Southern Province Governor's Secretariat

Southern Province Governor's Secretariat දැක්ම
දකුණු පළාත් ජනතාව වෙත වඩාත් ඵළදායී හා මානව හිතවාදී රාජ්‍ය සේවයක් සැපයීම.

සී/ස ගාල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ වාර්ෂික සමුළුව 2026 සැප්තැම්බර් 05 වන දින පෙරවරුවේ ගාල්ල මකුළුව, සුනීරු ලංකා හෝටලය...
07/09/2026

සී/ස ගාල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ වාර්ෂික සමුළුව 2026 සැප්තැම්බර් 05 වන දින පෙරවරුවේ ගාල්ල මකුළුව, සුනීරු ලංකා හෝටලයේදී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනතාවගේ ආර්ථික හා සමාජීය ශක්තිය ගොඩනැගීමේදී සමුපකාර ව්‍යාපාරයට සුවිශේෂී වගකීමක් මෙන්ම වැදගත් ස්ථානයක් හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා අවධාරණය කළ අතර, වර්තමාන සමාජ හා ආර්ථික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සමුපකාර ව්‍යාපාරය නවීකරණය කරමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. සාමාජිකයින්ගේ ආර්ථික හා සමාජීය අවශ්‍යතා වඩාත් ඵලදායී ලෙස සපුරාලීම සඳහා නව අවස්ථා හඳුනාගනිමින්, තාක්ෂණය හා නවීන කළමනාකරණ ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් සමුපකාර සමිතිවල සේවා පුළුල් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමන් සඳහන් කළේය.

එමෙන්ම, සමුපකාර ව්‍යාපාරය හුදෙක් භාණ්ඩ හා සේවා සැපයීමේ ආයතනික ක්‍රියාවලියකට සීමා නොවී, ප්‍රජාවගේ ආර්ථික ස්වයංශක්තිය වර්ධනය කරන, සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට දායක වන ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතු බවද අවධාරණය කෙරිණි.

සමුපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් වසර ගණනාවක් පුරා අනුපමේය මෙහෙවරක් ඉටු කළ නිලධාරීන් ඇගයීමක්ද මෙහිදී සිදුකෙරුණු අතර, ඔවුන් වෙත ඇගයීම් හා උපහාර පිරිනැමීම සිදු විය.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, සමුපකාර විෂය භාර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ දකුණු පළාත් සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා, දකුණු පළාත් සමූපකාර කොමසාරිස් බෙනිකා ජයසේකර මහත්මිය ඇතුළු දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගාල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති අශෝක හේවගේ මහතා ඇතුළු සී/ස ගාල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ නිලධාරීන්, කාර්ය මණ්ඩලය, සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සාමූහිකත්වය, විශ්වාසය සහ වගකීම පදනම් කරගනිමින් ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනගන ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

03/09/2026

🌍 දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රයට නව භාෂා ශක්තියක්..! 🇱🇰

ප්‍රංශ 🇫🇷 | හින්දි 🇮🇳 | රුසියානු 🇷🇺 භාෂා පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලාවක් රුහුණු සංචාරක කාර්යාංශය මගින් ආරම්භ කෙරේ.

🎓 මාස 04ක සති අන්ත පුහුණුව
🗣️ සංචාරක ක්ෂේත්‍රයට ප්‍රායෝගික භාෂා දැනුම
🏆 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්

දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට තවදුරටත් ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, සංචාරක මාර්ගෝපදේශකයින්, ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සඳහා මහඟු අවස්ථාවකි.

✨ භාෂා දැනුමෙන් සංචාරක ක්ෂේත්‍රයට නව අනාගතයක්!

