ජොයින්ට් - JOINT

ජොයින්ට් - JOINT හුදෙක් විනොදාස්වාදය සදහා පමනී.�

උදව් කරමු❤
17/01/2022

උදව් කරමු❤

"අපි ලබන 26, ඒ කියන්නෙ ලබන සතියෙ බදාදා ආයෙමත් කවුඩාගල යනවා FYFA එකේ අයියලා අක්කලා එක්ක තවත් පොඩ්ඩො 50 දෙනෙක්ට තෑගි දෙන්න."

ඕක තමා අපේ අදහස☝️

ඉතින් කලින් වාරෙ වගේම අපිට ඔයාගෙ උදව්වක් ඕනෙ. 🤕
මොකද අපිට අඩු පාඩු පාසල් උපකරණ ටිකක් තියෙනවා ඉක්මනින් එකතු කරගන්න.

අපිට අවශ්‍ය දේවල්:-
• Atlas කහ පාට HB පැන්සල් 100
• පැන්සල් පර්ස් 50 ( මේක නම් අපි එක වගේම ගන්න ඕන. මොකද එයාලගෙ හිත හරි සංවේදියි. අරයට මෙහෙම එකක් මට මෙහෙම එකක් කියලා එදාට එයාලට කියන්න බැරි වෙන්න ඕන. ඒ නිසා අපිට ඔක්කොම පර්ස් එකම තැනකින් එකම විදියකට ගන්න ඕන. ඔයාලගෙ මුදල් ආධාර තමා අපි මේකට නම් බලාපොරොත්තු වෙන්නෙ)

ඉතින් යාලුවනේ,
ඔයාලට පුලුවන් පුංචිම උදව්ව පවා මේ පොඩ්ඩොන්ට මහ මෙරක්. එයාලගෙ අනාගතය වෙනුවෙන් අපිට පුංචිම පුංචි හයියක් වෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්.

ඔයාලට පුලුවන් උපරිම දේ අපිත් එක්ක එකතු වෙලා ඒ පොඩ්ඩොන්ට කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාට මේ අවස්ථාවේ උදව් කරන්න බැරි නම්,
ඔයාගෙ යාලුවොන්ව හරි දැනුවත් කරන්න මෙහෙම දෙයක් වෙනවා. ඉතින් පුලුවන් නම් පුංචි උදව්වක් හරි කරන්න කියලා.🙏

වැඩි විස්තර දැනහැනීමට අවශ්‍ය නම් පහත Link එකෙන් group එකට join වෙන්න.
නැතිනම් Inbox මගින් විමසන්න.

https://chat.whatsapp.com/Df79rGEMxSi9hbpFxWV9xQ

07/01/2022

අලුතින් හිතන සෙට් එකක් අලුතින් පටන් ගත්ත වැඩක්,
Page එකට like එකක් දාලා support එකක් දෙමු❤
ආතල් දෙන සමාජයේ මෙහෙම උන් පහළවෙන එක වාසනාවක්.

කරන්නෙ සමාජ සේවය😍
දැනටමත් එක වැඩක් සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි.
ඉතින් එයාලගෙ page එක හදාගන්න උදව්වක් දෙන්න.
ඊට අමතරව පුලුවන් නම් එයාලගෙ ඉදිරි වැඩ වලට උදව්වක් දෙන්න.
ගොඩක් පිං

වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන 7 ක දුශ්කර පාසල් වල, පාසල් ළමයින් 100 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම සිදු කරනවා *ලසා* සමඟ එක...
29/12/2021

වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන 7 ක දුශ්කර පාසල් වල, පාසල් ළමයින් 100 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම සිදු කරනවා *ලසා* සමඟ එකතුවෙලා. *ලසා* ගෙ මේ උතුම් කටයුත්තට උපකාරයක් විදිහට අපි තවමත් හිඟ සපත්තු ජෝඩු 75 ක් පරිත්‍යාග කිරීම සිදු කරනවා. මේ සඳහා අපේ මිතුරන් මේ දිනවල සුළු මුදලකින් හෝ දායකත්වය සැපයිය හැකි පිරිස් වෙත පැමිණෙනවා.

පරිත්‍යාගය සිදුවන්නෙ මෙහෙමයි.
අපි සපත්තු ජෝඩු 75 ක් සඳහා රුපියල් 1500 ක වවුචර් ඒ ළමයින්ට ලබා දෙනවා. ඒ ළමයින් අවශ්‍ය ප්‍රමාණයේ සපත්තු අදාළ ආයතනයෙන් ලබාගන්නවා. ඔයාට පුළුවන් වවුචරයකට අවශ්‍ය රුපියල් 1500 හෝ තමන්ට හැකි මුදල් ප්‍රමාණයක් (රුපියල් 100 ක් හෝ) ලබා දී පොඩි ළමයින්ට සපත්තු ජෝඩුවක් අරං දෙන්න දායක වෙන්න.

මේ ගැන විස්තර ඔයාලට *ලසා* පේජ් එකෙන් ෆේස්බුක් එකේ බලාගන්නත් පුළුවන්.

ඉතිං අපි මේ පරිත්‍යාගයට දායක වෙන්නෙ අපේම මිතුරන් එකතුවෙලා හදාගත්තු කණ්ඩායමක් එක්ක.
ඔයාලට පුළුවන් අපේ *Help Hand to Heart* කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න

https://chat.whatsapp.com/Df79rGEMxSi9hbpFxWV9xQ ( *HELP HAND TO HEART*)

කොහොමද දායක වෙන්නෙ කාටද මුදල් දෙන්නෙ වගේ වැඩි විස්තර ඔයාලට ගෘප් එකට එකතුවෙලා දැනගන්න පුළුවන්.

