To whom it may concern - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.

  • Home
  • Sri Lanka
  • Gampaha
  • To whom it may concern - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.

To whom it may concern - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from To whom it may concern - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි., Gampaha.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ටිකට් ජාවාරම අද මට කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී ලොකු අසාධාරණයකට මුහුණ දීමට සිදුවිය. රත්මලාන...
01/09/2020

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ටිකට් ජාවාරම
අද මට කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී ලොකු අසාධාරණයකට මුහුණ දීමට සිදුවිය. රත්මලාන දුම්රිය ස්ථානයෙන් ටිකට් එකක් ගෙන හනිකට ආපු දුම්රියට මම ගොඩ වුයේ කොල්ලුපිටිය පිහිටි මාගේ රැකියාව කරන ස්ථානයට යාම සදහාය. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ තාප්පය කඩා වැටී බොහෝකාලයක් තිස්සේ පවතින නිසා ගොඩක් පුද්ගලයින් දුම්රියෙන් බැස ඒ හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කරයි.නමුත් පුරුද්දක් ලෙස සාමාන්‍ය විදියට දුම්රියෙන් මම කොල්ලුපිටියෙන් බැස වෙනදා මෙන්ම ආපසු හවසට ගෙදර යාම සදහා කොල්ලුපිටියේ පිහිටි කවුන්ටරය වෙත ගොස් රත්මලානටත් ටිකට් එකක් ගත්තේය.එය ගෙන පඩිපෙළ ලග ටිකට් පරික්ෂා කරමින් සිටි පුද්ගලයාට මාගේ අනිත් ටිකට් එක දී පඩි කිහිපයක් ඉහලට නැග්ගේය. නමුත් ටිකට් පරික්ෂා කරන පුද්ගලයා යලිත් මට කතා කළේය.
මේ මහත්තයා ඔයා එන්නකෝ පොඩ්ඩක්.
මමද??
ඔව් ඔය තමයි
ඇයි ??
මේ ටිකට් එක පරණයි.
මම ඕක අද උදේ ගත්ත ටිකට් එක. දිනය ගහලා ඇති. බලන්න
නෑ. දිනය වැදිලා නැහැ. ඔයා පරණ ටිකට් එකකින් ඇවිත් තියෙන්නේ. එන්න ඇතුලට.
මමද ඇතුලට ගියේය.
ඔහු දුම්රිය ස්ථානාධිපතිට ටිකට් එක දී...
මේයා පරණ ටිකට් එකකින් ඇවිත් තියෙන්නේ සර් කියමින් රත්මලාන දුම්රිය ස්ථානයට ඇමතුමක් දුන්නේය,
එහි ඇතුලත් කාර්යාලයේ පස් දෙනෙක් විය.ඔවුන්ද හොරෙන් එන්න එපා යනුවෙන් එක එක දේවල් කිවේය.
එත් මම නැවත නැවත කියා සිටියේ මම ටිකට් එක ගත්තේ අද උදේ කියාය.
ඇමතුමෙන් පසු
මම දැන් කතා කලා. ඔයා ගව තියෙන ටිකට් එක සති දෙකකට කලින් නිකුත් කරපු එකක්. ඔකේ සිරියල් නො එක පරණයි.
