28/11/2025
ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනය - කළු ගඟ
කළු ගඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජලමාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත් සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන බවට මෙයින් අනතුරු අඟවනු ලැබේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන්ද ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනා කරණ අංශ වලින් ද ඉල්ලා සිටිනු ලැබේ.
මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
රත්නපුර.
© 2025 RPDS Media All Rights Reserved