ඇත්ත - Truth

ඇත්ත - Truth Public Figure

දයාසිරි දැන් දයාවතී වගේ 😀
07/09/2026

දයාසිරි දැන් දයාවතී වගේ 😀

07/09/2026

අරගලයේ දී මුං මෙහෙම කියනකොට වටේ හිටිය ජයවේවා කියපු උන් ඇත්තටම දෙමව්පියන් වදපු අයද කියලත් සැකයි. කොහොම වුනත් අරගලෙයේදී සිදු වූ සමහර දෑ මේ රටේ සංස්කෘතියට රටේ හැදියාවට රටේ සභ්‍යත්වයට නොහොබිනා තරම් පිලිකුල්
ක්‍රියාවන් සහ කතාවන් බව කිව යුතුමයි.
හා ඒකට කමක් නැහැ … අපිට හොරු ටික අල්ලලා පෙන්වනවනේ

අපි මෙට්‍රො බස් එකේ යන ගමන් අනුර හොරු අල්ලලා හිරේ දාන ගමන් හුරේ දාමු ෴෴෴෴෴එක් පැත්තකින් දෙයක් ලැබිලා වහා වියැකී යන සුළ...
07/09/2026

අපි මෙට්‍රො බස් එකේ යන ගමන් අනුර හොරු අල්ලලා හිරේ දාන ගමන් හුරේ දාමු ෴෴෴෴෴

එක් පැත්තකින් දෙයක් ලැබිලා වහා වියැකී යන සුළු තවත් පැත්තකින් දරාගත නොහැකි දෙයක් දෙයක් අපි සංසන්දනය කලොත් හිතවතුනි , තව කලෙකට පසු මෙට්‍රෝ බස් ගිනිතබන්නේද නුඹලාමය෴෴෴

ඉතින් අපේ රටේ ඉතිරි වෙලා තියෙන වන සම්පත ගහකොල ටික අපිට අහිමි වෙලා රටෙනුත් කෑල්ලක් දෙකක් අහිමි වෙලා ඊටත් ටික කලෙකට පස්සෙ ඉතිරි කෑල්ලටත් උන් අයිතිවාසිකම් කිව්වොත් අද
තිස්ස විහාරයට පිච්චමල් විහාරයට කියනවා වගේ අපි පනින්නෙ මුහුදටද?

⭕️ජනපති තුමනි රට හදන්න මෙට්‍රෝ නෙමේ විදුලි දුම්රියත් ගේන්න. හොරු නෙවෙ හොරුන්ගෙත් හොරුන්ව අල්ලා හිරේ දාන්න.. ඒ මොක කලත් අනේ අපේ වනසම්පත සහ නොබෙදුනු රටත් අපිට ඉතිරිකරන්න. ⭕️

ඒවාගේම බඩු මිලත් අඩුකරන්න සලකා බලන්න.

🏛️. උතුරු – නැගෙනහිර වනාන්තරවල නිහඬ විනාශය. 🏛️.

අක්කර 16,500ක් අහිමි වෙද්දී නීතිය නිහඬද?
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඉතිරිව ඇති වටිනා වනාන්තර පද්ධති අද දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටී.
සිදු කළ අධ්‍යයනයකට අනුව, වව්නියාව, මුලතිව්, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප්‍රදේශ 17කට අයත් වනාන්තර අක්කර 16,500කට ආසන්න ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් නව ජනාවාස හා වගාබිම් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් පවතින බවට කරුණු අනාවරණය වී තිබේ.
මෙය හුදෙක් ගස් කපා දැමීමේ කතාවක් නොවේ.

මෙය ජලය, වනජීවීන්, පුරාවිද්‍යාත්මක උරුමය, පරිසර සමතුලිතතාවය සහ අනාගත පරපුරේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයකි.

අක්කර දහස් ගණනක් අතුරුදන් වන විට...
මරිච්චුක්කඩ්ඩි – කරඩික්කුලි, කරුන්කාලිපුරම්, මඩුපාර, පුවරසන්කුලම්, කුලාමරිප්පු, නාගන්චෝලෙයි, ඉරසෙන්තිරම්කුලම් වැනි වන රක්ෂිත මෙන්ම වඩකාඩු, කාකේනිකුලම්, පෙරියමඩු, ඔඩ්ඩුසුඩාන්, මුහුදුබඩ පත්තු, කරඩික්කුලි රජයේ කැලය, සාලම්බයිකුලම් සහ සුදුවෙත්තකුලම් වැනි රජයේ වනාන්තර ප්‍රදේශ ද මෙම විනාශයට ලක්වන ප්‍රදේශ අතර සඳහන් වේ.

🛑 .එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුක්කන සහ බක්මිටියාව – තිබිරිගොල්ල වැනි වන රක්ෂිතවල ද වනාන්තර එළිපෙහෙළි කරමින් මහා පරිමාණ වගාබිම් ව්‍යාප්ත කිරීම පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. මේවායේ අතිශ්‍ය වටිනාකමකින් යුත් පුරාවිද්‍යාත්මක සාධකයන්ද දැඩි විනාශයට ලක්ව ඇත.

ප්‍රශ්නය වන්නේ...

🛑 .මේ සියල්ල සිදුවන්නේ නීතියේ ඇස් ඉදිරිපිටද?

කරුන්කාලිපුරම් – අක්කර 5,000ක කතාව
වව්නියාව දිස්ත්‍රික්කයේ සුවිශේෂී වන පද්ධතියක් වන කරුන්කාලිපුරම් වන රක්ෂිතය මෙම තත්ත්වයට දැඩි ලෙස බලපෑ ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.

