අපි පස්දෙනා - Api Pasdena

අපි පස්දෙනා - Api Pasdena ලෝකයේ රටවල් අතර, මිනිසුන්ට සතුටෙන්ම ජීවත්විය හැකි පළමු රටවල් පහ අතරට මාතෘ භූමිය ගෙන ඒමට.

රුධිරයෙන් නොව අරමුණෙන් බැඳි සහෝදරත්වය...මොනවට විදහා.දක්වන. අරමුණ උදෙසා තෝරා ගෙන, අවැසි මිම්මට කපනා....තීරකයෙකු වන,අරමුණට...
01/06/2026

රුධිරයෙන් නොව අරමුණෙන් බැඳි සහෝදරත්වය...
මොනවට විදහා.දක්වන.

අරමුණ උදෙසා තෝරා ගෙන, අවැසි මිම්මට කපනා....තීරකයෙකු වන,

අරමුණට විනයෙන් මසනා...

දැක්ම උදෙසා,
බය නිසා,
සැකය නිසා,
ලැජ්ජාව නිසා,
දුක නිසා,
ඇඟිලි දිගු කිරීම නිසා,

පොඩි වූ, රැලිවූ අසාර්ථකත්වයේ කාරාණා උණුසුමෙන් මදිනා,

අද්‍යාත්මය යනු හුදු ඕලාරික, මන්දගාමී, ආගමික න්‍යායන්ගෙන් එහා ගිය, ශක්තිමත් භාවය යන්නකි යන්න පසක් කරගනිමින් සිටිනා
රාජ් කුමාර් මළනුවනි...!!!!!

අද්‍යාත්මයේ සහ විප්ලවයේ සන්නාලියානෙනි...!!!

තෝරා ගන්න, කපන්න, මසන්න, මදින්න...
සැනසිල්ලේ රාජ්‍ය වෙනුවෙන්.

ඉතින් ඒ ශුද්ධ යුද්ධය වෙනුවෙන්, විශ්වය මහපොළොවට ඔබව දායාද කල දවස අදයි...!!!!
ජන්ම දිනය අදයි...!!!!

සැබෑ සටන්කාමියානෙනි...
අපි කරමු නොහැකිනම්, කෙසේ හෝ කරමු.

🔴අපි පස්දෙනා - දෙවන පියවර වැඩසටහනජීවිතය වෙනස් කරන සවාරියJC 43 කණ්ඩායම2026 / 04 / 25 - 26--------------------------------...
26/05/2026