India in Sri Lanka (Consulate General of India, Hambantota)

දකුණු පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය හා අභිවෘද්ධිය අරමුණු කරගනිමින්, රුහුණු සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබ...
03/09/2026

දකුණු පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය හා අභිවෘද්ධිය අරමුණු කරගනිමින්, රුහුණු සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විශේෂ භාෂා පුහුණු පාඨමාලාව අද (03) දින උදෑසන දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ප්‍රංශ, හින්දි සහ රුසියානු යන භාෂා තුන ආවරණය වන මෙම විශේෂ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා, රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ උපදේශක හා පළමු ලේකම් මාරියා එල්. පොපෝවා මහත්මිය, Alliance Française de Matara et Annexe de Galle හි අධ්‍යක්ෂ එරංග සිටුගේ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක ව්‍යාපාරිකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා මෙම පාඨමාලාව සැලසුම් කර තිබේ.

මාස හතරක කාලයක් පුරා සති අන්තවල පැවැත්වෙන මෙම පාඨමාලාව, සංචාරක ක්ෂේත්‍රයේ දෛනික හා ප්‍රායෝගික කටයුතු සඳහා සෘජුවම යොදාගත හැකි ව්‍යවහාරික භාෂා දැනුම ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහා ඉන්දියානු කොන්සුල් ජනරාල් කාර්යාලය, රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සහ ප්‍රංශ තානාපති කාර්යාලය හා සම්බන්ධ Alliance Française ආයතනය ඒකාබද්ධව දායකත්වය ලබාදෙති.

පාඨමාලාව සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුවක් අය නොකරන අතර, දකුණු පළාතේ පදිංචි වයස අවුරුදු 20 ඉක්මවූ පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය. අයදුම්පත් ගාස්තුව ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් රුපියල් 1,500/- ක්ද, අනෙකුත් අයදුම්කරුවන්ගෙන් රුපියල් 3,000/- ක්ද අය කෙරේ.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අවශ්‍යතා හා සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සහභාගිවන්නන් වෙත අදාළ තානාපති කාර්යාල හා රුහුණු සංචාරක කාර්යාංශය විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

මෙම භාෂා පුහුණු වැඩසටහන මගින් විදේශීය සංචාරකයින් සමඟ වඩාත් කාර්යක්ෂම හා සුහද සන්නිවේදනයක් ගොඩනගමින්, දකුණු පළාතේ සංචාරක සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, ජාත්‍යන්තර සංචාරක වෙළෙඳපොළ තුළ දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමටත් මහඟු දායකත්වයක් සැපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) සමන් ජයසේකර මහතා, රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා, රුහුණු සංචාරක කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම පාඨමාලාවේ දේශන සහ පුහුණු වැඩසටහන් සැප්තැම්බර් මස පළමු සති අන්තයේ සිට රුහුණු සංචාරක කාර්යාංශයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

වැඩිදුර විමසීම්: 091-2224072


India in Sri Lanka (Consulate General of India, Hambantota)

පාසල් සිසුන් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, ජීවිත රක්ෂණ සංකල්පය පිළිබඳ දැනුවත්භාවය හා අවබෝධය වර්ධනය කිරීම, තාර්කික හා ...
02/09/2026

පාසල් සිසුන් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, ජීවිත රක්ෂණ සංකල්පය පිළිබඳ දැනුවත්භාවය හා අවබෝධය වර්ධනය කිරීම, තාර්කික හා නිර්මාණශීලී චින්තනය වැඩි දියුණු කිරීම මෙන්ම කුඩා අවදියේ සිටම වගකීම් සහගත මූල්‍ය සැලසුම්කරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවැත්වීමට නියමිත ජීවිත රක්ෂණය පිළිබඳ ජාතික රචනා තරඟාවලියේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ලොවපුරා ජීවිත හා රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වන පදනම (FALIA) සහ ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය (IASL) විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා සඳහන් කළේ, පාසල් වියේ සිටම දරුවන් තුළ මූල්‍යමය වශයෙන් වගකීම් සහගත චින්තනයක් ඇති කිරීම අනාගත සමාජයට වඩාත් වගකීම් සහගත පුරවැසියන් බිහිකිරීම සඳහා වැදගත් වන බවයි. එමෙන්ම ඉතිරිකිරීම, මූල්‍ය සැලසුම්කරණය, අවදානම් කළමනාකරණය සහ ජීවිත රක්ෂණය වැනි සංකල්ප පිළිබඳ මූලික අවබෝධයක් පාසල් අවධියේදීම ලබාදීම කාලීන අවශ්‍යතාවක් බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

