CEB Eheliyagoda - ලංවිම ඇහැලියගොඩ

CEB Eheliyagoda - ලංවිම ඇහැලියගොඩ We are committed to helping our valued customers to use energy efficiently, save more money and improve our environment for a better future.

Eheliyagoda, Kuruvita and Kiriella Consumer Service Centers come under the purview of this office.

21/08/2024
අයදිනා ජීවිතයක් බේරාගන්න සුලබ කලට වඩා අවැසි කලට දන් දීම අගනේය.ලේ දන් දීමේ වැඩසටහන මේ මස 30 වැනි දින ඇහැලියගොඩ ප්‍රාදේශීය...
21/09/2022

අයදිනා ජීවිතයක් බේරාගන්න සුලබ කලට වඩා අවැසි කලට දන් දීම අගනේය.

ලේ දන් දීමේ වැඩසටහන මේ මස 30 වැනි දින ඇහැලියගොඩ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

Electricity Tariff Revision effective from tomorrow (2022-08-10).හෙට සිට (2022-08-10) ක්‍රියාත්මක වන විදුලි ගාස්තු  ක්‍ර...
09/08/2022

Electricity Tariff Revision effective from tomorrow (2022-08-10).
හෙට සිට (2022-08-10) ක්‍රියාත්මක වන විදුලි ගාස්තු ක්‍රමය

බිඳවැට්ම් වාහන වලට ඉන්ධන නොමැති වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීම නිසා මේ වනවිට බිඳවැට්ම් ප්‍රතිස්ථාපනයට බාධා එල්ල වී ඇත....
11/05/2022

බිඳවැට්ම් වාහන වලට ඉන්ධන නොමැති වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීම නිසා මේ වනවිට බිඳවැට්ම් ප්‍රතිස්ථාපනයට බාධා එල්ල වී ඇත. මෙම ගැටලුව කඩිනමින් විසඳාගෙන බිඳවැට්ම් සියල්ල නිරාකරණය කිරීමට උපරිම උත්සාහ ගන්නා බවට මෙයින් කාරුණිකව දන්වා සිටින අතර පාරිභෝගික ඔබ පත්වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමු.

කිලෝ වොට් (kW) එකක් සහ කිලෝ වොට් පැයක් (kWh) අතර පවතින වෙනස කුමක්ද?අප විදුලි ශක්ති පරිභෝජනය මැනීමට ඒකකයක් ලෙස භාවිතා කරන...
17/02/2022

කිලෝ වොට් (kW) එකක් සහ කිලෝ වොට් පැයක් (kWh) අතර පවතින වෙනස කුමක්ද?

අප විදුලි ශක්ති පරිභෝජනය මැනීමට ඒකකයක් ලෙස භාවිතා කරන්නේ කිලෝ වොට් පැය නොහොත් කිවොපැ(kWh)ය. වොට්ස්(Watts) යනු ක්ෂමතාව මැනීමේ ඒකකයකි. kWh යනු බලශක්ති මිනුම් ඒකකය වන ජූල් (J) ආකාරයේම මිනුම් ඒකකයකි. කිලෝ වොට් (kW) 1ක් වොට්ස් (W) 1,000ක් වන අතර, කිලෝ වොට් පැය (kWh) 1ක් යනු වොට් පැය (kWh) 1,000ක් වෙයි. කිලෝ වොට් පැය 1ක් (1 kWh) යනු කුමක් ද යන්න සරළව පැහැදිලි කරන්නේ නම්, 1kWh යනු වොට් 1,000ක් පරිභෝජනය කරන විදුලි මෙවලමක් පුරා පැයක් නොකඩවා ක්‍රියාත්මක කළ විට වැයවන ශක්ති ප්‍රමාණයයි.

බලශක්තිය හා ශක්තිය අතර පවතින්නා වූ වෙන තේරුම් ගැනීම සඳහා පහත සඳහන් සාදෘශ්‍යය (සංසන්දනාත්මක විග්‍රහය) උදව් වෙනු ඇත.

වතුර ලීටර 10,000කින් යුක්ත ජල ටැංකියක් සිහියට නගාගන්න. එයින් ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය පමණට ජල ධාරාව අඩු වැඩි කළ හැකි කරාමයක් සවි කර ඇත්තේ යැයිද, එම කරාමය සම්පූර්ණයෙන්ම විවෘත කළහොත්, එහි උපරිම වේගයෙන් තත්පරයකට ලීටර 1ක තරම් ඉහළ සීඝතාවයකින් යුක්ත ජල ධාරාවක් ලබාගත හැකි යැයි ද සිතන්න. මෙම ටැංකියේ ලීටරවලින් ගබඩා කර ඇති ජලධාරිතාවය කිවොපැ (kWh) බඳු වන්නේය. කරාමය හරහා ජලය කොපමණ වේගයකින් පිටතට ගන්නේ ද යන කාරණාව (තත්ත්පරයකට ලීටර කීයක වේගයෙන් ලබා ගන්නේද යන වග) ක්ෂමතාවයට (කි.වො ට) සමාන වන්නේය.

