18/11/2024
2024 මහමැතිවරණය ගාල්ල යක්කලමුල්ලට ඓතිහාසික වටිනාකම් කිහිපයක් එක් කළ මැතිවරණයක්. ඡන්දයෙන් පත් වූ තරුණ මන්ත්‍රීවරයකු වන තිලංක යූ ගමගේ සමග අවුරුදු ගණනාවක් ජාතික දේශපාලනයට උරදුන් කැපකිරීම් කළ යක්කලමුල්ලේ නබදවින් බිහි වූ කථිකාචාර්ය අනුර කරුණාතිලකද පාර්ලිමේන්තුවට යන නව මන්ත්‍රීවරැන් අතරට ඇතුළත්. කරැණාතිලක මහතා නව කැබිනට් මණ්ඩල දිවුරැම්දීමේදී නාගරික සංවර්ධන, ඉදිරිකිරීම් හා නිවාස අමාත්‍ය ධුරයෙහි අද දින (නොවැ. 18) දිවුරැම් දෙන ලදී. ඔහු පාර් ලිමේන්තුවට පත් වන්නේ ජාතික ජන බලවේගයේ ජාතික මන්ත්‍රීධුර ලයිස්තුවෙන්.
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික වශයෙන් කටයුතු කරන, බොහෝ දෙනෙක් "කරු" ලෙස අමතන ඔහු ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්වන ජවිපෙ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්.
හෙට දින බැරෑරුම් හා ඉහළ පෙලේ වගකීම් සහගත නව ගමනකට පිවිසෙන ආචාර්ය අනුර කරුණාතිලක මහතාට සමස්ථ ගාල්ල සහෘදයන් වෙනුවෙන් සුභාෂිංසන! ❤️✊