1940 ජුනි 7 දින අංක 8620 දරන ගැසට් නිවේදනයෙන්ද, පසුව 1985 ඔක්තෝබර් 15 දින අංක 371/7 දරන ගැසට් නිවේදනයෙන්ද රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම ප්‍රදේශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 8,432ක් පමණ වේ.

එහෙත් එහි අක්කර 5,000කට ආසන්න ප්‍රමාණයක් එළිපෙහෙළි කර ජනාවාස පිහිටුවීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

එම ක්‍රියාවලියත් සමඟ වටිනා දැව විනාශය, විශේෂයෙන් කළුවර දැව සම්බන්ධ ජාවාරම් පිළිබඳවද කරුණු මතුව තිබේ.

🛑. වන විනාශයේ තවත් බරපතළ ප්‍රතිඵලයක් වූයේ අලි – මිනිස් ගැටුමයි.

අලි ගමන් කරන ස්වභාවික මාර්ග හා වාසස්ථාන ඛණ්ඩනය වීමත් සමඟ ගැටුම පාලනය කිරීම සඳහා විදුලි වැටවල් ඉදිකර ඇති බව සඳහන් වේ.

🛑 . එහෙත් මෙහි ඇති විකාරය කුමක්ද?
අලින්ගේ වාසස්ථාන අපිම කපා වෙන් කර, පසුව අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට වැටවල් ඉදිකිරීමයි.

🛑 .තවත් අක්කර 3,000ක්?

කරුන්කාලිපුරම් රක්ෂිතයෙන් තවත් අක්කර 3,000ක් ජනාවාස සඳහා ලබාගැනීමට ඉල්ලීම් කර තිබූ බවද මෙම තොරතුරුවල සඳහන් වේ.
එම ඉඩම් නිදහස් කිරීම මේ වන විට තාවකාලිකව නතර වී ඇත්තේ එල්ල වූ විරෝධතා සහ බලපෑම් හේතුවෙන් බවද සඳහන් වේ.

නමුත් මෙය එක් ප්‍රදේශයකට පමණක් සීමා වූ සිදුවීමක් නොවේ.
විල්පත්තුවට උතුරින් තවත් අර්බුදයක්
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර ප්‍රදේශ සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ දැඩි අවධානයක් යොමු විය.

කල් ආරු ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ ලෙස සැලකෙන මරිච්චුක්කඩ්ඩි – කරඩික්කුලි වනාන්තර ප්‍රදේශයේ අක්කර 3,000කට ආසන්න භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් නව ජනාවාස පිහිටුවීම පිළිබඳව චෝදනා එල්ල විය.

තවද, එම ප්‍රදේශයේ තවත් අක්කර 900ක පමණ වනාන්තර භූමියක් ජනාවාස හා වගාබිම් සඳහා ලබාගැනීමට සැලසුම් කළ බවටද කරුණු ඉදිරිපත් වී තිබේ.
මඩු රක්ෂිතයේත් ගැටුම්
මුලතිව් දිස්ත්‍රික්කයේ මඩු වන රක්ෂිතයේ කොන්ඩියාකුප්පම් ප්‍රදේශයේ අක්කර 600ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළිපෙහෙළි කර නව ජනාවාස පිහිටුවීමට එරෙහිව විරෝධතා මතුවූ බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එහිදී විවිධ පාර්ශ්ව අතර ගැටුම් පවා ඇති වූ බව පැවසේ.

🛑 .මෙවැනි තත්ත්වයක් කලින්ම වැළැක්විය හැකිව තිබුණේ නම්?

නීතිය ක්‍රියාත්මක විය යුතු මොහොතේ නිහඬව සිටීම අවසානයේ සමාජ ගැටුමක් බවට පත්විය හැකි බවට මෙය අනතුරු ඇඟවීමක් නොවේද?
අම්පාරේ පුරාවිද්‍යා උරුමයත් අවදානමේ
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුක්කන සහ බක්මිටියාව – තිබිරිගොල්ල වනාන්තර ප්‍රදේශවලද විශාල වශයෙන් වගාබිම් ව්‍යාප්ත වන බව සඳහන් වේ.
බක්මිටියාව – තිබිරිගොල්ල රක්ෂිතයේ වට්ටමඩු ප්‍රදේශයේ අක්කර 1,000ක් පමණද, කුඹුක්කන රක්ෂිතයේ රදැල්ල ප්‍රදේශයේ අක්කර 70කට ආසන්න ප්‍රමාණයක්ද එළිපෙහෙළි කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.

මෙහිදී තවත් බරපතළ ප්‍රශ්නයක් මතුවේ.
වනාන්තර සමඟ අපගේ පුරාවිද්‍යාත්මක උරුමයත් විනාශ වුවහොත්, නැවත එය ගොඩනැගිය හැකිද?
පුරාවස්තු යනු ගස් මෙන් නැවත සිටුවිය හැකි දෙයක් නොවේ.

එක් වරක් විනාශ වූ ඉතිහාසයක් නැවත නිර්මාණය කළ නොහැක.

🛑 .නීතිය කුමක් කියනවාද?

මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත සහ රජයේ ඉඩම් ආඥා පනත යටතේ නීතිමය සීමාවන් පවතින බව සඳහන් වේ.

වන සංරක්ෂණ ආඥ පනතේ 7 වන වගන්තිය යටතේ රක්ෂිත වනාන්තරයකට අනවසරයෙන් ඇතුළුවීම, රැඳී සිටීම, ගස් කැපීම, ගොඩනැගිලි ඉදිකිරීම, පදිංචි වීම, මාර්ග සකස් කිරීම සහ වගාබිම් ඇති කිරීම වැනි ක්‍රියා නීති විරෝධී වේ.