මම සිරියල් නොම්බර ගැන දැනුවත් නැහැ. මම මගියෙක්. ඕක මම අද උදේ ගත්ත ටිකට් එක. ඉතින් ඕකේ දිනය බලන්න
දිනේ මේකේ හරියට වැදිලා නැහැ. නමුත් මේක පරණ එකක්.
එක පුදුම කතාවක්නේ. දිනේ වැදිලා නැති එක මගේ වරදක්ද.
එහෙම නැහැ. ඔයා දිනේ බලන්න ඕනේ.
හදිස්සියේ ටිකට් අරන් නැග්ගේ. ඒ වෙලාවට කොහොම බලන්නද. අනික ඔයලානේ දිනය ගහලා දෙන්නේ.
එත් මේක පරණයි. ඔය හොරෙන් ඇවිත් කියවන්න එපා.
හොරෙන් අපු අය දැන් ගිහින්. ඉවරයි. එයාලා යන්නේ තාප්පේ කැඩුණු තැනින්. මම හොරෙන් යනවනම් මෙතනට එන්න ඕනේ නැහැනේ. මාත් එතනින් යනවනේ. අනික මම හවසට යන්නත් ටිකට් එකක් ගත්තා. එක ඔයාලා හොදටම දැක දැක මම හොරෙන් ආවා කියන එක අසාධාරණයි නේද.
හොරෙන් ඇවිත් කියවන්න එපා. දඩේ 3000/- ගෙවල යන්න.
මම වැරද්දක් කලේ නැහැනේ දඩ ගෙවන්න.
එහෙනම් අපි මේක උසාවි දානවා. ඔයාට කොහොමත් දඩේ ගෙවලා තමයි උසාවි යන්නත් වෙන්නේ.
ඉතින් මම වැරද්දක් කලේ නැහැනේ. පොඩ්ඩක් එතන CCTV චෙක් කරන්න. මම උදේ කවුන්ටරයෙන් ටිකට් එක ගත්ත විදිය ඇති.
එහේ ඕව නැහැ. අනික ඕවා බලන්න ඕනෙත් නැහැ. මේක පරණයි දඩේ දැන් ගෙවන්න බැරිනම් Phone එක හරි ID එක හරි වටිනා දෙයක් තියල යන්න.
මම වැරද්දක් කරලා නැහැනේ ඉතින්.
ඒවා මේවා වැඩක් නැහැ දඩේ ගෙව්වේ නැත්නම් උසාවි දානවා.
එහි හිටපු කිහිපදෙනාම මට එරෙහි විය. තනියන් හිටපු මම අසරණ වුයේය. ඔවුන් දිගටම එක එක දේවල් කියයි. අනිත් හැමෝම කරනවා මෙන් මමද Phone එක ගෙන Record කරන්න පටන් ගත්තේය.
ඔය මොකද කරන්නේ. Record කරනවා නේද. මෙහෙට දෙනවා phone එක.
මට බැහැ.
දෙනවා phone එක කියමින් හැමෝම මගේ ඇගේ එල්ලුණේය. මට පොරබදීමට හැකියාවක් නැත. අනික phone එකක් ගැනීමට සල්ලිත් නැත . එම නිසා ඔවුන් එය උදුරා ගත්තේය.
එතකොට ඔයා ඇයි record කරන්නේ .
මම මේකේ වැඩ කරන කෙනෙක්. මට අයිතිය තියෙනවා.
ඉතින් එකත් අසාධාරණයි නේද? මට වෙන දේනේ මම record කලේ.
ඒවා මේවා වැඩක් නැහැ. කොල්ලුපිටිය පොලිසියට එන්න කියන්න. Railway security එකටත් කියන්න. මේයා දඩේ ගෙවන්නේ නැහැනේ.
ඒ අතර ඔවුන් කියන දේට මම උත්තර දෙයි. පැහැදිලි කරයි. ඒක ඔවුන් දැක්කේ වෙනස් ආකාරයකට.
මට call එකක් ගන්න ඕනේ. ඔෆිස් එකට. phone එක දෙනවද?
දෙන්න බැහැ.
මේ වුනු සිද්දිය දැනුම් දෙන්න ඕනේ. මම පරක්කු වෙන්නේ ඇයි කියලා දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මගේ පඩිය කපනවා.
නැහැ දෙන්නේ නැහැ.
එහෙනම් මට මෙතන phone එකකින් call එකක් ගන්න දෙන්න.
