NPP Bulathkohupitiya

NPP Bulathkohupitiya තාරුණ්‍යට නව සටනක් .. නවීන සමාජයක් 🤘

♥️💪
23/06/2025

♥️💪

13/11/2024
16/10/2024

வளமான நாடு
அழகான வாழ்க்கை

வளமான நாட்டை உருவாக்க எட்டியாந்தோட்டையிலிருந்து தியவன்னாவைக்கு

ரஜரட பல்கலைகழகத்தின்
சமூக அறிவியல் மற்றும் மனிதநேய பீட மனிதநேயத் துறைத் தலைவர்

DR நந்தன மில்லகல

சகோதரர் அவர்களை வரவேற்கும் உற்சவம்

ஆக்டோ
14

மு. ப. 11:00 எட்டியாந்தோட்டை
பி . ப. 2:00 ஹக்பெல்லாவக்க
பி . ப. 3:00 இங்கிரியாவத்தை
பி . ப. 4:00 கித்துள்கல

சர்வதேச வெள்ளைப் பிரம்பு பாதுகாப்பு தினத்தின் முதல் கொடி ஜனாதிபதியின் செயலாளருக்கு அணிவிக்கப்பட்டது.  இன்றைய சர்வதேச வெள...
16/10/2024

சர்வதேச வெள்ளைப் பிரம்பு பாதுகாப்பு தினத்தின் முதல் கொடி ஜனாதிபதியின் செயலாளருக்கு அணிவிக்கப்பட்டது.


இன்றைய சர்வதேச வெள்ளைப் பிரம்பு பாதுகாப்பு தினத்துடன் இணைந்ததாக, கொடி விற்பனை வாரத்தை முன்னிட்டு இன்று (15) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்க அவர்களுக்கு முதல் கொடி அணிவிக்கப்பட்டது.

இலங்கை பார்வையற்ற பட்டதாரிகள் சபையின் தலைவர் சுகத் வசந்த டி சில்வா ஜனாதிபதியின் செயலாளருக்கு கொடியை அணிவித்தார்.

கொடி விற்பனை மூலம் கிடைக்கும் வருமானத்தில் பார்வையற்ற மாணவர்களுக்கு புலமைப்பரிசில்கள் வழங்குவதுடன் அவர்களின் நலனுக்கான வசதிகள் செய்து கொடுக்கப்படும் என சங்கத்தின் தலைவர் குறிப்பிட்டார்.

பின்னர், இலங்கை பார்வையற்ற பட்டதாரி சபை உறுப்பினர்களுடன் சமூகமான கலந்துரையாடலில் ஈடுபட்ட ஜனாதிபதியின் செயலாளர், அவர்கள் முன்வைத்த பிரச்சினைகள் குறித்தும் அவதானம் செலுத்தியதுடன், எதிர்காலத்தில் அவற்றுக்கு தீர்வு வழங்குவது குறித்து ஆராய்வதாகவும் தெரிவித்தார்.

இலங்கை பார்வையற்ற பட்டதாரிகள் சபையின் செயலாளர் சமோத் நயனாநந்த மற்றும் சங்கத்தின் அதிகாரிகள் குழுவினர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින පළමු කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවයි


අදට යෙදී ඇති ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැළඳවීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවනු ලැබීය.

කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුභසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බව එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

අනතුරුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සුහද කථා බහකට එක් වූ ජනාධිපති ලේකම්වරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ අතර ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳව ඉදිරියේ දී සොයා බලන බව පැවසීය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ ලේකම් චමෝද් නයනානන්ද මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ


First Flag for International White Cane Safety Day Presented to Secretary to the President

In celebration of International White Cane Safety Day, the first flag was symbolically pinned on Secretary to the President Dr. Nandika Sanath Kumanayake at the Presidential Secretariat today (15), marking the start of flag sale week.

Chairman of the Sri Lanka Council of Vision Impaired Graduates, Mr. Sugath Wasantha De Silva, pinned the flag to Dr. Kumanayake. He explained that the proceeds from the flag sales will fund scholarships for visually impaired students and support their welfare.

Following the ceremony, the Secretary to the President engaged in a friendly discussion with members of the Sri Lanka Council of Vision Impaired Graduates. The Secretary acknowledged the challenges they face and committed to exploring potential solutions in the future.

Secretary of the Sri Lanka Council of Vision Impaired Graduates, Mr. Chamodh Nayananda, and several association officers were present at the event.


ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
15.10.2024

රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ.அனைத்து ஓய்வூதியத...
16/10/2024

රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ.

அனைத்து ஓய்வூதியதாரர்களின் கணக்குகளிலும் இன்று (16) மூவாயிரம் ரூபா மாதாந்த இடைக்கால கொடுப்பனவு வைப்புச் செய்யப்படும்.

The monthly interim allowance of Rs. 3,000 will be credited to all pensioners' accounts from today (16).

ජයග්‍රහණය පසු පැලවත්ත කාර්යාලයේ සිදු වුයේ කුමක්ද? අනුර සිදු කලේ කුමක්ද?"1971 අරගලය හදිසි අනතුරක් හෝ රජය පෙරලීමේ කුමන්ත්‍...
16/10/2024

ජයග්‍රහණය පසු පැලවත්ත කාර්යාලයේ සිදු වුයේ කුමක්ද? අනුර සිදු කලේ කුමක්ද?

"1971 අරගලය හදිසි අනතුරක් හෝ රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් හෝ පුද්ගලයෙකුගේ අත්තනෝමතිකත්වයේ ප්‍රතිඵලයක් නොවේ. එය මේ මොහොතේ දේශපාලනයේ ගොඩනැගෙමින් තිබූ තත්ත්වයන්ගේ තාර්කික ප්‍රතිඵලය විය. " මේ 1971 සන්නද්ධ අරගලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අදහස යි. පසුව එම ක්‍රමය අත් හැර 1982 ජනාධිපතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඔස්සේයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පොර පිටියට පැමිණෙන්නේ. එම මැතිවරණයේ දී රෝහණ විජේවීර ඡන්ද 273,428ක් ලබා ගත්තා. ඒ අනුව රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත්වූ අතර, එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කකරන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ජේ. ආර්. ජයවර්ධන යි. පසුව 1983 ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න තිබුණ අයිතිය අහිමි කරමින් පක්ෂය තහනම් කරනවා. ඒ එවකට ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩුව විසින්. පසු 1988 සහ1989 වන විට පක්ෂය වගේම පක්ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා ආර්. ප්‍රේමදාස ආණ්ඩුව සමයේ දැඩි දඩුවම් සහ වධ හිංසා ලබා දී මරා දමා තිබෙනවා. පසුව මෙම පක්ෂයේ නායකත්වයට සෝමවංශ අමරසිංහ පත් වන අතර නිද්‍රශිලි දේශපාලනයක නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණ 1994 සිට නැවත දේශපාලනය සක්‍රීය කර ගැනීමට සමත් වෙනවා. පසුව සෝමවංශ අමරසිංහ විසින් 2014 ⁣පෙබරවාරි 02 වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පක්ෂයේ නායකත්වයට භාර දෙනු ලබනවා.

පසුව එම වර්ෂයේම අනුර කුමාර දිසානායක විසින් විශේෂ ප්‍රකාශනයක් සිදු කරනවා.ඒ "අසූව දශකයේ අග භාගයේ "භීෂණ සමයේදී" ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු සමහර ක්‍රියා "සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා" බව සඳහන් කරමින්. පසුව එතැන් සිට දශකයක් ඉදිරියට එන විට එම නායකයා වන අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනාධිපති ලෙස පත්ව තියෙනවා. එය ඉතිහාසයේ ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සඳහන් කල හැකියි.

එවකට පැවති ධපති ආණ්ඩු හමුවේ විශාල මර්දනයන් වලට හසුව හැට හැත්තෑ දහස් ගණනකගේ ජිවීත අහිමි කර ගනිමින් රාජ්‍ය බලය ලබා ගැනීම තෙක් පැමිණි ගමන් මග දේශපාලනිකව විශේෂත්වයක් ගෙන එනවා. ඒ වගේම තමයි ධනපති ආණ්ඩු දෙකක් එකට පරද්දා වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් ජයග්‍රහණය කිරිමත් මේ මහපොළව තුළ සිදු වූ වෙනසක්. ඉතිං ඒ වෙනස දැක බලා ගැනීම සඳහා මා ගොඩකවෙල නියංගම විද්‍යාලයේ ඡන්දය සලකුණු කර වහාම කොළඹ නිවසට පැමිණියා. ඒ පැළවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට පැමිණීමට.