🔴
අපි පස්දෙනා - දෙවන පියවර වැඩසටහන
ජීවිතය වෙනස් කරන සවාරිය
JC 43 කණ්ඩායම
2026 / 04 / 25 - 26
-----------------------------------------------------------------------------
ජීවිතයට පැමිණෙන අභියෝගයන් වලට මුහුණ දීමේ දී, එම අභියෝග ජීවිතය දිනන ස්වර්ණමය අවස්තාවන් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද..?
ඒ සඳහා, ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දැනුම බෙදා ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ආකල්ප සංවර්ධන වැඩසටහනයි
ජීවිතය වෙනස් කරනා සවාරිය
අපි හැම කෙනෙක්ටම ජීවිතයේ අභියෝග එනවා..
01. අභ්‍යන්තර අභියෝග
02. භාහිර අභියෝග
03. කණ්ඩායම් (සමාජයෙන්) අභියෝග වශයෙන්..
ඒ අභියේග වලට මුහුණ දෙන ආකාරය සහ, අභියෝග වලට මුහුණදීමේදී ඇතිවෙන
බිය
සැක
ලැජ්ජා
කේන්තිය හා
දුක් නොවී,
ජීවිතය, මේ මෙහොතේ ගතකරන තැනින් අඟලක් හෝ ඉස්සරහට එන්න, අඟලක් හෝ ඉහළට යන්නට උදාකරගන්නා උසස් අවස්තාවක් බවට පත්කර ගත් විට, සැබෑවටම ඔබ
අභියෝග වලට ප්‍රේම කරනු ඇත..
අද ගතකරන
ආර්ථික මට්ටම
කාලමය
මානසික මට්ටම
සාමාජීය
පුද්ගල සම්බන්දතා අතර මට්ටම
විශ්වාසයේ
ආදරයේ මට්ටමට වඩා, අඟලකින් හෝ අපි ඉන්න තැන් වලින් එකිනෙකා ඉහළට ආවොත්,
රටත් ඉහළට එසවෙනවාමයි.. ස්ථිරයි..
ඇත්තටම මේ රටේ හදන්න දෙයක් නෑ,වැස්සේ හදන්න දෙයක් නෑ
පොළොවේ හදන්න දෙයක් නෑ
මුහුදෙ හදන්න දෙයක් නෑ
ඉර පායන එකේ හදන්න දෙයක් නෑ
සුළඟේ හදන්න දෙයක් නෑ..
නමුත් අපි හිතන පතන විදිහේ අවුල්සහගත තත්වයක් නිසා,
මෙහිපිට අපායවල් වගේ කාන්තාර තියෙන රටවල් දිව්‍යලෝක වන විට, සුරපුරයක් වගේ රටක අපාගත ජීවිත අපිට උරුම වෙලා..?
අපි අපේ පැත්තට හැරිලා, අපේ අවුල හදාගමු පළමුව....
JC 43 වැඩසටහනේදීත්,
බොහෝ ආදරණීය මිනිසුන් අපට මුණගැසුනා.
වෙනදා වගේම පවුල් පිටින් වැඩසටහනට සම්බන්ද වෙලා, ආදරණීය පවුලක් විදිහට ගොඩනැගෙන්නට අවශ්‍ය බලය ආකල්ප ලබාගෙන පිටව ගියා..
වැඩසටහනට සම්බන්ද වුනු සෑම කෙනෙක්ම
ආත්මාර්ථකාමීත්වයෙන් තොර අති ප්‍රබල සිතුවිල්ලක් සිහිනයක් බවට පරිවර්තනය කර ගත්තා..
ඒ සිහිනය SMART කරගත්තා..
අපට විශ්වාසයි, ආකල්පමය වශයෙන් ගොඩනැගෙන පුද්ගලයින් එකතුවෙලා මේ සමාජය සුවපත් කරනවා..
අභියෝග ජීවිතය දිනන අවස්ථාවන් බවටපරිවර්තනය කරගත් පුද්ගලයින් විසින් සමාජය ඔසවා තබනවා...🖐
වැඩසටහනේ මතකයෙන් බිදක්..
🔴
"நாம் ஐந்துபேர் - இரண்டாம் கட்ட நிகழ்ச்சி"
"வாழ்க்கையை மாற்றும் பயணம்"
JC 43 குழு
2026 / 04 / 25 - 26
---------------------------------------------------------------
வாழ்க்கையில் எதிர்ப்புகள் வரும்போது, அவற்றை எப்படி வெற்றியின் பொன்னான வாய்ப்பாக மாற்றிக்கொள்ளலாம்?
அதை உணர்த்த, நடைமுறைச் செயல்முறைகளின் மூலம் அறிவை பகிர்வதற்காக ஏற்பாடு செய்யப்பட்ட மனநிலை மேம்பாட்டு நிகழ்ச்சியே "வாழ்க்கையை மாற்றும் பயணம்"
நாம் அனைவரும் வாழ்வில் பல்வேறு சவால்களை எதிர்கொள்ள நேரிடுகிறது.
1. உட்புற சவால்கள்
2. வெளிப்புற சவால்கள்
3. குழுவினரால் (சமூகத்தினால்) ஏற்படும் சவால்கள்
இந்த சவால்களை எதிர்கொள்ளும் போது,
பயம்
சந்தேகம்
வெட்கம்
கோபம்
துக்கம்
இவற்றில் ஆழ்ந்து போகாமல்,
இந்தச் சவால்களை வாழ்வை முன்னேற்றும் வாய்ப்பாக மாற்றிக்கொண்டால், நிஜமாகவே சவால்களை நேசிக்கத் தொடங்குவீர்கள்...!
நாம் இன்றைய
பொருளாதார நிலை
நேர மேலாண்மை
மனநிலை
சமூக உறவுகள்
நம்பிக்கை
அன்பு
இவைகளை ஒரு அங்குலமாவது உயர்த்தி முன்னேறினால், நாடும் உயர்வடையும்!
உண்மையில்,
இந்த நாட்டை புதுப்பிக்க எதுவும் தேவையில்லை
மழையை மாற்ற எதுவும் தேவையில்லை
நிலத்தை மாற்ற எதுவும் தேவையில்லை
கடலை மாற்ற எதுவும் தேவையில்லை
சூரியன் உதிக்கிறதைக் கட்டுப்படுத்த எதுவும் தேவையில்லை
காற்றை மாற்ற எதுவும் தேவையில்லை
ஆனால், நம்முடைய குழப்பமான சிந்தனைகளின் காரணமாக,
பாலைவனங்கள் கொண்ட நாடுகள் சொர்க்கமாக மாறும் போது,
சொர்க்கமென இருந்த நம் தேசம் தவிப்பின் இடமாக மாறிவிட்டது!
நாம் முதலில் நம் எண்ணங்களை மாற்றுவோம்...!
JC 43 நிகழ்ச்சியில்,
பல அன்பான மனிதர்களை சந்திக்க நேர்ந்தது.
வழக்கம்போல குடும்பத்தோடு கலந்து கொண்டு, குடும்ப உறவுகளை பலப்படுத்த உதவிய இந்த நிகழ்ச்சியில் அனைவரும் பலம் பெற்று சென்றார்கள்.
நிகழ்ச்சியில் கலந்து கொண்ட ஒவ்வொருவரும்,
தங்கள் சுயநலத்தை துறந்து, மிக வலுவான எண்ணங்களை ஒரு கனவாக மாற்றிக்கொண்டார்கள்.
அந்த கனவை SMART ஆக்கினர்!
நாங்கள் நம்புகிறோம்,
நல்ல எண்ணங்களைக் கொண்ட மக்கள் ஒன்றாக சேர்ந்தால், இந்த சமூகத்தை மாற்றலாம்.
சவால்களை வெற்றிக்கான வாய்ப்பாக மாற்றிய மனிதர்கள்,
இந்த சமூகத்தையே உயர்த்துவார்கள்!
நிகழ்ச்சியின் இனிய நினைவுகளின் ஒரு துணுக்கு...!