රජයට අයත් වන සංරක්ෂිත වනාන්තර සම්බන්ධයෙන්ද එම ආඥ පනතේ 20 වන වගන්තිය යටතේ නීතිමය සීමාවන් පවතී.
ඒ අනුව ප්‍රශ්නය වන්නේ,

🛑 .නීතිය මෙතරම් පැහැදිලිව තිබියදී එය ක්‍රියාත්මක කරන්නේ කවුද?

පරිසර බලපෑම් ඇගයීම කොහෙද?
ජාතික පාරිසරික පනත යටතේ විශාල වනාන්තර ප්‍රදේශ එළිපෙහෙළි කිරීම, විශාල පිරිසක් නැවත පදිංචි කිරීම හෝ සංවේදී පරිසර ප්‍රදේශ ආශ්‍රිතව සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පාරිසරික අනුමැතිය සහ පරිසර බලපෑම් ඇගයීම වැනි ක්‍රියාවලීන් අවශ්‍ය වන අවස්ථා පවතී.

එසේම විශාල භූමි ප්‍රදේශ එළිපෙහෙළි කිරීම හෝ ජනාවාස පිහිටුවීමේදී පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් අවශ්‍ය වන අවස්ථාද පවතී.
එසේ නම්,
එවැනි ක්‍රියාමාර්ග නිසි පරිදි සිදු කර තිබේද?
එසේ නොමැති නම්, ඒ පිළිබඳව වගකිව යුතු ආයතන ගත් පියවර කුමක්ද?
මේක ජාතිවාදී ප්‍රශ්නයක්ද?
මෙවැනි වනාන්තර විනාශයන්ට එරෙහිව මතුවන විරෝධතා ඇතැම් අවස්ථාවල ජාතිවාදී දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කිරීමට උත්සාහ කළ බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

නමුත් පරිසර සංරක්ෂණයේ මූලික ප්‍රශ්නය ඊට වඩා සරලය.
වනාන්තරයක් කා විසින් විනාශ කළත්, විනාශ වන්නේ වනාන්තරයයි.

එහි ප්‍රතිඵලය සිංහලයාටත්, දෙමළාටත්, මුස්ලිම්වරයාටත් එකසේ බලපානු ඇත.
වනාන්තර විනාශ වීමෙන් ජල පෝෂක ප්‍රදේශ අහිමි වේ.

☘️අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි වේ.
☘️වනජීවී ගමන් මාර්ග කැඩී යයි.
☘️ජල අර්බුද උග්‍ර වේ.
☘️අලි – මිනිස් ගැටුම වැඩි වේ.
☘️අවසානයේ පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය.

🛑. යුද්ධයෙන් අවතැන් වූවන්ගේ ප්‍රශ්නයත් මෙයට බැඳී ඇත.

උතුරු – නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසු අවතැන් වූ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වල නිසි පරිදි නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද බරපතළ ප්‍රශ්න මතුව තිබේ.

එවැනි ජනතාවගේ සාධාරණ ඉඩම් අයිතිය විසඳීම වෙනුවට, ජාතික සැලැස්මකින් තොරව නව ජනාවාස ව්‍යාප්ත කිරීම සිදුවන්නේ නම්, එය අනාගතයේදී තවත් සමාජ ගැටුම් ඇති කිරීමට හේතු විය හැක.

🛑.එබැවින් විසඳුම විය යුත්තේ ජාතිවාදය නොවේ.

නීතියට යටත්ව, සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් නැවත පදිංචි කිරීමේ ජාතික වැඩපිළිවෙළකි.
පරිසරය නැති කළොත් ඉතිරි වන්නේ කුමක්ද?
අද අපි කපා දමන්නේ ගසක් විය හැකිය.
නමුත් ඒ ගස සමඟ විනාශ වන්නේ වසර සිය ගණනක් පැරණි පරිසර පද්ධතියකි.
අපි එළිපෙහෙළි කරන්නේ ඉඩමක් විය හැකිය.
නමුත් ඒ සමඟ විනාශ වන්නේ අලි ඇතුන්ගේ ගමන් මාර්ගයක්, කුරුල්ලන්ගේ වාසස්ථානයක්, ජල පෝෂක ප්‍රදේශයක් හෝ අනාගත පරපුරට අත්‍යවශ්‍ය ජල සම්පතක් විය හැකිය.

තවත් පැත්තකින් එම භූමිය තුළ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂියක්ද සදාකාලිකව අහිමි විය හැකිය.

🛑. ප්‍රතිපත්ති පොත්වල පමණක් පරිසර ආරක්ෂාව?

රජයන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනවල පරිසර ආරක්ෂාව, වන විනාශය වැළැක්වීම සහ සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම පිළිබඳ පොරොන්දු තිබුණද, ඒවා භූමියේ ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ සම්බන්ධ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ වනාන්තර හායනය හා ඛණ්ඩනය වැළැක්වීම සඳහා සැලසුම් සකස් කරමින් සිටියද, ඒ අතරතුර ඉතිරිව ඇති වනාන්තර ආරක්ෂා කර ගැනීමට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මන්ද...

සැලසුම් ලියන අතරතුර වනාන්තරය විනාශ වී අවසන් වුවහොත්, එම සැලසුම්වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

🛑. අවසානයේ ඉතිරි වන ප්‍රශ්නය...

මෙය එක් ඇමතිවරයෙකුට, එක් ආණ්ඩුවකට හෝ එක් ජන කොට්ඨාසයකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ.

මෙය ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි.
අද වනාන්තරයක් එළිපෙහෙළි කර ජනාවාසයක් ගොඩනැගිය හැකිය.
අද වගාබිමක් ඇති කළ හැකිය.

"නමුත් හෙට නැතිවන ජල පෝෂක ප්‍රදේශය නැවත ගොඩනැගිය හැකිද?"

"අලි ඇතුන්ගේ අහිමි වූ වාසස්ථානය නැවත ලබාදිය හැකිද?"