ඒ වන විටත් සියළු ඡන්දය ගනින මධ්‍යස්ථාන වලින් ජාතික ජන බලවේගයට වැඩිපුර ඡන්දය තියෙන බවට තොරතුරු ලැබෙමින් තිබුණා. මං මගේ මිත්‍ර චමින්ද ජයසූරිය සහෝදරයාට කතා කරල පැලවත්තට ගියා. මට ඕන වුණා ඡන්ද උණුසුමේ පැළවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය කෙබදු විය හැකිද බලා ගැනීමට. ඇත්තටම මං පක්ෂය කාර්යාලය දිහා බලාගෙන හිටියා. පඩිපෙල නැගල කාර්යාලය ඇතුලට ගියාම වම් පැත්තේ තියෙන රූපවාහිනීයේ චිත්‍රපටක් විකාශනය වෙනවා. පහළ මුළුතැන්ගෙට ගියේ තේ එකක් බොන්න. වෙන කවුරුත් එහෙම පෙනෙන්න හිටියේ නැහැ. චමින්ද ජයසූරියත් ඇවිත් සකච්ඡාවක ඉන්නේ කියලා ගියා. එතකො අනුර කුමාර දිසානායක ඔහුට වෙන් වුන ඉහළ තටිටුවේ නිල කාමරයේ සිටින බව දැන ගත්තා. ඒ වගේම දවල් දවස ජන්දය භාවිතා කර පසුව වෙනත් වැඩ කීපයකට එලියට ගිහින් තියෙනවා. කිසිම සැණකෙළික සිරියක් තිබුණේ නැහැ. බලය ලැබුණාම රට කරන්නේ කොහොමද යන්න සකච්ඡා තමයි හැමතැනම තිබුණේ. රාත්‍රි ආහාර වෙනම සුදානම් කරල තිබුණා. ඒ ඇරෙනන නෙස්කැපේ තිබුණා. බිස්කට් සමඟ. පස්සේ මං ගෙදර එන්න ආව. එතන ඔවුන්ගේ නිදහට අපි බධා නොකර. මොකද ඇදිරි නිතීයත් ඒ වෙනකොට ක්‍රියාත්මකව තිබුණ. ඒ නිසා මහා පාලු ස්භාවයක් කොළඹ තිබුණා. හැබැයි මං කල්පනා කලේ මෙවර සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කලේ නම් පිටකොට්ටේ එම කාර්යාලය දෙක අවට නොසෑහෙන්න වාහන තියෙවී. ඇදිරි නිතීය කිසි සේත්ම යොදන්නේ නැති වෙන්න තිබ්බා. තව වෙඩි වගේ රතිඤ්ඤා පත්තු වෙන්න තිබ්බා.. මදු සාද හරියට තියෙන්න තිබ්බා. ඒ කිසිවක් නොතිබුණු පැළවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය එදා වගේම මෙදා ද ඉතාමත් නිහඩව නිසලව පැවතුණා.

පස්සේ උදේම මං නැවත කාර්යාලයේ තත්වය බලන්න මගේ මිත්‍රයාට ඇමතුමක් ගන්නවා. ඔහුත් ගෙදර ගිහින්. පක්ෂ කාර්යාලයේ සාමාන්‍යයෙන් නැවතිලා ඉන්න අය ඇරෙන්න වෙන විධායක කමිටු සාමාජික කිසිවෙකු නැති බවත් ඔහු මට කියනවා. පස්සේ මං කල්පනා කලා අනුර කුමාර දිසානායකගේ තත්වය බලන්න. ඔහු තවමත් එහෙම ඉන්නවා . ඒ කියන්නේ තම නිල කාමරයේ රූපවාහිනී නරඹමින් සහ ඇමතුම් ගිනිමින්.

අනුර කුමාර දිසානායක කියන්නේ ඇත්තටම ඉතාමත් බුද්ධිමත් කෙනෙක්. අපි අරගලයට කලින් දේශපාලනිකව රහස් සකච්ඡා කීපයක් තිබ්බා රොස්මි පෙදෙස නිවසක සහ පැළවත්තේ කාර්යාලයේ දී . එහිදී ඔහුට ඉතාමත් හොද ඇහුම්කන් දීමේ පුරද්දක් තිබුණා. ඒ වගේම අපි එකට ඉද්දී කිසි දවසක විශේෂයෙන් ඔහුට සලකනවට කැමති නැහැ. තේ එක උණත් ගේන කෙනාට කියන්නේ ඉන්න පිළිවෙලට අල්ලගෙන එන්න කියල..මට කලින් අල්ලනන එපා කියලා.ඒ වගේ අනුරට මතක හිටීම නම් විශිෂ්ටයි. අනුර කුමාර දිසානායක මට මුලින්ම හම්බෙන්නේ 2016 දේශය පත්තරේ ඉද්දී මං ගියා පැලවත්ත කාර්යාලයට කෙලින් කතාව කියල සම්මුඛ සාකච්ඡාවක් කරන්න. පස්සේ ආයි වෙන වැඩකට 2018 ගියා. මං හිතන්නේ මගේ පොතට කාටහරි එනන කියන්න. එතකොට ආ මල්ලී කොහොමද කියල මට කතා කලා. එදා ඉදල අපි පුද්ගලිකව කතා බහ කරනවා. අනිවාර්යයෙන්ම උපන් දිනය දවසට ඇමතුමක් මං ගන්නවා.