Index.goodcountry.org

Admin

අම්මෙක් දරුවෙක්ව බිහි කරද්දී විඳින වේදනාව යම් යම් තැන්වල සඳහන් වී ඇත්තේ,මානව ශරීරයක බර අස්ථි 20ක් එකවර බිඳුනහොත් දැනෙන ව...
25/05/2026

අම්මෙක් දරුවෙක්ව බිහි කරද්දී විඳින වේදනාව යම් යම් තැන්වල සඳහන් වී ඇත්තේ,
මානව ශරීරයක බර අස්ථි 20ක් එකවර බිඳුනහොත් දැනෙන වේදනාවට වඩා වැඩි බවයි.

එම වේදනාව ශක්තිමත් නීරෝගීන් පිරිමියෙක් වින්දේ නම්,
එම වේදනාව නිසාම දෙවරක් ම.රණයට පත්වෙන මහත් වේදනාවක් බවයි.

ඉදින් අදවැනි දවසක, මවක් එවැනි වූ අති දුෂ්කර ප්‍රසව වේදනාවල් පහළොවක් විඳීමෙන් අනතුරුව.

දහසය වැනි වතාවටත් එම වේදනාව විඳිමින් සිටියා..

ඒ වේදනාව අතරතුරු හරි අපූරු බිළිඳු හඬක් මෙලොවට ඇසුනා.....

ඒ අන් කවරෙකුගේවත් හඬක් නොව චන්ද්‍රිකා නැගණියේ ඒ ඔබ මෙලොව නැගූ පළමු හඬයි...

පවුලේ දහසය වැනියා ලෙස උපතලබා, අද ඒ හඬින් සුවහසක් මව්වරුන්ගේ සැනසීමට,
උතුරු මැද පළාත් නායකත්වයට මහත් රුකුලක් ශක්තියක් වෙමින්,

සැබෑ සතර බ්‍රහ්ම විහරණයේ කරුණු සතර අනුව ජීවිතය හැඩගසවා ගැනීමට උත්සාහවන්ත වන අතර තුර තවත් අයද එමග යාමට අත දීමට හිත හදාගත් නැගණියේ ඔබේ උපන්දිනය අදයි...!!!!!

සුභ ලෙස සැමරීමට සුභ කාරණා අත පෙනෙන
මානයේ දුලබ බව දන්නා නිසාම,

සැමරීමට, සතුටු වීමට, සැනසීමට, අවැසි කාරණා මහ පොළවේ දළුලනදා සමරමු නැගණියේ උපන් දිනයන්....

ඉතින් වපුරමු, ආදරය සහ.විශ්වාසය,
අපේක්ශාවන් විශ්වාසය ලෙස තේරුම්ගත්,
ආශාවෙන් ආදරය ලෙස කරනා ..
සමාජයක.

පිපෙන්න ආසිරි,

මහනෙල් මලක්, නෙලුම් මලක් මෙන්,
අවිශ්වාසය, සහ අනාදරය පිරි ගඳ ගහන පල්වූ මඩ වගුරක් වන් සමාජයක හිඳ.

