24/10/2026
සත්ජන කේන්ද්රයේ හයවැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස සංවිධානය කෙරුනු ප්රථමාධාර පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් වූ බව ඉතාමත්ම සතුටින් යුතුව දැනුම් දී සිටිමු.!!
ජල්තර ග්රාම නිලධාරි වසමේ ශ්රී ලංකා පොලීසිය අනුබද්ධිත මහජන ආරක්ෂක කමිටුවේ සාමාජික සාමාජිකාවන් සදහා පවත්වන්නට යෙදුණු මෙම ප්රථමාධාර වැඩසටහන සඳහා ශ්රී ලංකා රතුකුරුස සංවිධානයේ කොළඹ ශාඛාව මගින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
මෙම වැඩසටහන සාර්ථකව අවසන් කරගැනීමට උරදුන්,
• සත්ජන කේන්ද්රයෙ අධ්යක්ෂක මණ්ඩලය හා සාමාජික සාමාජිකාවන්
• ශ්රී ලංකා රතුකුරුස සංවිධානය කොළඹ ශාඛාවේ අධ්යක්ෂකතුමා ඇතුලු කාර්යමණ්ඩලය
• අද දින සම්පත් දායකත්වය සැපයූ ප්රථමාධාර පුහුණු උපදේශිකා අයේෂා රණසිංහ මහත්මිය
• මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිතුමා ඇතුළු සියලුම සාමාජිකයන්
යන සියලුම දෙනාට අපගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටිනවා.
එසේම මෙම වැඩසටහන සඳහා ,
• ප්රධාන අනුග්රාහක දායකත්වය දැක්වූ විශ්රාමික උප්පැන්න මරණ හා විවාහ රෙජිස්ට්රාර් විමලා අත්තනායක මැතිණිය
• සම අනුග්රාහක දායකත්වය දැක්වූ සත්ජන කේන්ද්රයේ නියෝජ්ය කේන්ද්රාධිපති සෙනුර අශේන් විතාන මහත්මා
යන අයද ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සිහිපත් කර සිටිමු.!!
ජීවිතයක් බේරාදෙන පළමු පියවර හරියට දැනගමු.!!❤️⛑️
"නොනැවතී ඉදිරියටම"
❤️💛❤️