තරඟාවලිය 2026 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා නම් කරන ලද විභාග මධ්‍යස්ථානවලදී අධීක්ෂණය යටතේ විභාගයක් ලෙස පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දකුණු පළාතේ පාසල් සිසුන්ගේ සහභාගිත්වය පුළුල් කිරීම සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම තරඟාවලිය කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, සෑම දිස්ත්‍රික්කයකින්ම එම කාණ්ඩ දෙක යටතේ ඉහළම දක්ෂතා දක්වන සිසුන් සඳහා දිස්ත්‍රික් කුසලතා සම්මාන පිරිනැමීමට නියමිත බවද මෙහිදී සඳහන් කෙරිණි.

තරඟාවලිය පිළිබඳව පාසල් සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම, පාසල් මට්ටමින් සිසුන්ගේ සහභාගිත්වය දිරිගැන්වීම, විභාග මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සහ තරඟාවලිය විධිමත්ව හා සාර්ථකව පැවැත්වීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ සහයෝගය ලබාදීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය. මූල්‍යමය වශයෙන් වගකීම් සහගත අනාගත පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් නිලංගි ඩයස් මහත්මිය, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඡන්න උපාලි වීරසේකර මහතා, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන රසිකා පතිරණවසම් මහත්මිය සහ ටී.එස්.පී. කලංසූරිය මහත්මිය, ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒ. මධුශ්‍රීණි වාසනා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ගාල්ල දි...
02/09/2026

විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කමිටුව, දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ සහ වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026-08-31 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

“මතින් තොර රටක් – සතුටින් පිරි හෙටක්” යන අරමුණ පෙරදැරි කර ගනිමින් පැවැත්වූ මෙම මෙහෙයුම් සභාවේදී, ගාල්ල දිස්ත්‍රික්කය තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම පාසල් දරුවන් ඇතුළු තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා පෙන්වා දුන්නේ, විෂ මත්ද්‍රව්‍ය යනු පුද්ගලයකුගේ සෞඛ්‍යයට පමණක් බලපාන ගැටලුවක් නොව, සමාජයේ විවිධ ස්ථරයන් කෙරෙහි බලපෑම් ඇති කරමින් රටේ ආර්ථික, සමාජීය හා පාලන ක්ෂේත්‍රයන්හි දූෂණය හා වංචාව වර්ධනය වීමටද හේතු වන බරපතළ ජාතික අභියෝගයක් බවයි. එබැවින් මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, පාසල් පද්ධතිය, දෙමාපියන්, ආගමික හා සමාජ සංවිධාන මෙන්ම සමස්ත ජනතාව ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ආණ්ඩුකාරතුමන් අවධාරණය කළේය. අනාගත පරපුරට ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ යහපත් සමාජයක් උරුම කර දීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවද ආණ්ඩුකාරතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ, රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන විසින් මේ වන විටත් පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ වාර්තා වන මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් තවදුරටත් අවම කරමින්, දිස්ත්‍රික්කය මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහෙයුම් සභාවේදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය වැටලීම්වල වර්තමාන තත්ත්වය පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, 2025 ඔක්තෝබර් 30 වන දින සිට 2026 අගෝස්තු 30 වන දින දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 13,944ක් සිදුකර ඇති අතර, එම වැටලීම්වලදී විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 106.331ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සංඛ්‍යාලේඛන මගින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය හා මෙහෙයුම් ක්‍රියාමාර්ගවල පරිමාණය පැහැදිලි වන අතර, ඉදිරියේදී එම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ක්‍රියාකාරකම් වැළැක්වීම සහ එවැනි ජාවාරම්වල නිරත පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම පාසල් සිසුන් අතර ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහෙයුම් සභාවේ අවධානය යොමු විය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පමණක් ගැටලුව විසඳිය නොහැකි බැවින්, ඔවුන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ප්‍රාථමික සත්කාරක රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන “සහන සුවය” ව්‍යාපෘතියේ ප්‍රගතිය, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබාගත හැකි ආකාරය, මෙන්ම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රතිකාර වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවද අදාළ නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. තවද, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මේ අතර, බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද මෙහෙයුම් සභාවේදී සාකච්ඡා කරන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමේ නීතිමය ක්‍රියාමාර්ග, නිවාරණ වැඩසටහන්, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා මෙන්ම පාසල් හා ප්‍රජා මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඒකාබද්ධ කරමින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි සටන රජයේ එක් ආයතනයකට හෝ එක් අංශයකට පමණක් සීමා වූ කාර්යයක් නොවන අතර, “රටම එකට” යන සංකල්පය යටතේ සියලු රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ සහ සමාජයේ සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කර ගනිමින් ක්‍රියා කිරීම තුළින් “මතින් තොර රටක් – සතුටින් පිරි හෙටක්” නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළේ අපේක්ෂාවයි.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා, ක්ලීන් ශ්‍රී ලංකා දකුණු පළාත් සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ වගකිවයුතු පාර්ශව රැසක් සහභාගී වූහ.