මිතුරා යන්න හුදු වචනයක් පමණක් නොවන බව නොයෙක් සාහිත්‍යයන් තුල තිබුනත්,ඒ පිළිඹඳ ගැඹුරු විග්‍රහ, පෙන්වාදීම්... විව්ද දාර්ශණ...
20/05/2026

මිතුරා යන්න හුදු වචනයක් පමණක් නොවන බව නොයෙක් සාහිත්‍යයන් තුල තිබුනත්,

ඒ පිළිඹඳ ගැඹුරු විග්‍රහ,
පෙන්වාදීම්...
විව්ද දාර්ශණිකයන් පෙන්වූවත්...
කලා කෘති වල සඳහන් කලත්....

ඇත්තෙන්ම කළු, අඳුර, වැරැද්ද, පව, නොයිවසන, එය කරුණාවෙන් පෙන්වාදෙන පමණක් නොව,

තමන්ගේ අපමණක් ප්‍රශ්ණ විසඳා ගැනීමට ඔට්ටු වෙන ගමන් අන් අයගේ සතුට, සැනසිල්ල වෙනුවෙන් කාලය, ධනය ,.ශ්‍රමය කැප කරමින්,

සැබෑ කල්‍යාණ මිත්‍රත්වය විදිහා පාන
ඔබගේ ජන්ම දිනය අදයි....

අදවන් දිනෙක නන්දිමිත්‍ර යෝධයා ගේ ග්‍රාමයෙන් ඇසුන ඒ බිලිඳු හැඬීම සහ ගැහිනියක මවක වන මොහොතේ විඳින මහා වේදනාව...

මේ මහ පොළොවේ හඬන වැලපෙන සුවහසක් දරුවන්ගේ සතුටට සැනසුමට හේතුවක් බව මේ විශ්වය දැන සිටියා.....

එදා ඒ මවගේ වේදනාව කියාපෑවේ අපමණක් මව් වරුන්ගේ සතුටු කඳුළට මග හසරක් බව විශ්ව රිද්මය පසක් කලා....

ඉඳින් කළු ලන මිත්‍රය,...

අප වාසනාවන්ත නොවේද...????

"පළමුව සංවර්ධනය කළ යුත්තේ රට නොව මිනිසුන්ගේ බිඳුනු අධ්‍යාත්මයයි.
අධ්‍යාත්මික මිනිසුන්ගේ සිතුවිලි ,වචන, ක්‍රියා තුළින් යහපත් රාජ්‍යයක් ගොඩනැගෙනු ඇත"

යන්න අදහන්නන්ගේ කුළකය මත හිඳ..

ඔවුන්ගේ , අපගේ, මගේ

සිතුවි, වචන, සහ ක්‍රියා වල බැඳෙනාවූ දැලි පිසදමන්නානෙනි.. වෙහෙස වන්නානෙනි,

ඔබට චිරං ජයතූ...!!!!
ආදරෙයි
❤️🖐️

1st Step Program - Api Pasdena2026 / 04 / 19NILS Store - Boralasgamuwa---------------------------------NILS Store is a S...
09/05/2026

1st Step Program - Api Pasdena
2026 / 04 / 19
NILS Store - Boralasgamuwa
---------------------------------

NILS Store is a Sri Lankan women’s fashion brand built on the belief that style should be both intentional and wearable.

Founded by Ms. Sithumini Prematunga, NILS was created with a vision to offer thoughtfully curated fashion that fits seamlessly into the everyday lives of modern women.

We focus on curating collections that combine comfort, versatility, and refined design — pieces made to be worn with confidence, not just once, but as part of a repeatable wardrobe.

With a growing presence across multiple retail locations and an expanding online platform, NILS continues to evolve as a brand that prioritizes quality, consistency, and meaningful customer experiences.

At its core, NILS is more than fashion — it is a brand that values people, encourages growth, and creates opportunities that empower women at every stage.

www.nilsonline.lk

"අපි පස්දෙනා" සංකල්පයේ ක්‍රියාකාරී පරිවර්තකයාණන්පරාර්ථකාමීත්වය මුදුන්පත් කරගත් නිර්භීත තාරුණ්‍යයේ ප්‍රතිමූර්තියඅද දිනය ස...
08/05/2026

"අපි පස්දෙනා" සංකල්පයේ ක්‍රියාකාරී පරිවර්තකයාණන්

පරාර්ථකාමීත්වය මුදුන්පත් කරගත් නිර්භීත තාරුණ්‍යයේ ප්‍රතිමූර්තිය

අද දිනය සනිටුහන් වන්නේ ඔබ වෙනුවෙනි.