"විනාශ වූ පුරාවිද්‍යාත්මක උරුමය නැවත ගෙන එන්න පුළුවන්ද?"

නැහැ.

ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ කාගේ දේශපාලනයද, කාගේ ජාතියද යන්න ගැන සටන් කිරීම නොවෙයි.

☘️අවශ්‍ය වන්නේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමයි.

☘️වනාන්තර රැකීමයි.

☘️ජල පෝෂක ප්‍රදේශ රැකීමයි.

☘️අලි ඇතුන්ගේ වාසස්ථාන රැකීමයි.

☘️පුරාවිද්‍යා උරුමය රැකීමයි.

ඒ සියල්ල අවසානයේ රැකෙන්නේ...
පේ රටේ අනාගත පරපුරයි.

අද අපි මුනිවත රකින්නේ නම්, හෙට අපේ දරුවන් අපෙන් අසනු ඇත.

“ඔබලාට රැකගන්න තිබුණු වනාන්තරය කොහෙද?”

එදා පිළිතුරක් දීමට අපට ඉතිරිව තිබෙන්නේ කපා දැමූ ගස්වල මතකය පමණක් නොවේවා.
#පරිසරයසුරකිමු
#නැගෙනහිරවනවිනාශය
#නැගෙනහිරපුරාවිදයාඋරුමය
#ගවේෂණපුරාණය
#ඉතිහාසකතාන්දර



සටහන පාලිත සමරනායක

07/09/2026

මේවා True story බ්රෝ බොරුනම් අහන්නෙ යුරෝපෙ ඉන්න කෙනෙකුගෙන් . යුරෝපා රටවල
ඒ රටේ මිනිස්සු හම්බකරනවා සරණාගතබාවය ගහගෙන එන උන් නිකං ඉඳගෙන කකා බිබී ලමයි හද හද රට අල්ලගන්න වර්ගයා බෝකරනවා. අපි හිතනවා යුරෝපා වල මිනිස්සු හරි දියුනුයි කියලා. බලන් යනකොට මුන් වගේ 🐃🐃🐃🐃 ක් තවත් නැහැ. මුන් ඉරාකය ලිබියාව සිරියාව ඝානාව මොසැම්බික් වගේ රටවල මිනිසුන්ට ඉන්න නොදී ඒ රටවල් විනාශ කරන්න කටුයුතු කලා හෝ නැත්නම් සහයෝගය දුන්නා. ඒ රටවල මිනිසුන්ට ඒ අයගෙ පාඩුවේ ජීවත් වෙන්න දීලා තමන්ගෙ රටවල් දියුනු කරගෙන හිටියා නම් ඉවරයි පාඩුවේ. ඒත් ඔය යුරෝපයේ ගොඩක් රටවල් දියුනු වෙලා තියෙන්නෙ වෙන රටවල සම්පත් හුරාගෙන කාලා .. බුර්කිනා ෆසෝ කියන්නෙ හැම තැනම යුරේනියම් බහුල රටක් වගේම රත්‍රං තිබෙන රටක් .ඒත් මේ රටේ ජනතාව දුගි දුප්පත්බාවයට දාලා දුර්දාන්ත රටක් බිහිකරේ ප්‍රංශය ඒ රත්තරං සහ යුරේනියම් කුඪ ලෙස දූශිත දේශපාළුවන් සහ කළුකඩ මුදලාලිලා මත්ද්‍රව්‍ය වෙලඳාම් කරුවන් සමග එකතු වී ලබාගෙන. අද මේ උවදුරෙන් ඒ රට බේරාගත් ඉබ්‍රාහිම් ටාරෝරෙ ඉස්ලාම් ජාතිකයෙක් . නමුත් ඔහු බුර්කිනා ෆාසො ඉස්ලාම් රාජ්‍යයක් ලෙස නම් කලේ නැහැ. ඔහු ආගම සහ රාජ්‍ය පාලනය වෙන් කලා. ආගම් ඇදහීම අයිකියක් ඒත් ආගම රාජ්‍ය පාලන තන්ත්‍රයෙන් වෙන් කොට තබා රට නියම මාවතට ගෙනි යනවා වෙනත් ආගම් වලට හෝ ජාතීන්ට වෙනම සැලකිලි නොදක්වා සැමට එකලෙස සලකමින්

නුවර උන් හැමෝම මේ වගේ 🐃🐃🐃🐃🐃🐃 ද?
07/09/2026

නුවර උන් හැමෝම මේ වගේ 🐃🐃🐃🐃🐃🐃 ද?

හිරගෙදරක ඉපදී සිරගේ තුලම අවසන් ගමන් ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවාසනාවන්ත පුත්‍රයා  !           රජෙකුගේ පුත්‍රයෙක් ...
07/09/2026

හිරගෙදරක ඉපදී සිරගේ තුලම අවසන් ගමන් ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවාසනාවන්ත පුත්‍රයා !

රජෙකුගේ පුත්‍රයෙක් වීම වාසනාවක් ලෙස සැලකුවද, එය එසේ නොවන බව ලාංකික රාජාවලියම පසක් කරයි, ලංකාවේ රජු වූ විජය රජුගේ පුතු වූ ජීවහත්තට රජකම උරුම නොවුණි. ලංකා රාජාවලියේ ශ්‍රේෂ්ඨතම රජු වූ දුටුගැමුණු රජුගේ පුතු සාලිය කුමරුටද රාජ්‍යය උරුම නොවුණි. ලංකාවේ අවසන් නරපතියා වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ පුතුද ලාංකීය රාජාවලියේ ඒ අවාසනාවන්ත ඉරණමට පත් රාජකීයයෙකි.

