මහජන සේවය පිණිසයි - Ds Galgamuwa

මහජන සේවය පිණිසයි - Ds Galgamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මහජන සේවය පිණිසයි - Ds Galgamuwa, Government Organization, Divisional Secretariat, Galgamuwa.

25/03/2026
03/09/2022
22/06/2022

- 2022.06.22 -

2022 ඡන්දහිමි නාමලේඛනයේ කෙටුම්පත අන්තර්ජාලයට එක්කර ඇත
https://eservices.elections.gov.lk
වෙබ් අඩවියේ පුරවැසියන් සඳහා යොමුවෙන් පිවිස
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර - කෙටුම්පත 2022 මගින්
2022 වසර සඳහා ලියාපදිංචි වී ඇති දැයි පරීක්ෂා කළ හැක.

18/06/2022

2022 ජුනි 20-24 සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා පළාත් අධ්‍යාපන නිලධාරීන් සමඟ 2022.06.18 දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත්වූ තොරතුරු පදනම් කරගෙන 2022.06.20 සිට 2022.06 24 දක්වා වූ සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මඟින් පළාත්වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් ද විදුහල්පතිවරුන්ගෙන් ද ලබාගන්නා ලද අදහස් මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කරන ලදී.

1. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දෙන ලදී.

2. එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඒ සදහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.

3. පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම් එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතී.
4. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ දී නොපැවැත්විමට තිරණය කරන ලද අතරල ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දෙන ලදී.

5.සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවනු පිණිස මහජන උපයෝගිතා කොමිසම පෙ.ව 08.00 සිට දහවල් 01.00 දක්වා විදුලිය විසන්ධි නොකිරිමට එකගවී ඇත.


මෙම කාලය තුලදි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන රාජකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන අතරල එය එසේ සලකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිළධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.

මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරිම සඳහා ලබන සෙනසුරාදා එනම් 2022.06.25 දින පළාත් අධ්‍යාපන නිලධාරීන් ද සමඟ පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය පිළිබදව තිරණය නිකුත් කරනු ලැබේ.

17/06/2022
14/06/2022

Joomla! - the dynamic portal engine and content management system

07/04/2022

Address

Divisional Secretariat
Galgamuwa

Opening Hours

Monday 08:00 - 16:45
Tuesday 08:00 - 16:45
Wednesday 08:00 - 16:45
Thursday 08:00 - 16:45
Friday 08:00 - 16:45

Telephone

0372253038

Website

Alerts

Be the first to know and let us send you an email when මහජන සේවය පිණිසයි - Ds Galgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share