නැහැ. එහෙම දෙන්නෙත් නැහැ ඔයාට.
ඉතින් ඔයාලා හරිම අසාධාරණයිනේ
පොලිසිය එනකන් ඉන්න.video එක delete කරන්න ඕනේ.
ඉතින් ඔයාලා වැරද්දක් කරේ නැත්නම් ඇයි බය වෙන්නේ video කලාට.
ඒවා මේවා කියවන්න එපා.
පොලිසිය පැමිණෙයි.
ඔවුන් විස්තරය කියයි.
මේයා මේ පරණ ටිකට් එකකින් ඇවිත්. දඩේ ගෙවන්න බැහැලු. ඒ මදිවට අපිත් එක්ක රණ්ඩු කරන්න එනවා. කියමින් දොඩවයි.
ඊට පසු මම
Ofizer මම ටිකට් අරන් ආවේ. එයාලා මේක පරනයිලු. දිනේ වැදුනේ නැති එකත් දැන් මගේ වැරද්දක් ගානට දාලා කතාකරනවා. CCTV ත් නැහැලු. මම හොරෙන් ආවනම් මෙතනට එන්නේ නැහැ. මාත් අනිත් අය වගේ තාප්පේ කැඩුණු තැනින් යනවා. මම හොරෙක් නම් මම ආයේ හවසට යන්න ටිකට් ගන්නේ මොකටද. කියමින් මම එම ටිකට් එකත් පෙන්නුවේය.
පොලිසිය- මේ ටිකට් එකත් අද එකක් නෙමෙයිනේ. මේක 03 වැනිදා එකක්.
නැහැ ඕක අපි දැන් දුන්නේ.
මේ බලන්න මේකේ 3 විතරයි වැදිලා තියෙන්නේ. 1 වැදිලා නැහැ. 31 කියල කියන්නේ කොහොමද. රත්මලානින් ආයෙත් මෙයාව අල්ලයිනේ මේකත් පරණයි කියලා.
නැහැ එතකොට සිරියල් නො බලන්න පුළුවන්.
ඒ සමගම දුම්රියක් පැමිණ මිනිසුන් බැස යයි. කලින් කිවා මෙන්ම විශාල පිරිසක් තාප්පේ කැඩුණු තැනින් පිටවී යයි.
පොලිසිය - එතකොට අර යන මිනිස්සු චෙක් කරන්නේ නැද්ද
දු: ස්ථානාධිපති - අපිට දැල් දන්නා වෙයි. හැමෝම බලන්න බැහැනේ.
පොලිසිය - එතකොට මේ ඉන්නේ කට්ටිය. දෙන්නෙක් දැම්මනම් පුළුවන්නේ
දු: ස්ථානාධිපති - මෙයාලා ඉන්නේ ඇතුලේ වැඩ වලට.
පොලිසිය - හොරෙන් යන අය ඔතනින් යනවා ඇති. මෙයත් එහෙම කෙනෙක් නම් මෙතනට එයි කියල හිතන්න පුලුවන්ද. අනික නැවත යන්න ටිකට් එකකුත් අරන් තියෙනවනේ.
දු: ස්ථානාධිපති - ඔබතුමා දන්නේ නැහැ. මුන් හොරු. අහු වුනාම ඔහොම තමයි කියන්නේ.
ඒ සමග දුම්රිය ආරක්ෂක ඒකකයෙන් පැමිණෙයි
ඔවුන්ටද පෙර ලෙසම කතාව කියයි. මමද පැවසුවේය.
ඔවුන්ට මගේ කතාව තේරුම් ගියත් කිරීමට දෙයක් නොමැත.
අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපේ වැඩේ උසාවි දාන එකවිතරයි. ටිකට් එක පිටිපස්සේ අත්සන් කරන්න.
දැන් අපිට ඔබතුමාව ගෙනියන්න වෙනවා මාංචු දාලා.
අනේ මම වැරද්දක් කලේ නැහැ. මාංචු දන්නේ ඇයි
වැරද්දක් කරලා නැතත් ක්‍රමය මේකයි. නඩු ගාස්තු LAWYER ගාස්තු ගෙවනවාට වඩා දඩේ ගෙවන එක ලේසියි. කුඩුවේ තපින්න ඕනෙත් නැහැනේ.
මට ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. 3000/- මගේ දරුවන්ට කිරිපිටි අරන්දෙන්න පුළුවන්. පොත්පත් ගන්න පුළුවන්. වැරද්දක් කරන්නේනතුව ඇයි දඩ ගෙවන්නේ.