1815 පෙබරවාරි 10 වන දින ඉංග්‍රීසී අත්අඩංගුවට පත්වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තම ස්වකීය දිවියේ අවසන් කාල පරිච්ඡේදය ගෙවා අවසන් කරන්නේ සිරකරුවෙක් ලෙස දකුණු ඉන්දියාවේ වෙල්ලෝර බලකොටුවෙදී ය. තම බිසෝවරුන් තිදෙනා සමඟ රජු එහි ගතකළ රාජකීය සිරගත දිවියේදී, එක් පුත්‍රයෙක් හා දියණියන් තිදෙනෙක් රජුට දාව බිහි කර ඇත..

එසේ වෙල්ලෝරයේ දී බිහිවූ කිරුළ අහිමි රජ කුමරු හට තම පූර්වප්‍රාප්තික රජු වූ රාජාධිරාජසිංහ රජුගේ නාමයම තබා ඇත. නමුත් රජුට තම පුතුගේ දරු සුරතල් බැලීමට එතරම් කලක් දෛවය ඉඩ දී නැත. ඔහු 1832 ජනවාරි 30 මිය යන විට රාජාධිරාජසිංහ කුමරු මාස කිහිපයක බිලිඳෙකි. වෙංකත රංගම්මාල් අග බිසවගේ පුතෙකු වූ ඔහු තරුණ වියට පිවිසීමට පෙර අවුරුදු 11 දී 1843 වසරේ මිය යන්නේ ද අවාසනාවන්ත අයුරෙනි.

ශ්‍රී වික්‍රමසිංහ රජු තම දියණියගේ පුත්‍රයා පුත්‍ර තනතුරේ තබාගත් බවත් ඔහු අලගිය මනවල සිංහල රාජ නමින් හැඳින්වූ බවත් කියවෙයි. ඔහුගෙන් ඇරඹි පරපුර අදටත් ඉන්දියාවේ වෙල්ලෝරයේ ජීවත් වෙයි. 1965 වසර දක්වාම ඔවුන් ලංකා රජයෙන් දීමනාවක් ලබා ඇති අතර, ඔවුන් අදටත් මුතුමණ්ඩපම් නමින් හැඳින්වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සුසානයට රැස්ව වසරකට වරක් තම ආදී රාජකීයයන් සිහිපත් කරයි.

සටහන © Kokila Withanathanthri

⭕️වත්මන් බුදු දහම කොයිබටද? තථාගත බුදු පියාණන් වහන්සේ දේශණා කල ධර්මය ඇත්තේ කොහේද? බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන්නාද? ඇත්...
07/09/2026

⭕️වත්මන් බුදු දහම කොයිබටද?

තථාගත බුදු පියාණන් වහන්සේ දේශණා කල ධර්මය ඇත්තේ කොහේද?

බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන්නාද?

ඇත්තටම නිර්මල බුදු දහම වනසන බලවේග මේ රට තුල ක්‍රියාත්මකද?

තුන්වෙනි කාරණයෙන් අපි පටන් ගත්තොත් මේ රටේ නිර්මල බුදු දහම වනසන්න ඇත්තටම විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ බලවේගවල ඔබත් කොටස්කරුවෙක්ද? මේ ලිපිය කියවන විට එය ඔබට වැටහේවි.

බුදු දහම වනසන බලවේග ක්‍රියාත්මක වන්නෙ මේ රට තුල අද ඊයේ සිට නම් නෙවේ. එය බොහෝ කලක සිට වෙන දෙයක්. ඒත් අදවන විට නූතන තාක්ෂනයේ දියුනුවත් සමග කරලියට පැමිනි සමාජ මාධ්‍ය නිසා, මුදලට තානාන්තරවලට යටවී ඇති බුදු දහම රැකීමට බලතල ඇති හිමි වරුන් පියවර නොගන්නා නිසාවෙන් භාශනයේ අයිතිය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් යම් යම් පුද්ගලයන් මෙය එලිපිටම සිදු කරමින් සිටිනවා. අවාසානාවට පලමු කරුනේ ඇත්තාක් මෙන් පාසලේ සිටම බුදු දහම ඉගෙන නොගත් දහම් පාසැලේදී වත් බුදු දහම හරියට ග්‍රහනය නොකරගත් දැනුමෙන් අල්ප මේ රටේ මිනිසුන් මේ ජාවාරම්කාරයන් පසුපස යනවා.
සිරිසමන්ත භද්‍ර , මීවන පැලෑනේ , කැකිරාවේ සුදස්සන ආදී මේ මිසදිටුවන්ගෙන් සහ ඔවුන්ගෙ ගෝලබාලයන්ගෙන් බණ අසා සැබෑ බුදු දහම හොයනා අය ඇත්තටම මේ රටේ නිර්මල බුදු දහම වැනසීමේ කොටස්කරුවන් වී අවසන්.

