ගාලු යාළු Galu Yalu

ගාලු යාළු     Galu Yalu ගාල්ලේ අභිමානය ලොවට කියමු.
(1)

05/06/2026

දෙවනි ඉනිම පටන් ගන්නකොට මම Single 🧍‍♂️
ඉවර වෙනකොට Double 👫
ඔයා ?

තමන්ගේ අයට බරක් වූනු මිනිසුන් රැක බලාගත්තු ලොකු අයියා...💔මොනාද බං මේ නීති... 😒😕
04/06/2026

තමන්ගේ අයට බරක් වූනු මිනිසුන් රැක බලාගත්තු ලොකු අයියා...💔
මොනාද බං මේ නීති... 😒😕

මන්දමානසිකව ඉපදීමටත් ගින්නෙන් දැවි දැවී දුක්ඛිත මරණයක් අත් විඳින්නටත් ඔවුන් කෙබඳු නම් බියකරු කර්මයක් කර ගන්නට ඇත්ද?😥💔🙏මත...
04/06/2026

මන්දමානසිකව ඉපදීමටත් ගින්නෙන් දැවි දැවී දුක්ඛිත මරණයක් අත් විඳින්නටත් ඔවුන් කෙබඳු නම් බියකරු කර්මයක් කර ගන්නට ඇත්ද?😥💔🙏
මතු උපදින ආත්මයක් පාස මෙවන් ලෙස ජිවිතේ අහිමි නොවේවා

මන්දමානසික කෙනෙක් දැක්කාම අහාක බලාගෙන යන මිනිස්සුන්ට වඩා හිතේ කහාටක් නොමැතිව සිනාසී ජිවත් වෙන මිහිපිට සිටින මන්දමානසික කිසිවෙක්ට මෙවන් අකල් මරනයක් අත් නොවේවා
🙏😔
මිය ගිය සියලු දෙනාට නිවන් සුව!

25/05/2026

ගාලු කොටුවෙ බාල් නැටුම්😂

25/05/2026

ජීවිතය කියන්නේ හුස්ම පොදක් විතරයි... 🍂
​ඉඩමේ වැට මායිම සුද්ද කරමින්, ලස්සනට හෙට දවස සැලසුම් කරමින් සිටි ඒ මනුස්සයා මොහොතකින් මෙලොව හැර ගියේ අපිට ලොකු පාඩමක් කියා දීලයි.
​ නිමක් නැති ආශාවන් වෙනුවෙන් අපි කොච්චර නම් පොරබදිනවද? හැබැයි අවසානයේ අපිට උරුම වෙන්නේ අපි හිටගෙන ඉන්න පස් ටික විතරයි.
​කරමින් සිටි වැඩේවත් ඉවර කරන්න ඉඩක් නොතබා, මරණය කොයිතරම් ක්ෂණිකව අපව සොයා එනවාද කියන එකයි මේ කටුක ඇත්ත.
අපි හෙට ගැන කොයිතරම් සැලසුම් හැදුවත්, "මරණය" අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ජීවත් වන කෙටි කාලයේ වෛරයෙන්, ක්‍රෝධයෙන් තොරව, හැකිතාක් පින් දහම් කරමින් සතුටින් ජීවත් වෙමු.

​මියගිය ඒ ආදරණීය අනුර මහත්මාට නිවන් සුව අත්වේවා! 🙏✨( අද වැලිගම පැලෑන ප්‍රදේශයේ )

21/05/2026

සරම Left 🤣🤣🤣🤣

12/05/2026

ඒ කාලෙ පැල් බැඳගෙන අහපු මේ සින්දුව මතකද.. අදටත් ඒ මතක සටහන් පුදුම විදියට හිතට වද දෙනවා 🥺🤍

මේ අවුරුදු 11කට පස්සෙ කරපු ඒ සින්දුවේ remake එකක් 🥰 නිකමටවත් හිතුනද සින්දුව පිටිපස්සේ මෙච්චර සංවේදී කතාවක් තිබ්බා කියලා 👇🏻

සාගරිකා පිට පනින දවස් වලම මේ කතාව කියන්න්ම හිතුන.. සිංදුව ලියන්නත් හේතු උනේ සාගරිකා දුම්රියේ ආදර කතාවක්.. ❤️‍🩹

