23/05/2026
මාධ්‍ය සාකච්චා වලින් රට වෙනස් කරන්න දේශපාලන පක්ෂ පොර බදින අතර තුර, ඉදිරියේදී රට සංවර්ධන මාරගයට ගැනීමට බලාපොරොත්තු වන පිරිපුන් සංවිධානය - රටට අත්‍යාවශ්‍ය තාක්ෂනික අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරමින් සිටි....... රට හදන කෙනා පළමුවත් අධ්‍යාපනයට, දෙවනුවත්, තෙවනුවත් අධ්‍යාපනයට මුල් තැන දිය යුතුයි යන මතය.. පිරිපුන් සංවිධානය ඉතා මැනවින් අවබෝධ කරගෙන මෙම කුඩා ව්‍යාපෘතියෙන් වැඩෙි 26 ජනවාරි පටන් ගනු ලැබීය.. දැන් සාර්ථකව පළමු කන්ඩායම පුහුණුව අවසන් කරමින් සිටී විවධ බාධක කම් කටොලු මැද, ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහතාගේ පුද්ගලික ආධාරයෙන්, මෙම දරුවන්ට කෑම, බීම හා නවා තැන් සලසා දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලයේ NVQ level 3 සහතිකයක් ලබා දීම වෙනුවෙන් දරන උත්සහයේ ප්රගතිය බැලීම හා ඉංජිනේරුමය දැනුම සංයෝජනය කරමින් , අද ලෝකයට අවශ්‍ය කරන ආකල්පමය හා ගුණාත්මක බවින් යුතු SMART WELDER කෙනෙක් නිරමාණය කිරීමට අවශ්‍ය උපදෙස් දෙමින් ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහතා ඒ වෙනුවෙන් කැපවී ඇත. එවන් නිරීක්ෂන අවස්ථාවක්......................... මෙම ආයතනය මාතලේ කවුඩුපැලැල්ල ප්රදේශයේ පිහිටා ඇති අතර, ඊ ලග කන්ඩායම සදහා සිසුන් බදවා ගැනීම ලගදීම ආරම්භ කරනු ඇත. මේ සදහා කැමැත්තක් දක්වන සියලු දෙනා රැදී සිටින්න.. මෙවන් උතුම් රටට අත්‍යාවශ්‍ය මානව සම්පත ගොඩනැගීමට කුමන හෝ ආකාරයෙන් දායත්වය දැක්වීමට කැමති සියලු දෙනාට අපි ආරාධනා කරනවා... තමන්ට පුලුවන් දේ කිරීමට එකතු වෙන්න.. රට තුල විශාල ඉල්ලුමක් තිබුනත්... ගුනාත්මක, ධනාත්මක ආකල්ප වලින් හෙබි ලෝක වෙළදපොලට ගැලපෙන වෘත්තිකයින් අතිශය හිග බව ඕනෑම ව්‍යාපාරයක නියුතු අයට රහසක් නොවෙි.... මෙම ආයතනය තුල එවන් ගුනාත්මක්, හොද ආකල්ප සහිත ලෝකයට ගැලපෙන SMART Professional ගොඩනැගෙනු ඇත.