දෙවනුවට අපි සඳහන් කරන කරුන ගැන සලකා බැලීමේදි බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන්නා යැයි කතාව පටන්ගන්නෙ මිසදිටුවෙකු විසින් හබරණ පන්සලක බෝධියක් අලලා රචිත ග්‍රන්ථයක් නිසාවෙනි. මේ පොත ලියූ තැනැත්තා තමන්ගෙ මුදලට ලැබුනු කාර්යය කොට අතුරුදහන් වී ඇති අතර ඊළඟ වැඩ කොටස ආරම්බවන්නෙ මේ මතය කරපින්නා යන පිරිසක් බිහි කිරීමටය. නිර්මල බුදු දහම තියා තමන් උපන් රටේ හරි ඉතිහාසයවත් නොදන්නා පිරිසක් බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියන මතය කරපින්නා ගෙන යාමට මේ බලවේග අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලබා දුන් අතර මේ ගැන විස්වාසයන් ඇති වෙන තරමට දේශන පැවැත්වීමට සහ සමාජ මාධ්‍ය තුල ලිපි ලිවීමට පවා පිරිසක් යොදවන ලදි. බුදුන් වහන්සෙ නිසැකවම උපන්නෙ දැනට නේපාලය ඉන්දියාව අතර දේශ සීමාවේ පිහිටි ලුම්බිනි සල් උයනේත් බුද්ධත්වය ලැබුවේ බුද්ධගයාවේත් පිරිනිවන් පා වදාලේ කුසිනාරාවේදීත් බවත් වසර සිය ගනනකට පෙර විද්‍යාත්මකව සහ ගවේශණාත්මකව ඔප්පු කර තිබියදීත් බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව පිලිගන්නෙ පෙර ලියූ පරිදි පාසැලේදීවත් දහම් පාසැලේදීවත් නිර්මල බුදු දහම තියා බුදුන් වහන්සේ කවුද කියාවත් හරියට ඉගෙන නොගත් පිරිසකි. ඔබත් දැනටමත් මේ ඊනියා මති මතාන්තර පිලිගෙන ඉහත සඳහන් හිමි වරු පසු පස යනවා දැනටමත් ඔබ බුදු දහම නසන්නට ක්‍රියාත්මක බලවේගයකි කොටස් කරුවන් වී හමාරය.

කාගෙන් බණ අහන්නද කියලා යම් කෙනෙකුට සිතෙනවා ඇති. ඇත්තටම නිර්මල බුදු දහම දැනගන්න ඇසුරු කරන්න ඔබට ටිකක් මහන්සි වෙන්න වේවි. ඒක මීවන පැලෑනේ සමන්ත
භද්‍ර ආදීන්ගෙන් හෝ කැකිරාවේ සුදස්සන හෝ අරිය මාතාවන්ගෙන් බණ අසා ඔබට කිසිදා දැන හඳුන ගැනීමට බැහැ.

මේ ඊනියා චීවරධාරින්ගෙන් බණ අහන්නට
පැමිනෙන බොහෝ අය කුනුහරුපයක් දෙකක්
අහගෙන ආතල් ගන්න මිස නිර්මල බුද දහම සරණ යන්න නම් නොවේ.

ඉතිං පහත පින්තූරයේ ඉන්නෙ එවැනි නූගත් පිරිසකි. මොවුන් මේ කරන්නේද ලස්සන රඟපෑමකි. මේවාට නීතිය ක්‍රියාත්මක නොවිම ඇත්තටම මේ රටේ නිතිවලට නිගරුවකි.

මොවුන් මේ කරන්නේද බුදු දහම වනසන් අන්තවාදී කොන්ත්‍රාත්වක් බව බෞද්ධ මිනිසුන් වටහා කගතයුතුයි.

සැබෑ බුදු දහම කුමක්ද කියා සොයනා අයට ඒ ගැන හොයන්න මහන්සි විය යුතුයි කීවේ ඒ පිලිබඳව දැනගන්න කතාකරන්න ඉමහත් ශක්තියක් තිබිය යුතු නිසාය . ඉතින් ඔබ පලවෙනි කමේන්ට්
එක කියවා බලන්න එහි සඳහන් කර තිබෙනවා ඔබට සැබෑ බුදු දහම ඉගෙන් පුළුවන් පත පොත
ලියූ කීප දෙනෙකුගේ නම් . ඒවා කියවා සැබෑ බුදු
දහම නිවැරිදිය ඉගෙන ගන්න.

අම්පිටියේ සුමනරත්න ගරු ස්වාමීන් වහන්සේව අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර බොදු උරුමය වෙනුවෙන් උද්ඝෝෂණයකදී කලහකාරී ලෙස...
07/09/2026

අම්පිටියේ සුමනරත්න ගරු ස්වාමීන් වහන්සේව අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර බොදු උරුමය වෙනුවෙන් උද්ඝෝෂණයකදී කලහකාරී ලෙස හැසිරීම පිලිබඳව කෙරුනු විමර්ෂනයකට අනුව. නැගෙනහිර පලාතේ බෞද්ධයන් සහ බෞද්ධ උරුමය පිලිබඳව දැඩි අරගලයක යෙදෙමින් බෞද්ධයන් සහ බෞද්ධ උරුමයන් රැකගන්න උන්වහන්සේ පෙරට එන්නෙ මාලිමා රජය කාලය නෙවේ ඊට බොහෝ කලක පටන්. යුද්ධය ඉවරකරපු මහින්දලා පලමුව කල යුතුව තිබුන උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයකන්ගෙ අයිතිය උරුමය නැවත අත්පත් කරදීම අත්හැර රට සුද්ධ කිරීම ආරම්බ කල නිසා..අද ඔවුන් ඒ යුතුකම ගලේ කෙටුවා වගේ කලානම් සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් පාරට බහින්නට කාටවත් සිදු වන්නෙ නැත..
නැගෙනහිර බෞද්ධ උරුමය වැනසීම ආරම්බ වන්න අස්රොෆ් නමැති දේශපාලකයාගේ කාලයේ පටන්ය. ඒ චන්ද්‍රිකා රජය සමයේය. ඒ කාලයේ පටන් මුන් වහන්සේ මේ සටන ගෙන යන්නේය. අම්පිටියේ සුමනරතන වැනි භික්ෂූන් තව සීයක්වත් නැගෙනහිර පලාතට අවශ්‍ය වන්නේය.
බොහෝ දෙනා කියන්නෙ අම්පාර සුමනරතන හිමි රාජපක්ෂ නිකායේ චීවරධාරියෙකු ලෙස හංවඩු ගසයි. අම්පාර සුමනරතන රාජපක්ෂ නිකාය වාදියෙකු නම් ඇත්තටම අම්පාර සුමනරතන පැත්තේ මා සිට නොගනී . මන්ද මේ රටේ සිංහල බෞද්ධයන්ට සහ බුදු දහමට වැඩිම විනාශයක් කලේ රාජපක්ෂ වරුන්ය.
ශරියා නිති රීති සහිත උසාවි ගේන්න බලතල දෙන්නෙ කවුද? විල්පත්තුව කපා අනවසර සංක්‍රමණිකයන් පදිංචි කරන්න රිශඩ් බදුර්දීන්ට අවසර දෙන්නෙ කවුද ? ශරියා මුස්ලිම් විශ්ව විද්‍්‍යාල පිහිටුවන්න හිස්බුල්ලාට ඉඩම් සහ අවසර දෙන්නෙ කවුද? කටුනායක අක්කර 10 ක රජයේ ඉඩමක් රු 56 ට ව්‍යාපාරිකයෙකුට මුදා හැර ජෙරම්ට මිරකල් ඩෝම් හදන්න අවසර දෙන්නෙ කවුද?
අවුරුදු 1000 ක් පමන පුරාවට තිබුනු මුස්ලිම් සිංහල මිත්‍රත්වය විනාශ කරන්නෙ කවුද?