අපි මේ පරිත්‍යාගය ජනවාරි 1 නි දා සිදු කරනවා.

https://www.facebook.com/374775003119972/posts/960020604595406/ ( *ලසා* )

පහතින් තියෙන්නෙ ෆේස්බුක් එකේ තියෙන විස්තරය.
***************************
පොඩ්ඩො 100 ට තෑගි දෙන්න මට උදව් කරපං ❤️

කවුඩාගල වැලිකන්ද අපි හදන වනන්තරේ අවට ගම් කීපයක දුශ්කරම දුප්පත්ම පොඩ්ඩො 100ක් තෝරගෙන අපි මේ තෑගි උපකරන බෙදල දෙනව ජනවාරි 02 ඉරිද

ඒකෙදි අපි තෑගි උපකරන වලට අමතරව රෝද පුටු තුනක් ලබා දෙනව,වගේම ආබාධිත ලමයෙක් ඉන්න දිළිඳුම නිවසකට ගෙයක් හදන්න අත්තිවාරම දාන එකත් කරනව.

අපි මේ සේරම කරන්නෙ වනන්තරේ පැලත් හිටවන අතරෙ.මොකද මතකද අපි කිව්ව වනන්තරෙත් එක මේ අවට මිනිස්සුන්ගෙ ජීවිතත් අපි අඟලක් හරි එලිය කරනව කියල

ඉතින් අපිට උදව් කරපං මේ ලිස්ට් එක ගන්න 👇

තනිරූල් පොත් පිටු 120 - 1000
කොටු රූල් පොත් පිටු 120 - 1000
බෑග් - 100
වතුර බෝතල් - 100
කුඩ - 100
කෑම පෙට්ටි 100
පාට පෙට්ටි 100
පැන්සල් - 1000
මැටි කැට 100
සපත්තු ජෝඩු 100

ජංගම දුරකථන - 10
රෝද පුටු 3 යි
වතුරෆිල්ටර් - 10

ඒ එක්කම නිවස හදන්න එදාට තමයි මුල් ගල තියල අත්තිවාරම දාන්නෙ.ඒ විස්තර පසුව දැනුම් දෙන්නම්

ඒ එක්කම ක්‍රීඩා උපකරන කට්ටල දෙකක් දෙනව ගමේ ඉන්න කොල්ලො කෙල්ලන්ට එකට එකතුවෙලා සෙල්ලම් කරන්න.මොකද කැලේ ගිනිගද්දිත් එයාල.ඒ ගින්න නිමුව මතකද ❤️

ඒකෙදි

බැට් 06 ක්
විකට් 12ක්
බෝල ටින් 10 ක්
වොලිබෝල් නෙට් 2ක්
වොලිබෝල් 4 ක් අපි එකතු කරගන්න ඕනි ( #මේ_ටික_එකතු_උනා )

ඉතින් 2022 ජනවාරි 2 කරන්න ඉන්න මේ වැඩසටහනෙ අපේ භාන්ඩ ලිස්ට් එක තමයි ඒ.ඉතින් අපිට මේක තනියම කරන්න බෑ.උඹලගෙත් සහය අනිවාර්යයෙන්ම ඕනි සහ ලැබෙනව කියල මම දන්නව 😌

සැ යු - අපි මේකෙදි එකවුන්ට් නම්බර් එකක් දාන්නෙ නෑ.මොකද අපි ලියාපදිංචි තරුන සංවිධනයක්.අපි ආයතනයක් විදියට විගනනය වෙන නිසා,අපි දැනගන්න ඕනි අපිට භාන්ඩ සහ මුදල් ලබා දෙන්නෙ කවුද කියල.එතකොට අපි එක්ක කතා කරල ඒ වෙලාවෙ පවතින අඩුපාඩු බලල අපිට ඒ අඩුපාඩු ප්‍රදානය කරන්න

මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නත් පුළුවන්.උදව් කරන්නත්,සම්බන්ධ වෙන්නත් පහත ක්‍රම වලට අපි එක්ක සම්බන්ධ වෙන්න

වැඩි විස්තර - 0762500005 ( ලසා )
ඊමේල් - [email protected]
( පේජ් එක්ට මැසේජ් එකක් දාලත් අහන්න පුළුවන් )

තෙරුවන් සරනයි ❤️

---------------------------
With ලසා 🔥

19/10/2021

අප සහෝදර අංජිත ගයාශාන් මෙලොවින් සමුගෙන 2021/12/12 වන දිනට වසර 03ක් පිරීම හේතුකොටගෙන #අංජිත_ගයාශාන්_මිතුරු_සංසඳය විසින් ලේ දං දීමේ පිංකමක් සංවිධානය කර ඇත. 2021 නොවැම්බර් 06 සෙනසුරාදා පෙ.ව.9.00 සිට 4.00 දක්වා කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අංජිත ගයාශාන් මිතුරු සංසදය සිදුකරන මෙම අගනා මානූෂීය ව්‍යාපෘතියට
එන්න ඔබත් එක්වන්න...
🔷 (මනුෂ්‍යත්වය සොයන මිනිසුන් උදෙසා)

05/09/2021

Address

පොලොන්නරුව
පොලොන්නරුව

Telephone

+94701442879

Website

Alerts

Be the first to know and let us send you an email when ජොයින්ට් - JOINT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category