දකුණු පළාත් නීතිය හා සාමය, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ 2027 වර්ෂයට අදාළ සංවර්ධන සැ...
28/08/2026

දකුණු පළාත් නීතිය හා සාමය, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ 2027 වර්ෂයට අදාළ සංවර්ධන සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදාළ අමාත්‍යාංශ යටතේ පසුගිය වසරේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය, ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හා අභියෝග මෙන්ම ඉදිරියේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් ජනතාවගේ ආරක්ෂාව හා සාමය තහවුරු කිරීම, ගුණාත්මක සෞඛ්‍ය සේවා සහ දේශීය වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම, පළාත් පාලන ආයතන මගින් පිරිසිදුකම, කසළ කළමනාකරණය හා පොදු පහසුකම් වැඩිදියුණු කිරීම, කාර්යක්ෂම හා ආරක්ෂිත ප්‍රවාහන සේවා සැපයීම මෙන්ම දකුණු පළාතේ සංචාරක ආකර්ෂණ වැඩිදියුණු කර රැකියා හා ආදායම් අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම පසුගිය වසරේදී හඳුනාගත් ගැටලු හා අඩුපාඩු නිවැරදි කරමින්, රාජ්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂමව හා ප්‍රමුඛතා අනුව යොදා ගනිමින් මහජනතාවට සෘජු ප්‍රතිලාභ සැලසෙන ආකාරයේ ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක සංවර්ධන වැඩසටහන් 2027 වර්ෂය සඳහා සැලසුම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා සඳහන් කළේ, සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන, එම අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සෘජුව දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන්ම පසුගිය වසරේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු පිළිබඳව නිසි අවධානය යොමු කර, ඒවා නැවත ඇති නොවන පරිදි සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද වැඩිදුරටත් අදහස් දැක්වූ පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්) එම්.කේ.ජී.එස්.පී.කේ. ජයසේකර මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සුනිසිත බණ්ඩාර මහතා සහ බී.ඩබ්ලිව්.පී.ජී. සරත් මහතා, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දකුණු පළාත් සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා ඇතුළු දකුණු පළාත් අමාත්‍යාංශ හා ආයතනවල වගකිවයුතු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා, වන...
28/08/2026

දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා, වනිතා කටයුතු, ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස් බල හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ 2027 වර්ෂයට අදාළ සංවර්ධන සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ හසාරා ලියනගේ මහත්මිය සහ තිලංක යූ. ගමගේ මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (28) පෙරවරුවේ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී 2027 වර්ෂය සඳහා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, පසුගිය වසරවල සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් අඩුපාඩු, ගැටලු සහ අභියෝග පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. එම අත්දැකීම් මෙන්ම පසුගිය වසරවල ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රතිඵල ද සැලකිල්ලට ගනිමින්, 2027 වර්ෂයේදී වඩාත් ඵලදායී හා ජනතා අවශ්‍යතා මත පදනම් වූ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.