වචනාර්ථයෙන් ඔබ්බට ගොස් ක්‍රියාවෙන් සමාජ සම්මුතීන් අභියෝගයට ලක් කරන,

වැටීසිටින්නන් නැවත නැගිටුවීමට අත්වැලක් වන,

"ස්වාර්ථය" යන පටු රාමුවෙන් මිදී "සාමූහික සුබසාධනය"
දෙස දෘෂ්ටිය යොමු කරන,
නිදහස සහ සාධාරණත්වය උදෙසා අභීතව පෙනී සිටින,

ඔබ වැනි තරුණයෙකු වත්මන් සමාජයට අමිල සම්පතකි.

ඔබ සිතෙහි දිලෙන ඒ අරමුණු සහගත ජ්වලිතය,
ඔබ හදවතෙහි රැඳි ඒ ප්‍රතිපත්තිගරුක මනුෂ්‍යත්වය,
කිසි කලෙකත් නිවී නොයනු ඇත.

"අපි පස්දෙනා" යනු හුදු නාම පුවරුවක් නොවේ.

එය යුගයේ වගකීමකි, සමාජ සංවාදයකි.
එම වගකීම සියතට ගෙන සුසමාදර්ශීය වෙනසක පුරෝගාමියෙකු වූ ඔබට, අද දින අපගේ උත්තමාචාරය පුද කරමු.

ලහිරු, ඔබගේ සියලු යහපත් අභිලාෂයන් මල්ඵල ගැන්වීමට අවැසි අනූන ශක්තිය, ප්‍රඥාව සහ නිදහස් පරිසරය උදා වේවායි අපි සාමූහිකව ප්‍රාර්ථනා කරමු.

චිරං ජයතු....! නිදහසේ නාමයෙන් අභීතව ඉදිරියටම...

Admin

අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන2026 / 04 / 05සේවාගම - පොළොන්නරුව ------------------------------------------------------...
28/04/2026

අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන
2026 / 04 / 05
සේවාගම - පොළොන්නරුව -------------------------------------------------------------

පළමුව සංවර්ධනය කළ යුත්තේ රට නොව, ඒ රටේ මිනිසුන්ගේ අධ්‍යාත්මයයි..

මේ අදහස හරි ලස්සන අදහසක් සේ පෙනුනත්, මේ අදහස ක්‍රියාත්මක කරන්නට නම්, ඒ සරළ සාමාන්‍ය මිනිසුන්ගෙන් එය ආරම්භ වි විකාශණය විය යුතුයි. ආකල්ප වශයෙන් සංවර්ධනය වීම කියන්නෙම රටේ සංවර්ධනය යි..

ඒ සඳහා පවත්වන ලද පළමු පියවර වැඩසටහනේ විශේෂ අවස්තාවන්

අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන2026 / 04 / 05අම්මා පන්සල - පොළොන්නරුව--------------------------------------------------...
27/04/2026

අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන
2026 / 04 / 05
අම්මා පන්සල - පොළොන්නරුව
-------------------------------------------------------------

මීට පෙර දැකලවත්, අඳුනන්නෙවත් නැති කොහේ හෝ මනුස්සයෙක් වෙනුවෙන් ඒ කෙනාගෙ ජීවිතයට ආදරණීය සුන්දර බලපෑමක්, කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නොමැතිව පුද්ගලයෙකුට කණ්ඩායමකට සිදුකරලන්න පුළුවන්නම්

එවැනි පුද්ගලයින් සහ කණ්ඩායමට ඇත්තේ පරාර්ථය වෙනුවෙන් පවරාගත් මනුෂත්වයේ හදවතක්.. ඔව් අපි පස්දෙනාට මුණගැහෙන්නෙත් එවැනි මිනිසුන්මයි.

මේ එවන් සුන්දර දරු දැරියන් පිරිසක් සහ බොහෝ පිරිසක් මුණගැසූ අම්මා පන්සලෙහි පැවැත්වූ පළමු පියවර වැඩසටහනයි...

