Ampara DIG Office

Ampara DIG Office නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අම්පාර

10/02/2026

Happy Birthday sir🎂🎂💐💐

02/06/2025
12/04/2025
2025.03.22 දිනට යෙදී තිබු දිවංගත ඩී.එස්. සේනානායක මැතිතුමාගේ 73 වැනි ගුනානුස්මරමණය  සදහා ඉගිනියාගල සේනානායක සමුද්‍රය අසල...
24/03/2025

2025.03.22 දිනට යෙදී තිබු දිවංගත ඩී.එස්. සේනානායක මැතිතුමාගේ 73 වැනි ගුනානුස්මරමණය සදහා ඉගිනියාගල සේනානායක සමුද්‍රය අසල පිහිටි භුමියේදී විශේෂ පුජාවක් පැවැත්විණ.
ඒ සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් තුමා, අම්පාර් දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති තුමා, ඉගිනියාගල පොලිස් ස්ථානාධිපතිතුමා , ඉගිනියාගල සිවිල් ආරක්ෂක බලකායේ කර්නල් රංජිත් එදිරිමුනි මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

එහිදි පිලිරුව කිරිවලින් හා තැඹිලි වතුරින් නහවා මල් මාලා පලදවා විශේෂ ආගමික වතාවත් සිදුකරණ ලදි මේ අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ව්ශාල පිරිසක් සහභාගි විය.

වර්ෂ 1986.08.01 වන දින ආදුනික උප පොලිස් පරීක්ෂක වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී වසර 39ක සේවා කාලයක් නිමකර, ශ...
24/03/2025

වර්ෂ 1986.08.01 වන දින ආදුනික උප පොලිස් පරීක්ෂක වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී වසර 39ක සේවා කාලයක් නිමකර, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුල නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් 2025.04.12 වන දින ඉසිඹු ලැබීමට නියමිත අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති එච්.සමුද්‍රජීව මහතා වෙත සමන්තුරය පොලිස් ස්ථානාදිපති තුමා ඇතුලු නිලදාරින් විසින් වටිනා සමරු ඵලකයක් පරිත්‍යාග කරන ලදි.

දශක දෙකක වැඩ නිමකල වසර දෙකක් 💐💐💐🙏🙏අම්පාරට කොතෙකුත් රාජ්‍ය නිලධාරීන් පැමිණ ගියද අම්පාරේ නොමැකෙන සලකුණක් තබා 2024.10.11 වන...
11/10/2024

දශක දෙකක වැඩ නිමකල වසර දෙකක් 💐💐💐🙏🙏

අම්පාරට කොතෙකුත් රාජ්‍ය නිලධාරීන් පැමිණ ගියද අම්පාරේ නොමැකෙන සලකුණක් තබා 2024.10.11 වන දින අම්පාර දිස්ත්‍රික් භාර නි⁣යෝජ්‍ය පොලිස්පති තනතුරින් නික්ම යන දමයන්ත විජය ශ්‍රී මහතා 2022.09.10 වන දින ස්ථානමාරුවීම් ලබා අම්පාරට පැමිණි දින සිට සිදුකරන ලද මෙහෙය අපරිමිතයි.

වැඩ ගැනීම කලාවක් කරගත් මෙතුමා කිසිවිටකත් නියෝග දෙමින් පමණක් නොසිට තමාද වැඩ කරපෙන්වමින් සැමටම ආදර්ශය සැපයීය. තම රාජකාරිය පමණක් ඉටුකර පුටු රත් කරමින් නොසිට සමාජය තුලට ගමන් කරමින් කිසිඳු පටු අරමුණක් පෙරදැරි කර නොගෙන අම්පාරේ ඈත දුෂ්කර පෙදෙස්වලට යමින් තම හිතාදර සමීපතමයන් එකතුකරගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු බඩුමළු ⁣ බෙදාදෙමින් අම්පාරේ තම සමාජීය මෙහෙවර ඇරඹීය.

