22/08/2026
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පැය 6ක කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සහ කුලියාපිටිය යන ආසනවල ජන හමු සඳහා පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා.
බිංගිරිය ආසන සංවිධායක නීතිඥ නිහාල් ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන්, බිංගිරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් අශෝක මහතාගේ සංවිධානයෙන් හින්පන්නාව කොට්ඨාසයේදී සහ කුලියාපිටිය ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ අධීක්ෂණයෙන්, කුලියාපිටිය ප්‍රාදේශීය සභා සභාපති විජේසිරි ඒකනායක මහතා විසින් දියදොර කොට්ඨාසයේදී මෙම ජන හමු පැවැත්විණි.