28/02/2016
යහපාලනය සඳහා ප්‍රංශයේ ක්‍රියාකාරී ශ්‍රී ලාංකික දේශපාන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් ස්ථාපිත කල "පැරිස් එකමුතුව" විසුරුවා හැරීමෙන් පසු එකී දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් ශ්‍රී ලාංකීය ඒකීයභාවයට සහ යහපාලනයට වර්තමානයේ විදේශගත අන්තවාදීන්ගෙන් ඇතිවී ඇති තර්ජනයන්ට මුහුණ දිමට "ප්‍රංශ - ශ්‍රී ලංකා සන්ධානය" නමින් නවතම සන්ධානයක් 2016 පෙබරවාරි 27 සෙනසුරාදා පැරිසියේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රසිරි චන්ද්‍රසේකර මහතාගේ නිවසේදී පැවති හමුව අවසානයේදී පිහිටුවාගන්නා ලදි.
එහිදී පත්වූ විධායක සභාවට ඩේමියන් පීරිස් මහතා (සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය ), නාලක දේවේන්ද්‍රන් මහතා (සභාපති එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), රොහාන් දයාදර මහතා (සභාපති එක්සත් ජාතික පක්ෂය - ශාඛාව ), සුදත් පීරිස් මහතා (ජාතික හෙල උරුමය ), සුනිල් හෙට්ටිආරච්චි මහතා (ජාතික හෙල උරුමය), නිහාල් මැණික්බෝව මහතා (සභාපති ප්රජාතන්ත්රවාදී පක්ෂය - පැරිස් ශාඛාව ), රණවි බණ්ඩාර මහතා, ජසින්තා බණ්ඩාර මහත්මිය, ප්‍රීති කුරේ මහතා, රෙක්ස් හෙට්ටිආරච්චි මහතා (භාණ්ඩාගාරික එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය), වසන්ත ලොකුපතිරගේ මහතා (ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය), තිලින රණසිංහ (ලේකම් එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ) චමින්ද රාමණායක මහතා(සභාපති ප්‍රංශ ලංකා සංවිධානය ), ලාල් රාජපක්ෂ මහතා (භාණ්ඩාගාරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය), සුමිත් විතානගේ මහතා(උප සභාපති එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), සාලිය කොටිගලගේ මහතා (උප සභාපති එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය), චන්ද්‍රසිරි චන්ද්‍රසේකර මහතා(උප ලේකම් එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), ඩොමිනික් නමසිවායම් මහතා (ජ්‍යෙෂ්ඨ උප සභාපති එක්සත් ජාතික පක්ෂය - ශාඛාව ), අජිත් පෙරේරා මහතා (සාමාජික ලෙකම් එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), සුනිල් ආනන්ද මහතා(මාධ්යයවේදී), ඇන්සලම් ලියනගේ මහතා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය), (සුනිල් අතතනායක මහතා, වර්නි තිලකරත්න මහතා, ෆාරුක් බබානූර් මහතා, සමන් මහදුරගේ මහතා, අරුණ ශාන්ත මහතා තේරී පත්විය.
මෙම සන්ධානයේ සභාපති ලෙස රණව් බණ්ඩාර මහතා, ලේකම් ලෙස නාලක දේවේන්ද්‍රන් මහතා, භාණ්ඩාගාරික ලෙස ලාල් රාජපක්ෂ මහතා සහ ප්‍රධාන සංවිධායක ලෙස සුනිල් අත්තනායක මහත්වරුන් තේරී පත්විය.
මාධ්‍යය කමිටුවට නාලක දේවේන්ද්‍රන් මහතා, ප්‍රීති කුරේ මහතා, සුමිත් විතානගේ මහතා, සුනිල් ආනන්ද මහතා, සුනිල් අත්තනායක මහතා සහ අජිත් පෙරේරා මහත්වරුන් තේරී පත්විය.
ආරම්භක සාමාජිකයින් ලෙස ප්‍රංශයේ ප්‍රසිද්ධ සමාජ සේවක සහ විසුරුවා හැරි පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි අල්විස් මහතා, ආමන්ද දිසානායක මහතා සහ සුහන්ත රත්නායක මහතා එකතුවිය.