ජවසම්පන්න, සෞඛ්‍ය සම්පන්න සහ විනයගරුක සමාජයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, තරුණ ප්‍රජාව ක්‍රීඩා හා ඵලදායී ක්‍රියාකාරකම් වෙත යොමු කිරීම මෙන්ම තරුණයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ග්‍රාම සංවර්ධන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, ග්‍රාමීය යටිතල පහසුකම් හා ප්‍රජා අවශ්‍යතා සපුරාලීම, දකුණු පළාතේ සංස්කෘතික හා කලා ක්ෂේත්‍රය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම, දේශීය කලාකරුවන් හා නිර්මාණකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.

තවද, අඩු ආදායම්ලාභී හා අවශ්‍යතා සහිත ජනතාව සඳහා සමාජ සුබසාධන වැඩසටහන් පුළුල් කිරීම, පරිවාස හා ළමා රක්ෂක සේවා තවදුරටත් ශක්තිමත් කිරීම, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම, කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය සවිබලගැන්වීම සඳහා වනිතා කටයුතු යටතේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

කාන්තාවන් සහ පවුල් ඒකකවල ආර්ථික ශක්තිය ඉහළ නැංවීම සඳහා ගෘහ ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන්, ස්වයං රැකියා හා කුඩා පරිමාණ ව්‍යවසායන් දිරිගැන්වීම, නිවාස අවශ්‍යතා සහිත ජනතාව සඳහා නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එසේම, දකුණු පළාතේ තරුණ හා වැඩකළ හැකි ජනතාව සඳහා වෘත්තීය හා රැකියා අවස්ථා පුළුල් කිරීම, මිනිස් බල සංවර්ධනය, රැකියා අවස්ථා සඳහා තරුණයන් සූදානම් කිරීම සහ ස්වයං රැකියා හා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සම්බන්ධයෙන් ද 2027 වර්ෂයට අදාළව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමන් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි 2027 සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන ප්‍රමුඛතා අනුව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පසුගිය වසරවල ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය හා ප්‍රතිඵල විධිමත්ව ඇගයීමට ලක් කරමින්, හඳුනාගත් අඩුපාඩු හා ගැටලු මඟහරවා ගනිමින් 2027 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද ආණ්ඩුකාරතුමන් අවධාරණය කළේය.

විශේෂයෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, ළමා හා කාන්තා රක්ෂණය, ගෘහ ආර්ථික ප්‍රවර්ධනය, නිවාස හා ඉදිකිරීම් මෙන්ම මිනිස් බල හා රැකියා ක්ෂේත්‍රයන්හි වැඩසටහන් එකිනෙක සම්බන්ධ කර ගනිමින් පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කමද ආණ්ඩුකාරතුමන් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඉන්දික සමරකෝන් මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්) එම්.කේ.ජී.එස්.පී.කේ. ජයසේකර මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සුනිසිත බණ්ඩාර මහතා සහ බී.ඩබ්ලිව්.පී.ජී. සරත් මහතා ඇතුළු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ගරු ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා ...
27/08/2026

ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ගරු ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා අතර විශේෂ හමුවක් අද (27) ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී හා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දියාව සහ දකුණු පළාත අතර සහයෝගීතාවය පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සුහද අදහස් හුවමාරු කරගන්නා ලදී.

විශේෂයෙන්ම සංස්කෘතික, අධ්‍යාපනික සහ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හා නව මුලපිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. දෙරට අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය වර්ධනය කිරීමේ වැදගත්කමද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් හුවමාරුව, සංස්කෘතික වැඩසටහන්, තරුණ හා ප්‍රජා මට්ටමේ සබඳතා වර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය.