බෞද්ධ භික්ෂූන් දේශපාලනිකරණය කරමින් සුරාවට මත්පැන්වලට ස්ත්‍රිලෝලත්වයට ඇද දැම්මෙ කවුද?

ඉතින් මේ ගැන හරියට නොදත් උන් තවමත් රාජපක්ෂලා බෞද්ධයන්ගෙ ගැලවුම් කරුවන් කියා සිතාගෙන සිටිති.

අම්පාරේ සුමනරතන රාජපක්ෂ නිකායේ චිවරධාරියෙකු නම් නෙවේ. ඔහු කරන්නට උත්සහ කරන්නෙ පවතින රජයෙන් කෙසේ හෝ බෞද්ධ උරුමයන් රැකගැනීමට සහය ලබා ගන්න දරන අපමන වෙහෙසකි. එය උන්වහන්සේ මොන ආණ්ඩුවක් පැවැතියත් සැම විටම කල යුතු කමකි.

07/09/2026

මේ බලන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන අන්තවිදීන්ගෙන් සල්ලි ගන්න නිළධාරීන් කරන වැඩ

විමසා බැලිය යුතු ස්ටෝරි
07/09/2026

විමසා බැලිය යුතු ස්ටෝරි

අද ශ්‍රීලංකාවේ දේශපාලනය ගැන උනන්දු බොහොදෙනාට ඇති ප්‍රශ්නයක් වන්නේ අනුර ගේ පළමු සමීප වලල්ලේ සිටිනා ක්‍රිෂාන්ත කුරේ කව්රුන්ද යන වග .

ක්‍රිෂාන්ත මුණගැහෙන්න බොරුල්ලේ නිවසට යන අනුර , මුළුතැන්ගෙයට ගොස් කෝකියාට කියා සැන්විච් හදාගෙන කන අතීතයක් තිබුන බව අප හොදින්ම දනිමු.

අනුරගේ සමහර කතාවලට [ විශේෂයෙන් ජාත්‍යන්තරය හා සම්බන්ධ ] ක්‍රිෂාන්ත සටහන් අදහස් එකතු කරන බව අප මීට පෙරද කීවෙමු.

අද වන විට ජනතා විමුක්ති පෙරමුනේ බොල්ෂෙවික් පිලේ ප්‍රධාන හතුරෙක් බවට ක්‍රිෂාන්ත පත්ව ඇත.

කව්ද මේ ක්‍රිෂාන්ත කුරේ ?
අප දන්නා බොහෝ 3% ජවිපානුවන්ට ඇති ප්‍රශ්නයකි.

අපට ඇති කෙටි පිළිතුර නම් ක්‍රිෂාන්ත යනු අනුරත් - ජවිපෙ පැලවත්තේ බොල්ෂවික් කන්ඩායම සමග ඇති බැදීම බිදින්නට වගකීම බාරගත් තැනැත්තාය.

අපට ඇති දිගු පිලිතුර නම් මෙයයි ;

ක්‍රිශාන්ත කුරේ දේශපාලනයට අවතීර්න වන්නේ රවින්ද රන්දෙනියගේ චන්දයට සහයෝගය දැක්වුවෙකු ලෙස 2001 චන්දයේදීය.

2001-3 ආන්ඩුව තුල ඔහු නිකමෙකු විය. ඉන්පසුව ක්‍රිෂාන්ත කරලියට එන්නේ සිරසේ උපදේශකයකු ලෙසටය. සිරස හරහා රනිල්ගේ ඇස් බැල්ම ලබා ගන්නා ක්‍රිෂාන්ත 2010 ෆොන්සේකාගේ ජනාධිපති චන්දයේදී රනිල්ගේ ප්‍රධාන මාධ්‍ය උපදේශක ලබා ගන්නේය.

නමුත් රනිල්ගේ මාධ්‍ය හිතවතුන්ගේ අභ්‍යන්තර කැරැල්ලක් හේතුවෙන් එම වගකීම නැති කරගන්නේය. මංගල සමග සම්බන්ධය හදා ගන්නේ එතැන් සිටය.

ඉන් පසුව තම හිතවතා වන නිමලවීර බෝපගේ සමගත් ඩලස් සමගත් කලක් ගත කල ක්‍රිෂාන්ත පසුව කරු ජයසුරියට ආසන්න වුයේය.

ඉන් පසුව නැවතත් ලංවුනේ රනිල් වෙතටය. 2015 ජනාධිපතිවරනයේදී ලංව කටයුතු කලේ රනිල්ට වුවද පසුව රනිල් අතහැර දමා මෛත්‍රිට ලංවුනේය.