මෙම කරාමය පුරා පැයක් විවෘතව තැබුවහොත් ඉවතට යන ජලය ප්‍රමාණය මෙන් කිවො 1ක ක්ෂමතාවයක් ඇති විදුලි මෙවලමක් පුරා පැයක් ක්‍රියාත්මක කළහොත් අප කිවොපැ 1ක බලශක්තියක් භාවිත කරන්නේය. අපට වැඩි ධාරිතාවයකින් යුතු ටැංකියක් (විදුලි බලාගාරයක්) ඇත්තේ නම්, වැඩි පාරිභෝගකියින් පිරිසකට භාවිත කිරීම සඳහා වැඩි ජල ධාරාවක්(විදුලියක්) ලබා දිය හැකි වන්නේ ය. ඇත්ත වශයෙන්ම මෙහිදී ඔවුන් භාවිතා කරනු ලබන ජලයට මිනුම් දණ්ඩ වන්නේ ලීටර කීයක් භාවිත කළේ ද යන්නයි (කිවොපැ). ජලය ගලා එන සීඝ්‍රතාවය (විදුලි ශක්තිය) දෙස බලා ඔවුන් තත්පරයක් තුළ ජල ලීටර කොපමණ ප්‍රමාණයක සීඝ්‍රතාවයකින් යුක්තව (කිවො) පරිභෝජනය කරන්නේ ද යන්න කිව හැකිය.

විදුලිබල පරිභෝජනය...අධික ඉල්ලුමක් පවතින වේලාවන් තුළ විදුලිබලය ඉතිරි කරන ලෙසට ලoකා විදුලිබල මණ්ඩලය විශේෂයෙන් ඉල්ලා සිටින්...
09/02/2022

විදුලිබල පරිභෝජනය...

අධික ඉල්ලුමක් පවතින වේලාවන් තුළ විදුලිබලය ඉතිරි කරන ලෙසට ලoකා විදුලිබල මණ්ඩලය විශේෂයෙන් ඉල්ලා සිටින්නේ ඇයි? විදුලිබලය දවසේ කුමන වේලාවක ඉතිරි කලත් එසේ ඉතිරි කළ "විදුලි ඒකකයක්" යනු ඉතිරි කළ "විදුලි ඒකකයක්" ම නොවන්නේ ද

දවසේ අධික විදුලි ඉල්ලුමක් පවතින වේලාව තුළ (peak) ඉතිරි කරන විදුලි ඒකකයකට අනෙකුත් වේලාවල ඉතිරි කරන විදුලි ඒකකයට වැඩි ඉතිරියක් සිදුකළ හැකිය. 24 පැය පුරාම - සතියේ දින 7 පුරාවටම විදුලි පාරිභෝගිකයින්ගේ ඉල්ලුමට සැපයුම අඩුවැඩියකින් තොරව පවත්වාගෙන යෑමට ලංවිමට සිදුවේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රියේ සහ පාන්දර කාලය තුළ විදුලිබල ඉල්ලුම ඉතාම අඩු මට්ටමක පවතී. බොහෝ විට පාන්දර 2.00 පමණ වන විට දවසේ අඩුම අගය වාර්තා කළ හැකිය. කෙසේ නමුත් දිවා කාලය ගත් කළ, සාමාන්‍යයෙන් රාත්‍රී 7.00 පමණ වන විට දවසේ ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල ඉල්ලුම උපරිම අගයට ලඟා වෙයි. මෙය 'රාත්‍රි කාලයේ අධික ඉල්ලුම' (night peak) නමින් හැඳින්වෙයි.

