21/08/2026
ගෝල් ලෝයර්ස් ඔෆිස් කම්ප්ලෙක්ස් (ගැරන්ටි) ලිමිටඩ් [Galle Lawyers' Office Complex (Guarantee) Limited] සමාගමෙහි මහා සභා රැස්වීම 2026.08.21 වන අද දින ප.ව. 3.00 ට පමණ ගාල්ල දිසා අධිකරණයේ ශාලා අංක 01 හිදී සාමාජික මහත්ම මහත්මීන් 100 කට වඩා අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්විණි.
එහිදී ඉදිරි වර්ෂය වෙනුවෙන් සභාවේ ඒකමතික තීරණය මත නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කර ගන්නා ලද අතර, එම නිලධාරී මණ්ඩලය මෙසේය.
📌️සභාපති - රුවන් ආසිරි ද සිල්වා මහතා
📌️ අධ්‍යක්ෂක මණ්ඩලය -
1. ශ්‍රීමාල් විජේසේකර මහතා
2. නලනි කමලිකා මනතුංග මහත්මිය
3. පානි සුභසිංහ මහතා
4. රම්‍යාණි කුමාරසිරි විජේනාරායන මහත්මිය
5. දුමින්ද රාජපක්ෂ මහතා
6. රජීන්ද්‍ර නාරංගොඩ මහතා
7. අමරදිවාකර ලියනාරච්චි මහතා
8. ඒ. ඩී.සී. දර්ශන මහතා
9. චිශානි චලෝංගා තේනුවර මහත්මිය
10. නිශාන්ති රාහුබද්ධ මෙනවිය
📌️ සමාගම් ලේකම් වශයෙන් දිලංකා කොත්තිගොඩ මහත්මියද, විගණන කටයුතු සඳහා
Ernest and young chartered Accounts විගණන සමාගමද පත් කරන ලදි .
අද දින පැවැත්වූ මහා සභා රැස්වීමට සහභාගී වූ ගෝල් ලෝයර්ස් ඔෆිස් කම්ප්ලෙක්ස් (ගැරන්ටි) ලිමිටඩ් [Galle Lawyers' Office Complex (Guarantee) Limited] සමාගමෙහි සාමාජිකයින්ටද,
Ernest and young chartered Accounts විගණන ආයතනයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඇතුළු නිලධාරී කණ්ඩායමටද, බෙලිගහ නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල උපදේශකයින් වන මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ බෙලිගහ නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු හර්ෂ විජේසිංහ මහතාටද, ඉදිකිරීම් කටයුතු කරනු ලබන කොන්ත්‍රාත්කරු වන ලක්ෂ්මන් මහතා සහ එකී කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධාන ඉංජිනේරු නිශාන්ත වනිගසේකර මහතාටද , සමාගමේ ලේකම් දිලංකා කොත්තිගොඩ මහත්මිය ඇතුළු JD Corperate services pvt limited ආයතනයේ නිලධාරී මණ්ඩලයට ද, ගෝල් ලෝයර්ස් ඔෆිස් කම්ප්ලෙක්ස් (ගැරන්ටි) ලිමිටඩ් [Galle Lawyers' Office Complex (Guarantee) Limited] වෙනුවෙන් ස්තූතිය පුද කරමි.
රුවන් ආසිරි ද සිල්වා
සභාපති
ගෝල් ලෝයර්ස් ඔෆිස් කම්ප්ලෙක්ස් (ගැරන්ටි) ලිමිටඩ් [Galle Lawyers' Office Complex (Guarantee) Limited]