එහෙනම් උසාවි දාමු. යමු අපිත් එක්ක. ඔවුන්ට කතාව තේරුණු නිසා මාංචු දැම්මේ නැත,
ඔවුන්ගේ වහනයට ගොඩවූ පසු මට හිතුනේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති සහ සේවකයින්ගේ අධාපන මට්ටම ගැනය. දේශපලයින්ගේ බත් බැලයින් මෙවැනි පොදු ස්ථානවල රැකියාවට දමන නිසා කොපමණ මිනිසුන් අසරණ වෙනවා ඇත්ද? මෙවැනි දෙයක් පොඩි කෙනෙක්ට වුවද තේරුම් ගත හැක. නමුත් ඔවුන් හැසුරුනේ වෙනස් ආකාරයකට. මෙවැනි දෙයක් ගැහැණු ළමයෙකුට වූවානම් දිවිනසගන්නවා නියතය. මා සිතින් මෙය විදෙව්වේය.
ඔතන හොරු අහුවෙනවා. එත් මේක එහෙමයි කියලා මට හිතෙන්නේ නැහැ. එත් අපිට තියෙන්නේ උසාවි දාන වැඩේ විතරයි. ඔය වැරද්දක් කලත් නොකලත්.වාහනයේ සිටි නිලධාරියා පැවසුවේය.
මම තව අසරණ විය.
කොළබ දුම්රිය ආරක්ෂක ස්ථානයට රැගෙන ගියේය.
මෙන්න මෙයාගේ විස්තර පුරවගන්න. ඒත් මම කියන්නේ මහත්තයා අතේ සල්ලි තියෙනවනම් විතරක් නඩු කියන්න. නඩු කිව්වොත් ඔයාට වාසියි. එත් සල්ලි නැත්නම් එහෙම යන්න එපා. ඔයා නිවැරදි කරු කිව්වත් කරන්නේ ඔයාව ලොකප් කරන එක තේරුමක් නැහැ. අද උසාවි දැම්මොත් ඇපත් නැහැ. සිකුරාදා නිසා.
මම තවත් අසරණයි.
සල්ලි නැත්නම් ඔෆිස් එකේ කෙනෙක්ට හරි එන්න කියන්න සල්ලි අරන්. අපි එතකන් ඉන්නම්. දඩේ ගෙව්වට පස්සේ දුම්රිය සාමාන්‍ය අධිකාරිට ඕක ගැන ලියන්න. සොයා බැලීමක් කලොත් අපහු ලැබෙන්නත් පුළුවන්.
අසරණ වූ මම යාලුවෙක්ට එන්න කියා දඩේ ගෙවා පැමිණියේ.
මාගේ වැරැද්ද සල්ලි ගෙවා ටිකට් එකක් ගෙන දුම්රියේ පැමිණීමයි. තාප්පේ කැඩුණු තැනින් අනිත් උන් වගේ හොරෙන් ගියානම් ඉවරයිනේද කියා සිතුනි.
දිනේ වැදිලා නොතිබීමත් පරණ ටිකට් නිකුත් කර තිබීමත් යන වැරදිද මගේම විය. අපි ගෙවන බදු මුදල් වලින් පඩි ගන්නා මොවුන්ගේ ක්‍රියා විලාසය මෙහෙමද? අවවාදයක් දී හෝ යවන්න හැකියාව තිබියදී ඔවුන් එසේ කලේ ඇයිද?? ඔවුන් වැරද්දක් නොකලානම් RECORD කිරීමට බය වුයේ ඇයි ?? මෙය ජාවාරමක්ද ? ඔවුන් මෙවැනි ටිකට් ලග තබාගෙන අපි දෙන ඒවාට මාරු කර මෙසේ දඩ ගසනවා වෙන්න පුළුවන් නේද. මෙවැනි දෙයකට ඔබත් ලක් විය හැක. හැකි සෑම ආකාරයෙන්ම ප්‍රවේසම් වන්න.කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ මීලග ඉලක්කය ඔබ විය හැක.
ඔබගේ සහෝදර සහෝදරියන් හිතවතුන්ට මේ ගැන දැනුවත් කරන්න. SHARE කරන්න. එක ලොකු පිනක් වෙයි මෙවැනි පුද්ගලයින්ගෙන් ආරක්ෂා වීමට