🔴අපි පස්දෙනා - දෙවන පියවර වැඩසටහනජීවිතය වෙනස් කරන සවාරියJC 42 කණ්ඩායම2026 / 03 / 21 - 22--------------------------------...
24/04/2026

🔴
අපි පස්දෙනා - දෙවන පියවර වැඩසටහන
ජීවිතය වෙනස් කරන සවාරිය
JC 42 කණ්ඩායම
2026 / 03 / 21 - 22
-----------------------------------------------------------------------------
ජීවිතයට පැමිණෙන අභියෝගයන් වලට මුහුණ දීමේ දී, එම අභියෝග ජීවිතය දිනන ස්වර්ණමය අවස්තාවන් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද..?

ඒ සඳහා, ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දැනුම බෙදා ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ආකල්ප සංවර්ධන වැඩසටහනයි

ජීවිතය වෙනස් කරනා සවාරිය

අපි හැම කෙනෙක්ටම ජීවිතයේ අභියෝග එනවා..
01. අභ්‍යන්තර අභියෝග
02. භාහිර අභියෝග
03. කණ්ඩායම් (සමාජයෙන්) අභියෝග වශයෙන්..

ඒ අභියේග වලට මුහුණ දෙන ආකාරය සහ, අභියෝග වලට මුහුණදීමේදී ඇතිවෙන
බිය
සැක
ලැජ්ජා
කේන්තිය හා
දුක් නොවී,

ජීවිතය, මේ මෙහොතේ ගතකරන තැනින් අඟලක් හෝ ඉස්සරහට එන්න, අඟලක් හෝ ඉහළට යන්නට උදාකරගන්නා උසස් අවස්තාවක් බවට පත්කර ගත් විට, සැබෑවටම ඔබ

අභියෝග වලට ප්‍රේම කරනු ඇත..

අද ගතකරන
ආර්ථික මට්ටම
කාලමය
මානසික මට්ටම
සාමාජීය
පුද්ගල සම්බන්දතා අතර මට්ටම
විශ්වාසයේ
ආදරයේ මට්ටමට වඩා, අඟලකින් හෝ අපි ඉන්න තැන් වලින් එකිනෙකා ඉහළට ආවොත්,

රටත් ඉහළට එසවෙනවාමයි.. ස්ථිරයි..

ඇත්තටම මේ රටේ හදන්න දෙයක් නෑ,වැස්සේ හදන්න දෙයක් නෑ
පොළොවේ හදන්න දෙයක් නෑ
මුහුදෙ හදන්න දෙයක් නෑ
ඉර පායන එකේ හදන්න දෙයක් නෑ
සුළඟේ හදන්න දෙයක් නෑ..

නමුත් අපි හිතන පතන විදිහේ අවුල්සහගත තත්වයක් නිසා,
මෙහිපිට අපායවල් වගේ කාන්තාර තියෙන රටවල් දිව්‍යලෝක වන විට, සුරපුරයක් වගේ රටක අපාගත ජීවිත අපිට උරුම වෙලා..?

අපි අපේ පැත්තට හැරිලා, අපේ අවුල හදාගමු පළමුව....

JC 42 වැඩසටහනේදීත්,
බොහෝ ආදරණීය මිනිසුන් අපට මුණගැසුනා.
වෙනදා වගේම පවුල් පිටින් වැඩසටහනට සම්බන්ද වෙලා, ආදරණීය පවුලක් විදිහට ගොඩනැගෙන්නට අවශ්‍ය බලය ආකල්ප ලබාගෙන පිටව ගියා..

වැඩසටහනට සම්බන්ද වුනු සෑම කෙනෙක්ම
ආත්මාර්ථකාමීත්වයෙන් තොර අති ප්‍රබල සිතුවිල්ලක් සිහිනයක් බවට පරිවර්තනය කර ගත්තා..

ඒ සිහිනය SMART කරගත්තා..

අපට විශ්වාසයි, ආකල්පමය වශයෙන් ගොඩනැගෙන පුද්ගලයින් එකතුවෙලා මේ සමාජය සුවපත් කරනවා..

අභියෝග ජීවිතය දිනන අවස්ථාවන් බවටපරිවර්තනය කරගත් පුද්ගලයින් විසින් සමාජය ඔසවා තබනවා...🖐

වැඩසටහනේ මතකයෙන් බිදක්..

🔴
"நாம் ஐந்துபேர் - இரண்டாம் கட்ட நிகழ்ச்சி"
"வாழ்க்கையை மாற்றும் பயணம்"
JC 42 குழு
2026 / 03 / 21 - 22

---------------------------------------------------------------
வாழ்க்கையில் எதிர்ப்புகள் வரும்போது, அவற்றை எப்படி வெற்றியின் பொன்னான வாய்ப்பாக மாற்றிக்கொள்ளலாம்?