කොල්ල මොරටු කැම්පස් එකෙන් out කොල්ලෙක්.. කෙල්ල පුද්ගලික අංශයේ රැකියාවක් කරනවා වෙන්න ඇති. දීර්ඝකාලීන love එකක්.. එක් දිනක් අප යන තුන්වෙනි පන්තියේ මැදිරියේ දෙන්න ටිකක් ආවේගයෙන් ආගියු කරනවා.. කොල්ල ආවේගයෙන් වචන හිර කරගෙන වැරෙන් කෙල්ලට කියනව ඇයි බං මෙච්චර කාලයක් ඉදලත් ඔය වගේ කතාවක් මට කිව්වෙ නැත්තෙ.. ඒ කාලෙ ගෙදරින් අකමැත්තක් පෙන්නුවෙ නැති අය එක සැරේටම ඇයි... හත්මුතු පරම්පරාවටම මගුල ගැන කිව්වට පස්සෙද මේක කියන්නෙ.. කොල්ල ආවේගයෙන් වෙවුලනව.. කෙල්ල නිහඩව කදුලු පෙරනව.. කතාව මොකක් උනත් කොලඹටම යන්න ආපු කොල්ල කලුතරින් බහිනව..කෙල්ල කොළඹටම යනව.. ලස්සනම ටික එදාම සාගරික ආයෙ ගාලු එද්දි.. කොටුවෙන් කෝච්චියට නැගපු මට තරු විසි උනේ.. අර කෙල්ල තව හැන්ඩි කොල්ලෙක් එක්ක වෙනත් මැදිරියක ආදරෙන් වෙලිල ඉන්නව දැකල.. මේ වෙලාවෙ උදේ කලුතරින් බැහැපු ගාල්ලෙ කොල්ල මේක දැක්ක නම්..

කෝච්චියේ අයිනක් අල්ලගෙන කල්පනාවෙ යන මට ආපු වචන ටික.. "වෙන්වුනු දාම අන්සතු වීම හිත දරන්නේ කෙසේ." පපුවට හුරුකර ආදරේ ඇයි ගියේ මිදිලා.. සිංදුවේ බාගයක් විතර ලියල Recording කරන්නත් කලින් මට කෝච්ච්යේදීම හමුවන ගාල්ලෙ කොල්ල එක්ක කතාවට වැටිල ලියපු සිංදුවත් පෙන්නල No එක ගන්නව.. Facebook Request දාගන්නව..ඔවු උඹ දැන් මගේ fb එකෙත් ඉන්න ඉන්ජිනේරුවෙක් එක්තරා දවසක උදේ 9.30 ට විතර මට එන Call එක..මචන් අද තමයි මම අර කෙල්ල බදින්න ඉදිය දවස.. පෝරුවේ නගින්න නැකත තිබුනෙ 9.21ට.. මං ඒ වෙලාවට බුදුන්ට පහනක් පත්තුකරා ආයේ මගේ ඇස් දෙකටවත් දකින්න ලැබෙන්න එපා..මේ වාගෙ ගිණ්නක් තව කොයි කාටවත් වෙන්න එපා කියල...

පපුවට හුරු නැති ආදරේ - ඔබ මට හුරු කරලා
තනි වුණු තරමක් ජීවිතේ -පෙර ඇති පව් පිරිලා
හිතුවක්කාර ආදරේ - තවමත් මගෙ හිතෙනා
හිතුවෙත් නෑ මං මේ වගේ - දාල යයි කියලා
පපුවට හුරු කර ආදරේ ඇයි ගියේ මිදිලා

දෑසින් යාව ඔබ ඉඳියාම දැනෙයි මහමෙර වගේ
වෙන්වුණු දාම අන්සතු වීම හිත දරන්නේ කෙසේ
මට හීන පොකුරක් තියා වෙන කාගෙවත් වී ඔයා
මේ වාගෙ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා

තනිකඩ පාලු පපුවම කැවෙනු හිත හඬයි තව මගේ
වෙන්වී ගිය මුත් සතුටින් හිඳිනු එය සැපයි මට ළදේ
කවදාකවත් මගේ වෙලා යළි එන්නෙ නෑමයි ඔයා
මේ වාගෙ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා

Artist And Lyrics Kasun Ranasinghe

වැස්ස වෙලාවට කොටුවේ පාර අයිනේ පස් මතින් වාහනේ යන්නේ පරිස්සමෙන්! ගිලා බහින්න පුළුවන්. මේ එහෙම ගිලා බැහැපු තැනක් හැදුවට පස...
11/05/2026

වැස්ස වෙලාවට කොටුවේ පාර අයිනේ පස් මතින් වාහනේ යන්නේ පරිස්සමෙන්! ගිලා බහින්න පුළුවන්. මේ එහෙම ගිලා බැහැපු තැනක් හැදුවට පස්සේ ආයේ අද වැස්සට බැහැලා.

09/05/2026

හබරාදුව බෝගහගොඩ පිලාන අගුළුගහ අවට birthday cake delivery කරන අය ඉන්නවද

කවුද ඕයි මේවා හදන්නෙ 🤣🤣🤣
07/05/2026

කවුද ඕයි මේවා හදන්නෙ 🤣🤣🤣

Address

Galle
80250

Website

Alerts

Be the first to know and let us send you an email when ගාලු යාළු Galu Yalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share