30/08/2020

අනුරාධපුරයේ බස් නැවතුමේදී වයස අවුරුදු 02ක දැරියක්ව කිසියම් අයෙකු විසින් හොරෙන් පැහැරගෙන ගොස් පොදු වැසිකිළියේදී බරපතල ලෙස ලිංගික දූෂණයට ලක් කර තිබෙනවා. හදවත් රෝගයකට බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නේ..( ඉන්දියාවේ නම් මරණ දඩුවම ඉල්ලලා මිනිස්සු පාරට බහිනවා.. අපේ රටේ මිනිස්සුන්ට ඉතිම් තමන්ට උනොත් විතරයි.)

27/04/2020
12/12/2019
අනතුරුදායක පදික වේදිකා======================පහත ඡායාරූප වලින් ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ ඉතා කාර්ය බහුල නගරයක්...
09/12/2019

අනතුරුදායක පදික වේදිකා
======================

පහත ඡායාරූප වලින් ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ ඉතා කාර්ය බහුල නගරයක් වන රාජගිරිය ප්‍රදේශයේ පදික මං තීරුවේ ස්ථාන කිහිපයකි.

පදික මං තීරුව හරහාදමා ඇති හරස් කාණු වල මතුපිට කොන්ක්‍රීට් පියන් කැඩී යාම හෝ ඉදි නොකිරීම නිසා පදිකයන්ට ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් ඇති වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ කෝට්ටේ නගර සභාවේ ඉහළ නිළධාරීන් පවා ගමන් කරන මෙවැනි ස්ථානයක පවා මෙවැනි අනතුරුදායක තත්ත්වයක් බලධාරියෙකුගේ ඇස නොගැටීම පුදුමයට කරුණකි.

වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.

, ,

කොළඹාශ්‍රිත දුම් රිය ස්ථාන.========================මුලින් ම කියන්නම් මේ ලිපියෙන් කොළඹ ආශ්‍රිත දුම් රිය ස්ථාන ගැන කතා කළා...
28/11/2019

කොළඹාශ්‍රිත දුම් රිය ස්ථාන.
========================

මුලින් ම කියන්නම් මේ ලිපියෙන් කොළඹ ආශ්‍රිත දුම් රිය ස්ථාන ගැන කතා කළාට මේ ප්‍රශ්ණය තියෙන ගොඩක් දුම් රිය ස්ථාන ලංකාවෙ තිබෙනව.

මුහුදුබඩ දුම් රිය මාර්ගයේ කොළඹ ඉදන් යද්දි තිබෙන ප්‍රධානම දුම් රිය ස්ථාන කිහිපයක් තමයි කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත.
කොළඹ නගරයේ දැනට පවතින අධික රථ වාහන තදබදය නිසාත් පහසුව නිසාත් කාර්යාල සේවකයින් බොහොමයක් ගමන් කරන්නෙ දුම් රියෙන්. ඒ කියන්නෙ කාර්යාල වෙලාවට මේ දුම් රිය ස්ථාන වල තිබෙන තදබදය අමුතුවෙන් කිව යුතු නෑ.

නමුත් දැනට මෙම භාවිතා කරන පිරිසට ප්‍රමාණවත් ලෙස මේ දුම් රිය ස්ථාන ප්‍රමාණවත් නෑ කියලයි බොහෝ පිරිසකගෙ මතය.

තව ද කාර්ය බහුල වෙලාවට දුම් රියකින් බහින ජනතාවට දුම් රිය ස්ථානයෙන් පිට වෙන්න තියෙන පහසුකම් ඉතාමත් අඩුයි. ඉතින් ඒ වෙලාවට දුම් රිය වේදිකාව දෙපසින් බැහැල යන එක තවත් අවදානම්.

සංචාරකයන් පවා බහුල ව ගැවසෙන මෙවැනි දුම් රිය ස්ථාන කඩිනමින් සංවර්ධනය විය යුතු බවයි කාගේත් මතය.

20/11/2019

ගම්පහ නගරයේ ඇති දුම්‍රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී ගමන් කරන යතුරු පැදි කරුවෙක්.

වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.

මෙහි දැක්වෙන්නේ ඔබ හොඳින් දන්නා හුණුපිටිය දුම්රිය ස්ථානය අසළ හරස් මාර්ගයයි.උදෑසන දුම් රිය සඳහා මාර්ගය වසා ඇති විට මේ ආකා...
19/11/2019

මෙහි දැක්වෙන්නේ ඔබ හොඳින් දන්නා හුණුපිටිය දුම්රිය ස්ථානය අසළ හරස් මාර්ගයයි.

උදෑසන දුම් රිය සඳහා මාර්ගය වසා ඇති විට මේ ආකාරයට මාර්ගයේ අනික් පසින් පැමිණ නවත්වාගෙන සිටින යතුරු පැදි, ත්‍රී රෝද රථ සහ අනිකුත් වාහන නම් මෙතැන ඉතාමත් සුලබ දසුනක්. (තවත් මෙවැනි ස්ථාන නැතුවා නොවේ.)

දුම් රිය ගේට්ටුව විවෘත වීමෙන් පසු මාර්ගය පුරා යන මෙම අනුවණයන් නිසා නිසි පරිදි ගමන් කරන්නන්ටත් අවහිර වන අතර මාර්ග තදබදයටත් හේතු වේ.

මෙවැනි ප්‍රසිද්ධ ස්ථාන වලට විශේෂ අවධානයක් යොමු කර වැරදි කරන්නන්ට දඬුවම් ලබා දීම ශ්‍රී ලංකා පොලීසියේ වගකීම නොවේ ද?

වග කිව යුත්තන්ගේ අවධානය පිණිසයි.