அதை உணர்த்த, நடைமுறைச் செயல்முறைகளின் மூலம் அறிவை பகிர்வதற்காக ஏற்பாடு செய்யப்பட்ட மனநிலை மேம்பாட்டு நிகழ்ச்சியே "வாழ்க்கையை மாற்றும் பயணம்"

நாம் அனைவரும் வாழ்வில் பல்வேறு சவால்களை எதிர்கொள்ள நேரிடுகிறது.

1. உட்புற சவால்கள்

2. வெளிப்புற சவால்கள்

3. குழுவினரால் (சமூகத்தினால்) ஏற்படும் சவால்கள்

இந்த சவால்களை எதிர்கொள்ளும் போது,

பயம்
சந்தேகம்
வெட்கம்
கோபம்
துக்கம்

இவற்றில் ஆழ்ந்து போகாமல்,
இந்தச் சவால்களை வாழ்வை முன்னேற்றும் வாய்ப்பாக மாற்றிக்கொண்டால், நிஜமாகவே சவால்களை நேசிக்கத் தொடங்குவீர்கள்...!

நாம் இன்றைய
பொருளாதார நிலை
நேர மேலாண்மை
மனநிலை
சமூக உறவுகள்
நம்பிக்கை
அன்பு

இவைகளை ஒரு அங்குலமாவது உயர்த்தி முன்னேறினால், நாடும் உயர்வடையும்!

உண்மையில்,

இந்த நாட்டை புதுப்பிக்க எதுவும் தேவையில்லை

மழையை மாற்ற எதுவும் தேவையில்லை

நிலத்தை மாற்ற எதுவும் தேவையில்லை

கடலை மாற்ற எதுவும் தேவையில்லை

சூரியன் உதிக்கிறதைக் கட்டுப்படுத்த எதுவும் தேவையில்லை

காற்றை மாற்ற எதுவும் தேவையில்லை

ஆனால், நம்முடைய குழப்பமான சிந்தனைகளின் காரணமாக,
பாலைவனங்கள் கொண்ட நாடுகள் சொர்க்கமாக மாறும் போது,
சொர்க்கமென இருந்த நம் தேசம் தவிப்பின் இடமாக மாறிவிட்டது!

நாம் முதலில் நம் எண்ணங்களை மாற்றுவோம்...!

JC 42 நிகழ்ச்சியில்,
பல அன்பான மனிதர்களை சந்திக்க நேர்ந்தது.
வழக்கம்போல குடும்பத்தோடு கலந்து கொண்டு, குடும்ப உறவுகளை பலப்படுத்த உதவிய இந்த நிகழ்ச்சியில் அனைவரும் பலம் பெற்று சென்றார்கள்.

நிகழ்ச்சியில் கலந்து கொண்ட ஒவ்வொருவரும்,
தங்கள் சுயநலத்தை துறந்து, மிக வலுவான எண்ணங்களை ஒரு கனவாக மாற்றிக்கொண்டார்கள்.

அந்த கனவை SMART ஆக்கினர்!

நாங்கள் நம்புகிறோம்,
நல்ல எண்ணங்களைக் கொண்ட மக்கள் ஒன்றாக சேர்ந்தால், இந்த சமூகத்தை மாற்றலாம்.

சவால்களை வெற்றிக்கான வாய்ப்பாக மாற்றிய மனிதர்கள்,
இந்த சமூகத்தையே உயர்த்துவார்கள்!

நிகழ்ச்சியின் இனிய நினைவுகளின் ஒரு துணுக்கு...!



Index.goodcountry.org

Admin

කුස්සියේ ඉදෙන කැවුම් කොකිස් සුවඳ, පුංචි වුන්ගේ සිනා රාවය, ආච්චි සීයලා  ආදරෙන් සිනා සිසී මුල් තැන අරං නැකත් බලමින්, අලුත්...
14/04/2026

කුස්සියේ ඉදෙන කැවුම් කොකිස් සුවඳ, පුංචි වුන්ගේ සිනා රාවය, ආච්චි සීයලා ආදරෙන් සිනා සිසී මුල් තැන අරං නැකත් බලමින්, අලුත් තීන්ත සුවඳ ගේ හැම පුරාම, අලුත් ඇඳුමෙන් හැඩවැඩ බලනා තරුණ ගැටිස්සියන්. විහිළු තහළු මැද සෙල්ලම් කරනා ඉලංදාරියන්....

ගමම තරුණ වෙලා නොවැ...

