සිත් ඇත්තේ ආරාමය තුලට නොයන්නේ මන්දැයි විස්තර විචාල සේක. ඒ අවස්ථාවේ තමන් ඇතුලූ පිරිස පැවිද් අපේක්ෂාවෙන් පැමිණි බවත් එය නොලැඛෙන්නේනම් ආරාමය තුලට නොගොස් මෙතැනින්ම ආපසු හැරී යනබව හඩමින් ප්‍රකාශ කලාය.
ඒ අවස්ථාවේ ආනන්ද හිමියෝ ඔවුන් මදකට සනසා බුදුහිමියන් හමුවට වැඩමවා ” ස්වාමීනී, යම් ස්ත්‍රියක් සසුනේ පැවිදිව විදසුන් වඩයිනම් සෝවාන් ආදී මගපලයන්ට පැමිණිය හැකි නොවන්නේදැ”යි විමසූහ.” ආනන්දය, යම් ස්ත්‍රියක් පැවිදිව වීර්යය වඩන්නේනම් ඇයගේ ස්‍රත්‍රිත්්වය මගඵලයන්ට බාධාවක් නොවන්නේය “යි බුදුහිමියන් දේශනා කල සේක.
මෙහිදී ආනන්ද හිමියන් මහා ප්‍රජාපතී ගෝතමියගේ මව්ගුන ගයා වර්ණනා කරමින් ඇදිලි බැද “ස්ත්‍රීන්ට ගිහිගෙයින් නික්ම සසුනේ සිව්ඵල ලබන්නට සමර්ථ වේනම් භික්ෂුනී පැවිද්ද අනුදැන වදාරන සේක්වා” යි ඇයැද දිටියහ.
එහිදී බුදුහිමියන් වහන්සේ අෂ්ඨ ගරුධර්මයන් දේශනා කල අතර ඒවා මහා ප්‍රජාපතී ගෝතමිය පිලිගන්නට සූදානම් දැයි අනද තෙරුන් ලවා අස්සවාලු සේ්ක. ඒවා හිස්මුදුනින් පිලිගන්නා බව ඇදිලිබැද වැදවැටෙමින් ගෝතමිය ප්‍රකාශ කලපසු බුදුහිමියන් වහන්සේ ” අනුජානාමි භික්ඛුණී භික්ෂුණියෝ උපසම්පදා දෙතුං ” යනුවෙන් භික්ෂුණීන් පැවිදි කිරීමට භික්ෂූන්ට අනුදැන වදාල සේක.
එම අෂ්ඨ ගරු ධර්මහයන් වන්නේ,
01. උපසම්පදාවෙන් වසර සියයක් ගිය භික්ෂුණියක් උවද එදිනම උපසම්පදා වූ භික්ෂුවට වැදුම් පිදුම් කල යුතුය
02. භික්ෂූන් නැති ප්‍රදේවල භික්ෂුණිය වස් නොවිසිය යුතුය
03. අඩමසකට වරක් භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
04. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය සිදුකල යුතුය
05. ගරු ඇවැතකට පැමිණි මෙහෙනක් උභතෝ සංඝයා (භික්ෂු/ භික්ෂුණී ) ඉදිරියේ අඩමසක් මානත පිරිය යුතුය’
06. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
07. භික්ෂුවට අක්‍රෝෂ පරිභව නොකල යුතුය
08. භික්ෂුනිය භික්ෂුවට අවවාද නොකල යුතුය, භික්ෂුව භික්ෂුණියට අවවාද කල යුතුය, භික්ෂුණිය ඒවා පිලිපැදිය යුතුය.
මේ ගරු ධර්ම ශාසනේයේ චිරස්ථීතිය වෙනුවෙන් පැනවුනි.
මේ අයුරින් බිනර පොහොය ලෝක කාන්තා ප්‍රජාවටම පරම සුවය ලබාදුන් දිනයක් විය.
මෙහෙණි සසුන ආරම්භ වීමත් සමග කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය උදාවූ බැවින් බිනර පොහොය සුවිශේෂී වැදගත්කමක් උසුලයි.
එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ළලාට ධාතූන් වහන්සේ නිදන් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පවත්වන්නේද,
බුදුරජාණන් වහන්සේගේ කේශධාතු නිදන් කර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදිකළ ගිරිහඬු සෑයේ වාර්ෂික පිංකම යෙදී තිබෙන්නේද බිනර පොහොය දිනයේදීය.
මේ අයුරින් අප්‍රමාණ ශාසනික සිද්ධීන් රාශියක් සිදුවූ බිනර පොහොය දිනය බෞද්ධයන් හැටියට අපට ඉතා වැදගත් දිනයක් වේ. ඉතින් මේ වැදගත් කම් සිහිකරමින් සිත් පහදවා ගන්නා අතරම මේ බිනර පොහොය දිනය තුලදී ඔබ අතින් සිදුවන එක් වැරුද්දක් හෝ නවතා දැමීමට දැඩි අධිෂ්ඨානයක් ඇතිකරගන්න. ආමිශ දානයට වඩා ප්‍රතිපත්ති දානය අගයකල බුදුහිමියන් වෙනුවෙන් සිදුකල හැකි ඉහලම පූජාව ඔබත් සිදුකරන්න.
තෙරුවන් සරණයි!
අනන්ත වූ බුදුගුණ ඛෙලෙන් තුන්ලොවම නිවී සැනසේවා …
ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසා මෙවැනි දහම් කරනා හුවමාරු කර ගැනීමට අප හා එකතු වන්න..... 🙏
-එන්න ධර්මය තුලින් ජීවිතය දකින්න -
-බොදු මග ජාතික සංසදය-
Bodu Maga Jathika Sansadaya -බොදු මග ජාතික සංසදය
Buddhaya