පාරිභෝගිකයින්ගේ විදුලි ඉල්ලුමට අනුව විටින් විට විදුලි ජනනය වෙනස් කරමින්, මෙගාවොටයෙන් මෙගාවොටයට පාරිභෝගික ඉල්ලුම හා සමාන වන විදුලිබල සැපයුමක් පවත්වා ගැනීමට ලංවිමට සිදු වෙයි. මෙහිදී අලුයම් කාලය සහ දිවා කාලය යනු ලංවිමට පද්ධතියේ පවතින විවිධාකාර වූ විදුලි ජනන ක්‍රම රැසක් අතුරින් සුදුසුම, ලාභදායීම ක්‍රමවේද තෝරාගනිමින් විදුලි උත්පාදනය කිරීමට හැකි කාලයයි. එයට හේතුව දහවල් කාලයේ රටෙහි විදුලි ඉල්ලුම ලංවිම ඒකාබද්ධ ජනන ධාරිතාවයට, එනම් ස්ථාපිත ධාරිතාවයට (installed capacity) අඩු අගයක් ගන්නා නිසාය. මේ හේතුවෙන්, එම කාලය තුළ ලංවිමට මිල අධික බලාගාර වෙනුවට ලාභදායීම බලාගාරයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට සුදුසු පරිදි තෝරාගත හැකිවන්නේය. ලංවිම විදුලිය ලබාගැනීම ආරම්භ කරන්නේ මිල අඩුම ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කරන බලාගාරවලින්ය. විදුලි ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් වැඩි වන විට ක්‍රමිකව අඩු වියදමේ සිට වැඩි වියදම් බලාගාර වෙත පිළිවෙලින් යොමු වීම සිදු වේ. මෙම සංකල්පය හඳුන්වන්නේ Merit Order Dispatch ලෙසය. ඉල්ලුම අඩුවන විට මෙම ක්‍රියාවලියම අනෙක් අතට (reverse) සිදු කෙරේ. එනම් ඉල්ලුම අඩු වන විට වැඩිම වියදම් සහිත බලාගාරවලින් විදුලි ජනනය ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු ක‍රනු ලැබෙයි.

රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුම පවතින විට ලංවිම‍ට තමන් සතු වැඩි වියදම් ගෑස් ටර්බයින ඒකක ද (Gas Turbine Units) ඇතුළුව ජනක යන්ත්‍ර සියල්ලම පාහේ ක්‍රියාත්මක කිරීමට සිදුවේ. මෙහි වියදම් අතර වෙනස කෙතරම් ද යත් ගෑස් ටර්බයිනයකින් විදුලි ඒකකයක් ජනනය කිරීමට යන වියදම ගල් අඟුරු බලාගාරයකින් විදුලි ඒකකයක් ජනනය කිරීමට වැය වන මුදල මෙන් දස ගුණයක් පමණ විය හැකිය. මේ නිසා ඔබ රාත්‍රී කාලයේ අත්‍යාවශ්‍ය නොවන විදුලි බල්බයක් නිවා දමන විට ඒ මොහොතේ ක්‍රියාත්මකව පවතින මිල අධිකම විදුලි බලාගාරයකින් සිදුකරන විදුලි ජනනය අඩුකිරීමට ලංවිමට හැකිවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස රාත්‍රී කාලයේ පාරිභෝගික ඔබ විසින් අප හට ඉතිරි කර දෙන විදුලි ඒකකයක් මගින් රටට ඉතිරි කර දෙන මුදල දවසේ අනෙක් කාලයන් වල ඉතිරිකරන විදුලි ඒකකයකින් ඉතිරි කරන මුදලට වඩා වැඩි වෙයි.

රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුමට දායක වීමෙන් වළකින ලෙස ලංවිම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටීමට තවත් හේතුවක් ඇත. රාත්‍රී කාලයේ පවතින අධික විදුලිබල ඉල්ලුම හමුවේ ලංවිම විසින් ක්‍රියාත්මක කරන්නට යෙදෙන විදුලි ජනන ඒකක හඳුන්වන්නේ 'සැපයුම ඉහළ දැමීමේ ඒකක' (peaking units) ලෙසය. ඒවා ක්‍රියාත්මක කරන්නේ දවසට පැය කිහිපයක් පමණක් වන අතර දවසේ අනෙක් කාලය පුරාවටම වසා දමා තිබෙන්නේය. මෙය එක්තරා අන්දමකට නොකම් (idle) ආයෝජනයක් වන්නේ එම නිසාය. පාරිභෝගිකයින් හට රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුම පවතින කාලය තුළ විදුලි පරිභෝජනය අඩු කිරීමට හැකි නම් එය අධික වියදමක් දැරීමට සිදු වන විදුලි ජනක යන්ත්‍රයක් නැවතීමට පමණක් නොව අනාගතයේ තවත් 'සැපයුම ඉහළ දැමීමේ ඒකක'යක් සඳහා කිරීමට සිදුවන ආයෝජනයෙන් වැළකීමට උදව්වක් ද වන්නේය.

ගෙවීම් කිරීම පිළිබඳව නව පාරිභෝගිකයින් හට උපදෙස්....ඔබේ විදුලි බිල්පත්වලට අදාල ගෙවීම් හැකි ඉක්මනින් ගෙවීම මගින් අප හට සහා...
03/02/2022

ගෙවීම් කිරීම පිළිබඳව නව පාරිභෝගිකයින් හට උපදෙස්....

ඔබේ විදුලි බිල්පත්වලට අදාල ගෙවීම් හැකි ඉක්මනින් ගෙවීම මගින් අප හට සහාය වන්න.