ඒ මැද්දෑවේ අතුරු කතා දැම්මේ ඔහු කොහොමද කියන්න.පස්සේ මං නැවත ඇදිරි නිතීය ඉවත් කල ගමන් පැලවත්ත කාර්යාලයට පැමිණියා. ටිල්වින් සිල්වා ජයග්‍රහණය දැනගෙන ඉතාමත් සතුටෙන් කාර්යාලයේ එහා මෙහා සැරිසරමින් හිටිය.එකිනෙකාට කතා කරමින්. නමුත් ජයග්‍රහණය අනුර කුමාර දිසානායක දැන ගන්නේ ඔහුගේ නිල කාමරය තුලදීයි. ජයග්‍රහණය ලැබෙන බව දැන සිටීමත්, ඒ වන විටත් රට කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීමට අවශ්‍ය පාර්ශව වලට දුරකථන ඇමතුම් ලබා දීමත් මේ අතර තුර සිදුව තිබෙනවා. ඉතාමත් නිහඩවම එම ජයග්‍රහණයේ ප්‍රතිඵල ජනාධිපති වන අනුර කුමාර දිසානායක විද ගැනීමත් සිදු වුණා. පක්ෂයේ අනෙක් සියළු පාර්ශව ද තමන්ගේ රාජකාරිය පමණක් ඉටු කරමින් මේ ජයග්‍රහණය තම තමන් තනිව දරා ගැනීමත් සිදුව තිබුණා. ඊට උදාහරණයක් තමයි 22 රාත්‍රි වන විටත් අනුර, ටිල්වින් ,බිමල්, හරිනි ඇරෙන්න කිසිවෙකු එම කාර්යාලයේ සිටියේ නැත.. නමුත් මට පසුව හිනිදුම සුනිල් සෙනෙවි සහෝදරයා සහ නලින්ද ජයතිස්සද මුණ ගැසුණි. අවම තරමේ මෙපමණ කලක් මාධ්‍ය වැඩ කටයුතු සදහා සම්බන්ධව කටයුතු කල පුද්ගලයෙක්ද නිහඩවම සිටියේ පැමිණ සිටි කිසි දු මාධ්‍යවේදීන් මුණ ගැසේ යැයි බියෙනි. ඒ කෙසේ වෙතත් කාර්යාලය තුල උද්යොගයක් සතුටක් තිබුණ ද ඒ සතුට සැමරීමක් තිබුණේ නැත. ඊට හේතුව කුමක්ද යන්න මා දන්නේ නැහැ. නමුත් වෙනත් පක්ෂ කාර්යාලයක් නම් එම ජයග්‍රහණ සමරන්නේ ඉස්තරම්ම වර්ගේ රට අරක්කු එක්ක බව නම් මා ඔනෑවටත් වඩා දැක තිබෙනවා. ඒනිසා ඒ සැමරීම් අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් ජනතාවටද සමාකාමීව ඉන්න කියා ජාතික ජන බලවේගයේ සියළු නායකයන් ඊට පසු දින සිටම වැඩ ආරම්භ කර ඇත. දැන් එදින සිට දින පහක ගෙවී ගොස් ඇත. එම භාවිතාවම තවත් තව දුරටත් පෙන්නුම් කරන අනුර කුමාර දිසානායක ජනාධිපති අනවශ්‍ය උත්සව සැමරිම් නොමැතිව වැඩ කටයුතු සිදු කරගෙන යයි.

(මේක කලින් දාපු එකක්..රිපොට් ගැහැව්වා ..ආයිත් දැම්ම)

16/10/2024

Address

Bulathkohupitiya
Bulathkohupitiya

Alerts

Be the first to know and let us send you an email when NPP Bulathkohupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share