05/06/2026
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සිදුකරනු ලබන වාර්ෂික ජලාශයක් වන නම්මුවාව ජලාශයේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය තිරසරව පවත්වාගැනීමේ අරමුණින් වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යොදවා ජලාශය තුළම මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනයට අවශ්‍ය වන දැල් කූඩු ලබාදීම 2026.06.05 දින සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභපතිතුමා සහ මන්ත්‍රීවරුන්, වයඹ පළාත් ධීවර අධ්‍යක්ෂ සහ කොට්ඨාස භාර ක්ෂේත්‍ර නිලධාරී ඇතුළුව ධීවර කාර්මිකයින් සහභාගි වන ලදී.