මෛත්‍රි හරහා හිල්ටන් හෝටලයේ සභාපති කමත් ශ්‍රී ලංකන් හි නොනිල පාලකයා ලෙස කටයුතු කලේත් ක්‍රිෂාන්තය. මේ වන විට රනිල්ට එරෙහි දැඩි විවේචකයකු ලෙස පෙනී සිටි ක්‍රිෂාන්තය.

2019 චන්දයේදී සජිත්ගේ මාධ්‍ය උපදේශකයා බවට පත්වුයේය. සජිත් ගේ චන්ද ව්‍යාපාරය තුල කෝටි ගනන් මුදල් උපයා ගන්නට ක්‍රිෂාන්ත කටයුතු කලේ සන්ඩේ ටයිම්ස් හි මුල් පිටුව සජිත් වෙනුවෙන් පල කරන දැන්වීම් පල කිරීමෙනි.

ක්‍රිෂාන්ත විසින් සජිත්ව බංකොලොත් කිරීම හේතුවෙන් සජිත්-ක්‍රිෂාන්ත මිතු දම බිද වැටුනේය. ඉන් පසුව ඔහු සජිත් විවේචනය කරමින් නැවතත් රනිල් ලගට ගියේය.

2024 ජනාධිපති වරනයේ දී ක්‍රිෂාන්ත ක්‍රියා කලේ ඩබල් ඒජන්න්ට් කෙනෙකුගේ භුමිකාවය. ඔහු රනිල්ගේ ප්‍රචාරන ක්‍රියාවලිය තුලද අනුරගේ ප්‍රචාරන ක්‍රියාවලියටද එකවර සහාය දුන්නේය. මෙම හැසිරීම ක්‍රිෂාන්තට නොපුරුදු හැසිරීමක් නොවේ.

2019 දී සජිත් අසලට ගියේ රනිල්ගේ කීම පිට සජිත්ගේ දිනුම වලක්වන්නටය. මුල වටයේදී රනිල්ගේ කැමැත්ත පිට ක්‍රීශාන්ත අනුරගේ කැම්පේන් එකට සම්බන්ද වන්නේ මලික් සමරවික්‍රම සමගය.

අනුරට අවැසි කොළඹ ඉංග්‍රීසි කතා කරන ප්‍රාග්ධන හිමියන් අනුරට සම්බන්ද කරන්නේ ක්‍රිෂාන්ත-මලික් සුසංයෝගයයි. මහින්ද ලග සිටි හාන්ස් විජේසුරිය අනුර ලගට ගෙන යන්නේ ක්‍රිෂාන්තය. අනුර දිනුවේය. දැන් ක්‍රිෂාන්ත- මලික් සිටින්නේ අනුර අසලය.

අනුර ක්‍රිෂාන්තව නාමිකව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෟතියේ කලමනාකරන මන්ඩලයට දැම්මේය. නමුත් මලයාසියාව සමග සිදුවන කෝටි ප්‍රකෝටි ගනුදෙනු වල අතර මැදියා ක්‍රිෂාන්තය. ඩුබායිවලද එසේමය. මැදපෙරදිග තානාපති කාර්යාලයකට සිය සොහොයුරිය දාගත් ක්‍රිෂාන්ත කුරේ අනුරගේ දෙවන හෝ තුන්වන විදේශ චාරිකාව ලෙස දාගත්තේ මැද පෙරදිගය. ඒ ප්‍රංශයේ පැවති වැදගත් ජාත්‍යන්තර සමුළුවක් මග හරිමිනි.

ඩුබායි ගිය අනුරට එහි උන්ඩියල් රජුන් සමග පෞද්ගලික කාමරයක සාකච්ඡාවක් සූදානම් කරන්නෙ ක්‍රිෂාන්තය.
ක්‍රිෂාන්තගේ සහයට එදා බස්නාහිර හිටපු ආන්ඩුකාර හනිෆ් යුසුප් ද විය.

වියට්නාමයට ගිය අනුර පුද්ගලික ජෙට් යානයකින් නැවත ලංකාවට එන්නේද ක්‍රිෂාන්ත ලබා දෙන පහසුකම් යටතේය.

දැන් ක්‍රිෂාන්ත අනුරගේ අභ්‍යන්තර වලල්ලේ ප්‍රධාන පුරුකකි. අනුරගේ බොන් එගේන් ආගමික අංශයේ ප්‍රධානියා වන්නේද ක්‍රිෂාන්තය. අනුරගේ පැරණි කන්ඩායමට නැති ඉංශ්‍රීසි දැනුම , කොළඹ එලීට් නොවන අලුත් ධනපතීන් වූ කණ්ඩායම රාජ්‍යය නායකයාට උදව්කරන්නට සම්පවන්නට ඇති පාලම ක්‍රිෂාන්තය.

නමුත් රනිල් සිතන්නේ ක්‍රිෂාන්ත අනුර ලග සිටින තමන්ගේ මිනිහා බවය.

ක්‍රිෂාන්ත රනිල් සතු මෙම විශ්වාසය ඔනෑ කමින්ම පවත්වා ගෙන යන්නේය. ඒ සදහා ක්‍රිෂාන්ත රනිල්ට කියා ඇත්තේ රනිල්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට අනුරට උවමනාවක් නැති බවය. දිලීප නඩුවෙන් ඉවත් කලේද ඒ නිසා බවය.

ඩබල් එඩන්තයකුගේ ඇත්ත සිතුවිලි දන්න්නේ ඒජන්තයාම පමනකි. අනුරට හා රනිල්ට වන්නේ දවසක පෝස්ට් මෝටම් එකක් තියා ඒ බව දැන ගන්නටය. එතෙක් දෙදනාටම ඔහු විශ්වාසවන්ත සගයෙකි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ඇත්ත - Truth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category