13/04/2024
🌞අලුත් අවුරුද්ද Healthy විදිහට ගත කරමු..!
පුද්ගලයෙකුගේ සෞඛ්‍යය එහෙමත් නැතිනම් Healthඑක කියන්නේ කායික(Physical ),මානසික(Mental ) සහ සාමාජීය(Social ) යහපැවැත්ම(Wellbeing ) ලෙස හඳුන්වන්න පුළුවන්.ඔබ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා කියන්නේ පරිපූර්ණ කායික මානසික සහ සමාජීය යහපැවැත්මකින් පසු වෙනවා කියන එක.
ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නෙ කොයි කාටත් සතුටුදායක කාලයක්.හැබැයි ඉතින් මේ කාලේ Unhealthy විදිහට ගත වෙන්න තියෙන තියන ඉඩකඩ ගොඩක් වැඩී.ඉතින් අපි මේ කියන දේවල් ටික අහල මේ අලුත් අවුරුද්ද Healthy විදියට ගත කරන්න.
🔥 Physical Wellbeing හරියට තියාගන්නේ කොහොමද ?
අලුත් අවුරුදු කාලයට ගොඩක්ම අවුල් වෙන්නේ මේ Physical Wellbeing කියන එක තමයි.පැණි රස කෑම ,තෙල් කෑම,පිටි කෑම සහ අරක්කු /බියර් සීමාවක් නැතුව ඇඟට දාගත්තට පස්සෙ ජුනි ජුලි වෙනකොට අපරාදෙ කියන්නේ නැතුව Sugar Levels,Cholesterol Levels ,Blood Presure සහ ALT /AST Levels වැඩි කරගන්න පුළුවන්.ඉතිං ඒකෙන් බේරිලා තම තමන්ගේ කායික සුවතාවය නිවැරදිව තියාගන්න මෙන්න මේ විදිහට කරලා බලන්න.
✔️partyයකට නැත්තං කෑමකට යනවනම් අඩුම තරමේ පැය 12ක් වත් Fasting ඉඳලා යන්න.පැය 14ක් හෝ 16ක් ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි.එතකොට party එකේදි බඩ පැලෙන්න කෑවත් ශරීරයට කැලරි අතිරික්තයක් ලැබිලා වැඩිපුර මේද එකතු වෙන එක අඩු වෙනවා.
✔️ කෑම පිඟානට බෙදා ගන්න කොට මස්, මාළු ,බිත්තර ,කොළ වර්ග සහ එලවළු වර්ග වැඩිපුර බෙදාගන්න.බත් සහ අනෙකුත් පිටි කෑම වර්ග අඩුවෙන් බෙදාගන්න.කොහොමත් හැමදාම බත් කනවා නේ.අවුරුදු දවසට බත් කන එක අඩු කළා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.පැණි රස කෑම පුළුවන් තරම් අඩු කරන්න.අනවශ්‍ය විදිහට ශරීරයට මේදය එකතු වීම,Sugar Levels ඉහළ යෑම සහ Cholesterol මට්ටම් වැඩි වෙන එකත් එතකොට පාලනය වෙනවා.
✔️ බඩ පැලෙන්න ගිලලා ගිලලා හාල් ගෝනිය තිබ්බ වගේ එකතැන වාඩි වෙලා TV එකේ යන අවුරුදු උත්සව බල බල අප්පුඩි තල තල ඉන්න එපා.ගමේ තියෙන අවුරුදු උත්සවයට යන්න ඇඟ මහන්සි වෙලා දාඩිය දානකන් අවුරුදු ක්‍රීඩා වල යෙදෙන්න.පුළුවන් විදියට හොඳට ඇවිදින්න,ඇලේ දොලේ ගඟේ බැහැලා පීනන්න නාන්න යන්න.කාපු බීපු කෑම වලින් ඇඟට ලැබිච්ච අනවශ්‍ය ශක්තිය දහනය වීම එතකොට සිද්ධ වෙනවා.
✔️බෝතල් පාටි දානවා නම් උදේ එළි වෙච්ච වෙලාවෙ ඉඳන් රෑ දොළහ වෙනකම් බොන්න විතරක් පුරුදු වෙන්න එපා.අනවශ්‍ය තෙල් කෑම සහ අරක්කු කියන්නේ Liver එක Left කරන්න තියෙන හොඳම විදිය.සීනි කෑම සහ අරක්කු ක කියන්නේ Sugar Levels වැඩි වෙන්න තව හේතුවක්.ඒක ගැන සැලකිලිමත් වෙන්න .
✔️ මේ විදිහට පරිස්සම් උනොත් ජුනි මාසය ජූලි මාසය වෙනකොට ඉල කඩාගෙන Labs වල පෝලිම්වල ඉන්න ඕනේ නෑ.
🔥 Mental සහ Social Wellbeing හරියට තියාගන්නේ කොහොමද ?
✔️ වර්තමානයේ තියෙන සමාජ මාධ්‍ය වලට අනවශ්‍ය විදිහට ඇබ්බැහිවීම Facebook ,Insta,WhatsApp සහ Twiterවල මොනතරම් Followersල සහ Freindsල හිටියත් ගොඩක් දෙනෙක් Social Isolation එහෙමත් නැතිනම් සාමාජීය තනිවීම කියන තත්ත්වයෙන් පීඩා විඳිනවා.සරලවම කිව්වොත් සමාජ මාධ්‍ය වල ඕනතරම් යාලුවෝ හිටියට ඇත්ත ජීවිතයේදී මිනිස්සු තනිවෙලා.ඉතිං මේ අවුරුද්දෙවත් එක ඒක වෙනස් කරන්න .
✔️Hand Phone එක,Tab එක සහ Computer එක පැත්තකින් තියලා ,ගෙදර අය ,යාළු මිත්‍රයෝ එක්ක වැඩිපුර කාලය ගත කරන්න.
✔️ අනිත් අයත් එක්ක කතා බස් කරන්න,තමන්ගේ හැඟීම් බෙදා ගන්න ,මිනිස්සුන්ගේ මත සහ දුර්මත වලට මුහුණ දෙන්න ,ඒවත් එක්ක ගනුදෙනු කරන්න හුරුවෙන්න.තමන්ගෙ Social Skills හරියට මුවහත් කර ගන්න
✔️ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික පුළුවන් විදියට හරියට කරන්න.ඒව අපේ සංස්කෘතිකාංග .ඒවා පුරුදු කළා කියලා කිසිම නරකක් වෙන්නෙ නෑ.
💪💪 💪ඉතින් මෙන්න මේ විදිහට Healthy අලුත් අවුරුද්දක් ගත කරන්න ඔයත් අදම හිතට ගන්න 💪💪💪
🌞මේ දේවල් අනිත් අයටත් දැනගන්න Post එක Share කරන්න ..!!