මෙම සුහද හමුව සනිටුහන් කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර ගරු මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා සහ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි මහතා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, එය දෙපාර්ශ්වය අතර පවතින මිත්‍රශීලී සබඳතාවයේ සංකේතයක් ලෙස සුවිශේෂී විය.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් හර්වින්දර් සිං මහතා, දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් එච්.ඩී.ඩී.එස්.ඩබ්. හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

India in Sri Lanka (Consulate General of India, Hambantota)

මිලාද් උන් නබි දිනය නිමිත්තෙන් සුබ පැතුම්! 🌙✨ලෝකවාසී සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මිලාද් උන් නබි දිනයේ උණුසුම් සුබ ප...
26/08/2026

මිලාද් උන් නබි දිනය නිමිත්තෙන් සුබ පැතුම්! 🌙✨

ලෝකවාසී සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මිලාද් උන් නබි දිනයේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.

මෙම පූජනීය දිනය ඔබ හා ඔබගේ පවුලේ සැමට සාමය, දයාව, සතුට සහ අසීමිත ආශිර්වාද රැගෙන එන සුබ දිනයක් වේවා!

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය.



மிலாதுன் நபி நல்வாழ்த்துகள்! 🌙✨

உலகம் முழுவதும் வாழும் அனைத்து முஸ்லிம் சகோதரர்களுக்கும் சகோதரிகளுக்கும் மிலாதுன் நபி தின நல்வாழ்த்துக்கள்.

இந்த புனித நாள் உங்கள் குடும்பத்தினருக்கு அமைதி, கருணை, மகிழ்ச்சி மற்றும் இறையருள் நிறைந்த ஆசீர்வாதங்களை வழங்க இறைவனை பிரார்த்திக்கிறோம்.

தென் மாகாண ஆளுநர் அலுவலகம்.



Happy Milad-un-Nabi! 🌙✨

Warm greetings to all our Muslim brothers and sisters on the blessed occasion of Milad-un-Nabi.

May this sacred day bring peace, mercy, happiness, and abundant blessings to you and your families.

Governor’s Office – Southern Province.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමූපකාර ව්‍යාපාරය ආශ්‍රිතව මතුව ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙන්ම...
24/08/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ සමූපකාර ව්‍යාපාරය ආශ්‍රිතව මතුව ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙන්ම, ඉදිරියේදී සමූපකාර ව්‍යාපාරයේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති හා ඒවායේ පරිපාලන කටයුතු ආශ්‍රිතව දැනට පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් සමූපකාර සමිතිවල පරිපාලන හා කළමනාකරණ කටයුතු, මූල්‍ය හා ආයතනික ගැටලු, නීතිමය තත්ත්වයන්, සාමාජිකයන්ට ලබාදෙන සේවාවන්හි කාර්යක්ෂමතාව, ආයතනික පාරදෘශ්‍යභාවය හා වගවීම මෙන්ම සමූපකාර ව්‍යාපාරය වඩාත් ශක්තිමත් හා ජනතාවට ප්‍රයෝජනවත් සේවාවක් බවට පත් කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය. එමෙන්ම, දැනට පවතින ගැටලු සඳහා අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග හඳුනාගැනීම, සමූපකාර ආයතනවල පරිපාලන දුර්වලතා අවම කිරීම සහ නිසි අධීක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා සඳහන් කළේ, ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා සමූපකාර ව්‍යාපාරයට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බවයි. එබැවින් සමූපකාර ආයතන වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය හා ජනතාව කේන්ද්‍ර කරගත් සේවා ආයතන බවට පත් කිරීම සඳහා පවතින ගැටලු හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවද ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය.

තවද, සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමේදී නීතිමය රාමුවට අනුකූලව කටයුතු කිරීම, නිසි පරිපාලන ක්‍රමවේදයන් පවත්වාගෙන යාම සහ සාමාජිකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවද ආණ්ඩුකාරතුමා සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමූපකාර ව්‍යාපාරය නවීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීම, ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සහ සමූපකාර සමිතිවල ආර්ථික හා ආයතනික ශක්‍යතාව ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා, දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් එච්.ඩී.ඩී.එස්.ඩබ්. හේරත් මහතා, දකුණු පළාත් සමූපකාර කොමසාරිස් බෙනිකා ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Address

Lower Dickson Road
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Southern Province Governor's Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share