දිනය: 2019.11.09ස්ථානය්: කොල්ලුපිටිය මං සන්ධියමේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගරයක් වන කොල්ලුපිටිය මං සන්ධියේ බස් ...
09/11/2019

දිනය: 2019.11.09
ස්ථානය්: කොල්ලුපිටිය මං සන්ධිය

මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගරයක් වන කොල්ලුපිටිය මං සන්ධියේ බස් නැවතුම්පොළ අසල ඇති තත්ත්වයයි. වැසි ජලය නිසි පරිදි බැස නොයන ආකාරයට ඇති මෙවන් ස්ථාන නිසා මගීන්ද අපහසුතාවයට පත්වන අතර මදුරුවන් බෝ වීමේ අවධානමක් ද පවතී.

වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.

#කොළඹමහනගරසභාව

බස් ටිකට්======කොළඹ නගරයේ ගත්තත් කොළඹින් පිට ගත්තත් අපි බහුලව භාවිතා කරන්නෙ පොදු ප්‍රවාහන මාධ්‍යය. ඒ කියන්නෙ බස් රථ සහ ද...
23/10/2019

බස් ටිකට්
======
කොළඹ නගරයේ ගත්තත් කොළඹින් පිට ගත්තත් අපි බහුලව භාවිතා කරන්නෙ පොදු ප්‍රවාහන මාධ්‍යය. ඒ කියන්නෙ බස් රථ සහ දුම්රිය.

දුම්රියේදි නැතත් බස් එකේදි අපිට මුහුණ පාන්න වෙන සිද්ධියක් ගැන තමයි මේ කතාව. සිද්ධියක් කිව්වට සිද්ධි දෙකක්.

එකක් තමයි ඉතුරු මුදල් ලැබෙන්නැති එක.
දැනට බස් රථවල ගාස්තු ක්‍රමය හැදිල තියෙන්නෙ රු. 12, 14 සහ 19 .... විදියට. ඉතින් මගීන්ටත් කොන්දොස්තර මහතාටත් දෙගොල්ලන්ටම තියෙන ප්‍රායෝගික හේතු නිසා ගොඩාක් වෙලාවට ඉතුරු රුපියල හෝ දෙක ලැබෙන්නෙ නෑ. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට කොන්දොස්තර මහත්තුරු මාරු කාසි තිබිලත් පුරුද්දට වගේ ඉතුරු නොදෙන අවස්ථා ගැන අපි හැමෝටම අත්දැකීම් ඇති. ඒ වෙලාවට මගීන් විදියට ඒ රුපියල ගැන නොහිතන නිසා කවුරුත් මේ ගැන වැඩිය කතා කරන්නෙ නෑ.

අනික් ප්‍රශ්ණය තමයි ටිකට් හෙවත් ප්‍රවේශ පත්‍ර.
කුමක් හෝ ආයතනයකින් බස් රථ සේවාව නියාමනය වෙනවද කියල හිතෙන තරමටම අද වෙනකොට ටිකට් පත් නොදෙන එක සාමන්‍යකරණය වෙලා.

මේ වගේ ගැටළු ඇති නොවන ආකාරයට මේ සේවාවන් නියාමනය කිරීම සහ ප්‍රායෝගික විසදුම් දීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීමක්. එහෙම උණොත් අපි හැමෝටම සම්පතක් වෙන පොදු මගී ප්‍රවාහනය මේ තියෙන මට්ටමින් අඩියක් ඉදිරියට ගෙනියන්න පුළුවන්.

වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.


21/10/2019

ජලය නොබසින මහා මාර්ග
================
දිනය: 2019.10.21
වේලාව: පෙරවරු 7.30

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කොකිස් කඩේ මංසන්ධියේ අද තිබුණු තත්ත්වයයි. නිසි පරිදි කාණු පද්ධතිය සකස් නොකිරීම සහ නඩත්තු නොකිරීම නිසා ඇති ඇති වී තිබෙන මෙම තත්ත්වය මේ හරහා ගමන් කරන බොහෝ දෙනාට සුලබ දසුනකි.

මාර්ගය ජලයෙන් යට වීම සහ අධික රථ වාහන තදබදය නිසා මාර්ගය භාවිතා කරන්නන් දැඩි ලෙස පීඩා විදින අතර මෙයට ඉක්මන් විසදුමක් ලබා දීම බලධාරීන්ගේ වගකීමයි.

වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.

,

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when To whom it may concern - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share