එමෙන්ම අම්පාර උහන තිස්සපුර විද්‍යාලයේ දැරියන් වෙත පොලිස් විශේෂකාර්යය බලකායේ නිලධාරීන්ද සම්බන්ධ කරගනිමින් ක්‍රීඩා භාණ්ඩ රැසක් බෙදාදීමට කටයුතු කි⁣රීමද එතුමාගේ තවත් එක් සද්කාර්යයන්ගෙන් .

දමන ප්‍රදේශයේ මියගිය පොලිස් නිලධාරියෙකුගේ දරු පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කිරීමද‍, කෙවිලියාමඩුව ප්‍රදේශයේ අසරණ රෝගියෙක් වෙත අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උපකාර සිදුකර ඔහුවෙත නව නිවසක් සාදවා දීමට කටයුතු කිරීමද එතුමාගේ තවත් සමාජ සද්කාර්යයන් කිහිපයකි.

කුඩා දැරියක් පොලිස්පතිතුමා වෙත නව නිවසක් ඉදිකරදෙනමෙන් ඉල්ලමින් යොමුකරන ලද ඉල්ලීමකට අනුව නව නිවසක් සාදා දීමට කටයුතු කිරීමද‍, මංගලගම ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට කටයුතු කි⁣රීමද එතුමාගේ මෙහෙයවීම මත සිදුවිය.

යුක්තියට ශක්තිය වැඩ සටහන යටතේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් පුලුල් කිරීමට කටයුතු කරන ලද අතර‍, විෂ මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කිරීමට කටයුතු කිරීමේ වැඩසටහනක් අම්පාර මහාවාපී විහාරස්ථානය සහ සමන්තුරය මූලික කරගනිමින් ආරම්භ කරන ලද අතර‍, පසු කාලීනව මුලු දිවයිනම ආවරණය කරමින් ⁣ක්‍රියාත්මකවූ පුනරුත්තාපන වැඩසටහනට මූලික කරගත්තේ අම්පාරෙන් ඇරඹි මෙම යුක්තියට ශක්තියක් වැඩසටහනයි.

සතියක් පුරා පවත්වන ලද මෙම වැඩසටහන මගින් සම්පත් දායකයින් ගෙන්වා ගනිමින් මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ තෝරාගත් පිරිසගේ මානසික සුවතාවයද‍, දැනුම ආකල්ප වර්ධනය කිරීමද සිදුකරන ලද අතර‍, 100කට අධික මෙම පිරිස ස්වයං රැකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය කටයුතුද සිදුකරන ලදී.

අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම පැල 9500 ක් පමණ සිටුවමින් එතුමා ගෙන ගිය රුක් රෝපන වැඩසටහනද තවත් සුවීශේෂීම කර්තව්‍යකි. කුඹුක්‍,මී‍, නා ඇතුලු දුර්ලබ පැල මාර්ග දෙපස සිටුවමින් ඒවා රැක ගැනීම යවනුවෙන් ආරක්ෂිත වැටවල්ද ඉදිකරවීමට කටයුතු සිදුකරන ලදී . බුද්ධංගල කසල අංගනය අසල හිස් භූමිය තුල දුර්ලබ පැල 1000 කට ආසන්න ප්‍රමාණයක් සිටුවමින් සිදුකරන ලද රුක් රෝපන වැඩසටහනද සුවිශේෂි වේ.

නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී මැතිතුමාගේ සුවිශේෂි කාර්‍යභාරය තුල අම්පාරට ටෙනිස් ක්‍රීඩාව හඳුන්වා දීමට එතුමන් ගත් වෙහෙස සුවිශේෂීවේ. පළමුවෙන්ම අම්පාර ඩී.එස් .සේනානායක ජාතික පාසලේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමය හා එක්වෙමින් දිවාරාත්‍රී ක්‍රීඩා කිරීමේ පහසුකම් සහිතව අගනා ටෙනිස් ක්‍රීඩාංගනයක් ඩී.එස් සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණ භූමිය තුල නිර්මාණය කිරීමට එතුමා විසින් කටයුතු සිදුකරන ලදී.
එයි නොනැවතුනු එතුමා සෙනරත් සෝමරත්න ක්‍රීඩාංගණ භූමියේ ගල් ගොඩැලි සහිතව වල් බිහිව පැවති භූමිය මහත් පරිශ්‍රමයක් යොදා වෙන්කරවා ගැනීමට කටයුතු කර සුවිශාල ටෙනිස් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකරවීමට කටයුතුකරන ලදී. එකම භූමියක් තුල ටෙනිස් ක්‍රීඩාංගන තුනක් සහ වෙරල ටෙනිස් ක්‍රීඩා කිරීමට හැකි ක්‍රීඩාංගණයක්ද සහිතව ඉදිකරන ලද මෙම ටෙනිස් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම් කටයුතු වලදී එතුමාගේ නායකත්වය ‍, මෙහෙයවීම මෙන්ම ශ්‍රම දායකත්වයද අති මහත්ය. ශ්‍රී ලංකා පොලිසිය‍, ශ්‍රී ලංකා යුධ හමුදාව ‍,සිවිල් ආරක්ෂක බලකාය සහ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සිවිල් ප්‍රජාව ඒකරාශී කරගනිමින් සිදුකරන ලද මෙම සමාජ මෙහෙවර තුලින් පාලුවට යමින් තිබූ සෙන⁣රත් සෝමරත්න ක්‍රීඩාංගණයම ආලෝකමත් විය. රාත්‍රී 7‍,8 වන විට අඳුරේ ගිලෙමින් පැවති නගරයම ආලෝකමත් කරමින් මැදියම් රැය වන තුරුම අද වනවිට ආලෝකමත්ව පවතින්නේ මෙම ටෙනිස් ක්‍රීඩා සංකීර්ණය හේතුවෙනි.

ක්‍රීඩාව තුලින් සහජීවනය පෙරදැරිකරගත් මෙම ක්‍රීඩාංගනයතුල අදවන විට
ළමා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට ආසන්නව පුහුණුවීම් ලබන අතර ‍, මේ වන විටත් ජාතික මට්ටමේ ටෙනිස් ජයග්‍රහණ රැසක් අම්පාර දිස්ත්‍රික් දුවා දරුවන් හිමිකරගෙන ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ මෙහෙවරට උපහාරයක් වශයෙනි.

ජාතික මට්ටමේ තරඟාවලි දෙකක් දැනට මෙම ටෙනිස් ක්‍රීඩා සංකීර්ණය තුල පවත්වා ඇති අතර‍, ඈත දුරබැහැර වලින් තරඟාවලි වෙත පැමි⁣ණෙන ජනතාව හේතුවෙන් අම්පාරේ ආර්ථිකයටද ඉදිරියේදී සුවිශාල මෙහෙයක් ඉටුවනු නොඅනුමානය.
මෑතකාලීනව මෙතරම් අම්පාරට මෙහෙවරක් ඉටුකරන ලද රාජ්‍ය නිලධාරියෙක් නොසිටි අතර‍, එතුමාට උපහාරයක් වශයෙන් ටෙනිස් ක්‍රීඩා සංකීර්ණය දමයන්ත විජය ශ්‍රී ටෙනිස් ක්‍රීඩා සංකීර්ණය වශයෙන් නම් කිරීමට අම්පාර දිස්ත්‍රීක් ටෙනිස් සංගමය විසින් කටයුතු සිදුකරන ලදී.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති දූරයෙන් ස්ථාන මාරුවීම් ලබා පිටවයන දමයන්ත විජය ශ්‍රී මැතිතුමනි ඔබතුමාට සුබ ගමන්.
🙏🙏🙏🙏

13/09/2024

Address

DIG Office, Dharmapala Road
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Ampara DIG Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share