නොහොද නෝක්කාඩු විරසකයන් පසෙකලා එකමුතුකම හදලා දීපූ කෑම මේසේට වටවෙලා රස විදිනා නෑදෑයන්. කොවුල් නාදෙ වරින් වර අමතමින් සිහිකරනා අවුරුද්ද උදාවෙලා...

මේ හැමදේම අලුත් වෙද්දි පරණ ඔයාටම ඒ අලුත් කරපු ගෙදර ඇතුලේ, ඒ අදින අලුත් ඇඳුම් ඇතුලේ, ඒ නැකැත් ඇතුලේ ඉඩක් තිබුනත්, ඇත්තටම මේ හැමදේම අලුත් වෙද්දි ඔයා හිතන පතන විදිහ, ඔයාගෙන් මේ සමාජයට යන්න ඕනා සුභවාදී පණිවිඩය, කොටින්ම මේ රට සුන්දර කරන්න ලස්සන කරන්න ඔයාගෙන් ඉටුවෙන්න අවශ්‍ය පුරවැසි යුතුකම ගැන ඔයා මොකක්ද අලුත් විදිහට හිතට යොමුකරගත්තේ...?

අලුත් අවුරුද්දට කලින් ඔයා ලඟ තිබුනු, පුංචි පුංචි අඩුපාඩු, තරහා ගත්ත තැන්, අතහැරපු මඟහැරපු රිදවගත්ත රිද්දපු තැන් තිබුනානම්, තරහා අමනාප නෝක්කාඩු හිතේ තියාගත්ත කෙනෙක්නම් ඔන්න ඔයාට ඒවා අමතක කරලා ඒවා විසිකරලා අලුත් කෙනෙක් වෙන්න අවස්තාවක් ලැබිලා..

නව අවුරුද්ද ලබපු උණුසුමේ දවස් දෙක තුනක් ඔයා සතුටින් ඉදලා, ඔයත් එක්ක ඉන්න හැම කෙනෙක්වම සතුටු කරවලා, ඊට පස්සේ අවුරුද්ද ගෙවිලා යද්දි ඔයාගෙ ඒ සතුට හේදිලා ගිහිං පරණ කෙනාමනම් මතුවෙන්නේ...එහෙම නොවෙන්න මේ අවුරුද්දේ ගැඹුරු තීරණයක් ගන්න...

මොකද, ඔයා බලන්න මේ දවස් දෙක තුනේ පොඩිවුන්ගේ මූණවල් වල තියෙන සතුට.. ඒ හිනාවල් හැමදාම ඒ විදිහට දකින්න ඔයාට පුළුවන්.. හැමදාම අලුත් ඇදුම් ගෙනත් දෙන්න ඕනේ නෑ. හැමදාම කිරිබත් කැවුම් කොකිස් උයන්න ඕනේ නෑ, හැමදාම ගෙදර තීන්ත ගාලා පාට කරලා තියන්න ඕනේ නෑ, නෑගම් යන්න ඕනේ නෑ...

දරුවන්ට බිරිදට සැමියට ඔයා අවට මුළුමහත් සමාජයටම ඔයා හරි ආදරණීය මනුස්සයෙක් වෙන්න. විශ්වාසවන්ත මනුස්සයෙක් වෙන්න. සතුට ගෙනෙන සැනසීම ගෙනෙන හොද ඇහුකං දෙන්නෙක් වෙන්න, සමාව ගන්න, සමාව දෙන සතර බ්‍රහ්මවිහරණය ප්‍රැක්ටිස් කරන කෙනෙක් වෙන්න. යහපත අගේ කරන්නෙක් වෙන්න, අයහපත් දේ තර්කයෙන් දිනවන්නෙක් නොවන්න, සුභවාදීව ලෝකය දිහා බලන්න...

ඉන්න කෙටිකාලය තුළ ඔයාගෙ වටිනාකම හැම පැත්තකින්ම ඉහළට ගෙනියන ගමන් අධ්‍යාත්මික දියුණුව ගැනත් හිතලා වැඩකරන කෙනෙක් වෙන්න.. එහෙම වුනොත් ඒ තැන් වල තමයි සැනසිල්ල තියෙන්නේ.. මේ දරුවන්ගේ මුහුණු වල සිනාවන් ඒ තැන්වල දී ඔයාට මුණගැසේ වී...

ඉතිං එහෙනම්...

උදාවූ නව වසර, අපි පස්දෙනා පවුලේ සෑම කෙනෙකුටමත්, රටවාසී ලෝවාසි සියළු දෙනාටමත්

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when අපි පස්දෙනා - Api Pasdena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share