04/12/2025
1995/96 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පර්ත් නුවර වැකා පිටියේ දී ක්‍රියාත්මක වුණා.
එම තරගයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් රිකී පොන්ටිං සිය මංගල ටෙස්ට් ඉනිමේ දී ලකුණු 96ක් ලබා සිටිය දී දුර්වල විනිසුරු තීරණයකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගියා.
එසේ දැවීගිය පොන්ටිං ආපසු ක්‍රීඩාගාරය වෙත යද්දී ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පොන්ටිංගේ හිස අතගාමින් ඔහුගේ ඉනිම අගය කළ ආකාරය කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් වුණා