ඔබ විසින් ගෙවීම් කිරීමේදී බිල්පතෙහි වෙන් නොකළ යුතු අත්‍යාවශ්‍ය කොටස් වෙන් කර ලබා දීමක් හේතුවෙන් වෙනත් විදුලි ගිණුමකට ඔබේ මුදල් වැරදි ලෙස බැරවුවහොත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වගකීමක් දරණු නොලැබේ. මෙබඳු තත්ත්වයක් උද්ගත වුවහොත් එය කරණකොටගෙන ඔබගේ විදුලි සැපයුම විසන්ධි කිරීමක් වුව සිදුවිය හැකිය.

​මුදලින් ගෙවීම් කිරීම....

ගෙවීම් කිරීමේදී මුදලින්, චෙක්පත් මගින් හෝ බැංකු අණකර මගින් පහත විස්තර කර ඇති ගෙවීම් කවුළු (පොයින්ට් ඔෆ් සේල්ස් හෝ පීඕඑස් කවුන්ටර ලෙස හඳුන්වන) වලදී සිදු කළ හැකිය.

ලංවිම මූලස්ථානය
සියළු පළාත් ගෙවීම් කවුළු (POS) හා ස්වයං ගෙවීම් KIOSK යන්ත්‍ර භාවිතයෙන්
පහත බැංකු මගින් මුදලින් ගෙවීම් කටයුතු කිරීමට හැකියාව ඇත.

මහජන බැංකුව, ලංකා බැංකුව, හැට්න් නැෂනල් බැංකුව, කමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, එච්එස්බීසී බැංකුව, යූනියන් බැංකුව, ග්‍රාමීය සංවර්ධන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව.

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල මගින්

කාගීල්ස් සුපිරි වෙළඳසැල් මගින්

සිංගර්, අබාන්ස් අලෙවිසැල් මගින්

අප වෙබ් අඩවිය (ceb.lk) මගින් ද ගෙවීම් සිදු කළ හැකි අතර, සම්පත් නෙට් හා පීපල්ස් ස්මාර්ට් කෑෂ් හරහා ද ගෙවීම් කළ හැකිය.

චෙක්පත් මගින් ගෙවීම් කිරීම....

මහජන බැංකුවේ පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ නිල ගිණුමට ගෙවිය හැකි වන පරිදි චෙක්පත් සියල්ල “සාමාන්‍යාධිකාරී - ලංකා විදුලිබල මණ්ඩලය” නමට ලිවිය යුතු අතර රේඛිත විය යුතුය.

විදුලි බිලෙහි අදාල චෙක්පත් අංකය ලිවිය යුතුය. එමෙන්ම චෙක්පතෙහි පිටුපස අදාල විදුලි ගිණුමේ අංකය සඳහන් කළ යුතුය.

යම් හෙයකින් චෙක්පතක් අගරුවී ආපසු හරවා එවීමක් සිදුවුවහොත් කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමකට ලක් විය හැකිය. එබඳු තත්ත්වයක් උද්ගත වුවහෙත් අදාල සම්පූර්ණ හිඟ මුදල් ප්‍රමාණය මුදලින් ගෙවිය යුතුවේ.

පියවනු ලබා නොමැති හිඟ මුදල්.....

ඔබ වෙත දැනුම්දෙන ලද කාලසීමාව තුළ හිඟ මුදල් පියවා අවසන් නොකරනු ලබන අවස්ථාවන්වලදී ඔබගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට නියෝගයක් නිකුත් කරනු ලැබේ. එසේ සැපයුම විසන්ධි කිරීමක් සිදුවුව හොත් නැවත සැපයුම ලබා දෙන විට අදාල අමතර ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය. ඊට සැකසුම් ගාස්තුවක් සහ හිඟ මුදලට ගණනය කරන ලද පොළියක් ද ඇතුලත් වේ.

2008.10.24 දිනැති අංක 1527/25 දරණ (අති විශේෂ) රජයේ ගැසට් පත්‍රයට අනුව හිඟ මුදල් දින 30ක් ඇතුලත ගෙවීමට කටයුතු නොකරන අවස්ථාවන්වලදී ඊට 2% පොළියක් එකතු කරනු ලැබේ.

මෙම කරුණු පිළිබඳව, ගෙවීම් පිළිබඳව හෝ සේවා සැපයුම් පිළිබඳව ගැටළුවක් ඇත්නම් විෂයගත කරුණට අදාලව ඔබ වෙත නිකුත් කරන ලද දැනුම්දීම ලැබී දින 14ක් තුළ අදාල ලංවිම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාගෙන් විමසිය යුතුය.

Address

PO Box 03, Thalavitiya
Eheliyagoda
70600

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94362259978

Alerts

Be the first to know and let us send you an email when CEB Eheliyagoda - ලංවිම ඇහැලියගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CEB Eheliyagoda - ලංවිම ඇහැලියගොඩ:

Share